IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


මලයාසියා කළු පෙට්ටියෙන් තොරතුරු නෑ

යුක්රේනයේ රුසියා දේශසීමාවේ දී මිසයිල ප්‍රහාරයකට ලක්වූ එම්.එච්.17 මලයාසියා යානයේ කළු පෙට්ටිය පරීක්ෂා කළ ද ඉන් කිසිදු විශේෂ තොරතුරක් අනාවරණය නොවූ බව බලධාරීන් පවසයි. ප්‍රංශ රජය පවසන්නේ කඩාවැටුණු ඇල්ජීරියා යානයේ කළු පෙට්ටිය හමුවූ බැවින් යානයට සිදුවූ අනතුර පිළිබඳ තොරතුරු ඉක්මණින් සොයාගැනීමට හැකිවනු ඇති බවයි.  යානය දුහුවිලි කුණාටුවක් සමග අකුණු වැදීමෙන් අනතුරට පත්වන්නට ඇතැයි සැකයක් පවතී. විදෙස් මාධ්‍ය පවසන්නේ බර්කිනාෆාසෝ දේශසීමාවට කිලෝ මීටර 32ක් ඈතින් මාලි රාජ්‍යෙය් බවුලික්කෙස්සි ගම්මානයේ සුන්බුන් හමුවන බවයි. ඒ සුන්බුන් සියල්ල දැවී විනාශ වී ඇතැයි ද මළ සිරුරු කිසිවක් මෙතෙක් සොයාගත නොහැකි වී ඇතැයි ද මාධ්‍ය වාර්තා කරයි.

 



අදහස් (0)

මලයාසියා කළු පෙට්ටියෙන් තොරතුරු නෑ

සුනිල් Friday, 25 July 2014 01:11 PM

මලයාසියානු කළු පෙට්ටිය ගැන අපි ඔය දේම තමා හිතුවේ. රුසියන් කාරයන්ට ඕක හමු වීමත් බොහොම සද්බාවයක් පෙන්නුම් කරලා ලෝකෙටම පෙනෙන්න එක බාර දීමත් දැක්කම අපිට ඔය දේම හිතුනා (නදී)

:       0       0

පාරා Friday, 25 July 2014 01:28 PM

එහෙම කරලා තියෙන්නේ අැමරිකාවට රිදෙන්න. ලංකාව හරහා ගියා නම් ලගයි ආරක්ෂාවයි. (නදී)

:       0       0

මංගල Friday, 25 July 2014 01:37 PM

සුනිල්ට වෙන මොනවත්ම හිතුනෙ නැද්ද. මට නම් පේන්නෙ හිතිලා වැඩියි වගේ. එකක් මතක තියාගන්න රැසියාව නැත්නම් මේ ලෝකෙ තියෙන ලංකාව වගේ රටවල් වලට දෙයියන්ගෙම පිහිට තමා. ඒ පිහිටත් ෂුවර් නැහැ (නදී)

:       0       0

වීරසිංහ Saturday, 26 July 2014 09:29 AM

දෙවියන්ටත් වඩා රුසියාව ලොකු කරලා කතා කරන කෙනා වගේ කෙනක්ද? (නදී)

:       0       0

ජගත් Friday, 25 July 2014 02:40 PM

මංගල ඔබ හරියට හරි (නදී)

:       0       0

ලලිත් Friday, 25 July 2014 03:06 PM

රුසියාව තිබුනත් නැතත් දැන් නම් ලංකාවට දෙවියන්ගේම පිහිට තමයි මංගල. (නදී)

:       0       0

ලුනෝ Friday, 25 July 2014 03:06 PM

පෙට්ටිය හොඳට තිබුනනේ කැඩෙන්නේ නැතුව. පිටින් හොඳට තිබුනට ඇතුලේ සේරම අරන් වගේ. පුටින් වැඩ කාරයනේ. (නදී)

:       0       0

නිමල් Friday, 25 July 2014 04:17 PM

සුනිල්ගේ මේ දවස් වල රස්නේ නිසා මොලේ ටිකක් කරවෙලා. එ්ක හින්ද තමා ඔය ඇමරිකන් කාරයට පැන පැන දෙන්න හදන්නේ. (නදී)

