පසුගිය මාස පහක කාලයේ දී එක් යානයක් අතුරුදන්ව තවත් යානයක් කඩා වැටීමෙන් විනාශවීම හේතුවෙන් සිදුවූ අපකීර්තිය මකා ගැනීමට තම ගුවන් සමාගමේ නම වෙනස්කැර ගුවන් ගමන් මාර්ග ද නැවත සකස් කිරීමට තීරණය කැර ඇතැයි මලයාසියා ගුවන් සේවය පවසයි. ඔවුන් පවසන්නේ තම වෙළඳ ප්‍රතිපත්ති යළි සකස්කරන බවයි.
මලයාසියා ධජය ලාංඡනය කරගනිමින් ක්‍රියාත්මක මෙම ගුවන් සේවය සඳහා නව ආයෝජකයෙක් සොයා ගැනීමට ද මලයාසියා බලධාරීහු පියවර ගනිමින් සිටිති. මලයාසියා ගුවන් සේවය දිනකට මගීන් 50,000 ක් පමණ ප්‍රවාහනය කරන අතර එහි සේවක සේවිකාවන් 20000 ක් පමණ සේවය කරති. සමාගමේ වැඩිම කොටස් මලයාසියා රජය සතුව ඇත.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැඩියෙන් ලන්සුවක් දීල මිහින් එයාර් එකට යානා ටික ගත්තනම් හරි.යානා ටිකට මුකුත් වෙන එකක් නැහැ ගමන් යන්නේ නැති නිසා. මත්තල ෂෝක් එකට පාර්ක් කරලා තියන්න පුළුවන්. (අ)
සරත් එහෙනම් ඉතින් අබ සරණයි (නදී)
නම වෙනස් කරා කියල වෙච්චර වැරැද්ද වහගන්න බැහැ නේද? (නදී)
අපේ රටේ වගේ මලයාසියාවේ විෂය භාර ඇමති තුමා මේ අනතුරු වලින් පස්සේ ඉල්ලලා අස් උනේ නැද්ද ? (නදී)
ප්‍රශ්න වුණාට මලයාසියා ගුවන් සේවය ගොඩක් හොඳ සේවාවක් (අ)
ශ්‍රී-ලංකන් එකට මෙහි අයිතිය ලබා ගංඩ බැයිද? සෑහෙන රක්ෂා ගණනක් ලාංකිකයින්ට දෙන්ඩ පුළුවන්. (නදී)
අපේ රටේ මැති ඇමතිවරු එහෙම අස් වුනාට වෙන රටවල කිසිම කෙනෙක් අස්වෙන්න හිතන්නෙවත් නැහැ (නදී)
හැම දෙයක්ම ටිකකලකින් හැමෝටම අමතක වෙනවා, මේක තමයි වත්මන් ලෝකේ හැටි, (අ)
හරි හමන් මුල්‍ය පරිපාලනයවත් නැතිව කොහොමද මේ වගේ දැවැන්ත ගුවන් සමාගමක අයිතිය හා පරිපාලනය දරන්නේ. අන්න පාඩුව ඉහල නංවන්න නම් දෙයියෝ (නදී)
හිස රදේට කොට්ට මාරු කිරීම. (අ)
නදී ඔයාට වෙන වැඩක් නැද්ද ඔයා හිතන්නේ ඔයා හරි දැනමුතු කම් තියන කෙනෙක් කියලද? හිතල කරපු වැරදී නෙවෙයි නේ ඒවා හදා ගන්නපුළුවන්. (අ)
ඔලුව කැක්කුමට කොට්ටය මාරුකළා වගෙයිනේ (නි)
මමත් ඔස්ට්‍රලියාවේ ඉඳල ආවේ මැලේසිය ප්ලේන් එකක . හපොයි කියල හිතුනා.. අන්තිම චාටර් සර්විස් එක ... අඩුම ගානේ ටවල් එක වත් දුන්නේ නැහැ .. (අ)
පව් අනේ ..නමවත් වෙනස් කරලා බලමු අපලේ හරි යයිද කියලා (නි)
අනේ නැහැ මමත් ආවා. කියනතරම් නරක නැහැ හොද ගුවන් සේවයක් (නදී)
ඒක නම් හොඳයි (නි)
මිහින් ලංකා එකත් එක්ක සම්බන්ධ වුණොත් මොකද? (නි)
කතාවක් තියෙනවා කැළේ වෙනස් වුණාට කොටියාගේ පුල්ලි වෙනස් වන්නේ නැහැ කියලා. නම සහ ලාංඡනය වෙනස් කළාට වැඩක් වෙයිද? පාලනයද වෙනස් වෙනස් විය යුතුයි. අපේ ශ්‍රී ලන්කන් සේවයටත් මේවා හොඳ පාඩම් (නි)
මෙය අතිශය මානුෂිය සාධකයකි.යළි නැඟිටීමට උත්සාහ කිරීම ව්‍යාපාරිකයින්ටද පොදු දෙයකි (නි)