:       0       0

නිලංකා Friday, 25 July 2014 08:13 PM

සුනිල් වගේ කට්ටියගේ දැනුම ගැන ගොඩක් දුක හිතෙනවා. (නදී)

:       0       0

රිචි බාලසුරිය Friday, 25 July 2014 09:40 PM

සමහරු රුසියාවට කඩේ යනවා , සමහරු බටහිර රටවලට කඩේ යනවා . කෙසේ වෙතත් ලෝකයේ බලය එකම පැත්තකට නොයන්න රුසියාවත් චීනයත් අතීතයේත් අදත් කරන සේවය නිසා 3 වන ලෝකයේ රටවල අපිට දනින් නොවැටී ඉන්න හැකියාවක් ලැබී තිබෙනවා (නදී)

:       0       0

සෑම් Friday, 25 July 2014 10:16 PM

මේ ප්‍රවෘත්තියට දාලා තියන කොමන්ට් හැම එකකින්ම වගේ කියවෙලා තියෙන්නේ මේ කළු පෙට්ටිය බාර දෙන්න පෙර තොරතුරු මකා දමා ඇති ලෙසටයි. මේක ෆ්ලයිට් ඩාටා රෙකෝඩර් එක වියයුතුයි. එහි කිසිම විශේෂ තොරතුරක් නැහැ කියන්නේ ගුවන් යානයේ සියලුම අංගෝපාංග හොඳින් ක්‍රියාකරමින් තිබුන බවයි. එකවර සිදුවන පිපුරමකදී මේකේ පටිගතවීම නතර වෙලා ඇති. කොක්පිට් වොයිස් රෙකෝඩර් එකෙන් මීට වැඩි යමක් සොයාගත හැකිවේවි. (නදී)

:       0       0

සාලිය Friday, 25 July 2014 10:31 PM

ඒක හරියටම හරි. රුසියාව එකට තියෙන දවස් වල ඇමෙරිකාවට ඕන විදියට දේවල් කරන්න බැරි වුනා. (නදී)

:       0       0

කරු Friday, 25 July 2014 10:59 PM

ලලිත්ගේ වයස අවුරුදු පහට අඩුද? නැත්නම් මැරිලා ඉපදිලද? 2009 ට පෙර හා පසු කාල දිහා බලන කොට ඔහොම හිතෙන්න නම් අඳ බාලයෙක්ම වෙන්න ඕන. (නදී)

:       0       0

ලුම්බිණි Saturday, 26 July 2014 12:57 AM

මැලේසියන් ගුවන්යානය රුසියාව උදව් කරන බෙදුම් වාදීන් වෙඩි තියල බිම දැම්ම එකටත් එහෙනම් ඇමෙරිකාව වග කියන්න ඕනා. ලංකාවේ දෙමල බෙදුම්වාදීන් මේ වගේම දේවල් කරපු බව මේ පොඩ්ඩට අමතක වීම පුදුමයි. (නදී)

:       0       0

චන්ද්‍රරත්න ජී Saturday, 26 July 2014 02:28 PM

කොහොමත් ඇමෙරිකාවේ හීනෙන් පදිංචිවෙලා ඉන්න අයට රුසියානු භීතිකාව තියනවා. (නදී)

:       0       0

ලලිත් Saturday, 26 July 2014 11:53 PM

කරු මහත්තයෝ අවුරුදු පහට වැඩි අයට විතරක් පෙනෙන වෙනස ගැන හැමදාම පම්පෝරි ගැහැව්වට වැඩක් නැහැ. පහට අඩු අයටත් වෙනසක් පෙනෙන්න ඕනේ. අවුරුදු තිහක් තුල ලබාගැනීමට නොලැබුණු වෙනස ඉදිරි අවුරුදු පහක් දහයක් ඇතුලත ලබාගන්න පසුගිය අවුරුදු පහේ පෙන්නපු වෙනසට අනුව නම් බැරිවෙන බව ඔය කියන ඕනෑම අඳ බාලයෙකුට වැටහෙනවා.(නදී)

:       0       0

සංජීව Saturday, 26 July 2014 08:21 AM

ඕක ඇල්ජීරියා යානයේ කළු පෙට්ටිය. මලයාසියා යානයේ විස්තරය කෝ (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 359 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 214 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site