යුක්රේනයේ රුසියා දේශසීමාවේ දී මිසයිල ප්‍රහාරයකට ලක්වූ එම්.එච්.17 මලයාසියා යානයේ කළු පෙට්ටිය පරීක්ෂා කළ ද ඉන් කිසිදු විශේෂ තොරතුරක් අනාවරණය නොවූ බව බලධාරීන් පවසයි. ප්‍රංශ රජය පවසන්නේ කඩාවැටුණු ඇල්ජීරියා යානයේ කළු පෙට්ටිය හමුවූ බැවින් යානයට සිදුවූ අනතුර පිළිබඳ තොරතුරු ඉක්මණින් සොයාගැනීමට හැකිවනු ඇති බවයි. යානය දුහුවිලි කුණාටුවක් සමග අකුණු වැදීමෙන් අනතුරට පත්වන්නට ඇතැයි සැකයක් පවතී. විදෙස් මාධ්‍ය පවසන්නේ බර්කිනාෆාසෝ දේශසීමාවට කිලෝ මීටර 32ක් ඈතින් මාලි රාජ්‍යෙය් බවුලික්කෙස්සි ගම්මානයේ සුන්බුන් හමුවන බවයි. ඒ සුන්බුන් සියල්ල දැවී විනාශ වී ඇතැයි ද මළ සිරුරු කිසිවක් මෙතෙක් සොයාගත නොහැකි වී ඇතැයි ද මාධ්‍ය වාර්තා කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මලයාසියානු කළු පෙට්ටිය ගැන අපි ඔය දේම තමා හිතුවේ. රුසියන් කාරයන්ට ඕක හමු වීමත් බොහොම සද්බාවයක් පෙන්නුම් කරලා ලෝකෙටම පෙනෙන්න එක බාර දීමත් දැක්කම අපිට ඔය දේම හිතුනා (නදී)
එහෙම කරලා තියෙන්නේ අැමරිකාවට රිදෙන්න. ලංකාව හරහා ගියා නම් ලගයි ආරක්ෂාවයි. (නදී)
සුනිල්ට වෙන මොනවත්ම හිතුනෙ නැද්ද. මට නම් පේන්නෙ හිතිලා වැඩියි වගේ. එකක් මතක තියාගන්න රැසියාව නැත්නම් මේ ලෝකෙ තියෙන ලංකාව වගේ රටවල් වලට දෙයියන්ගෙම පිහිට තමා. ඒ පිහිටත් ෂුවර් නැහැ (නදී)
දෙවියන්ටත් වඩා රුසියාව ලොකු කරලා කතා කරන කෙනා වගේ කෙනක්ද? (නදී)
මංගල ඔබ හරියට හරි (නදී)
රුසියාව තිබුනත් නැතත් දැන් නම් ලංකාවට දෙවියන්ගේම පිහිට තමයි මංගල. (නදී)
පෙට්ටිය හොඳට තිබුනනේ කැඩෙන්නේ නැතුව. පිටින් හොඳට තිබුනට ඇතුලේ සේරම අරන් වගේ. පුටින් වැඩ කාරයනේ. (නදී)
සුනිල්ගේ මේ දවස් වල රස්නේ නිසා මොලේ ටිකක් කරවෙලා. එ්ක හින්ද තමා ඔය ඇමරිකන් කාරයට පැන පැන දෙන්න හදන්නේ. (නදී)
සුනිල් වගේ කට්ටියගේ දැනුම ගැන ගොඩක් දුක හිතෙනවා. (නදී)
සමහරු රුසියාවට කඩේ යනවා , සමහරු බටහිර රටවලට කඩේ යනවා . කෙසේ වෙතත් ලෝකයේ බලය එකම පැත්තකට නොයන්න රුසියාවත් චීනයත් අතීතයේත් අදත් කරන සේවය නිසා 3 වන ලෝකයේ රටවල අපිට දනින් නොවැටී ඉන්න හැකියාවක් ලැබී තිබෙනවා (නදී)
මේ ප්‍රවෘත්තියට දාලා තියන කොමන්ට් හැම එකකින්ම වගේ කියවෙලා තියෙන්නේ මේ කළු පෙට්ටිය බාර දෙන්න පෙර තොරතුරු මකා දමා ඇති ලෙසටයි. මේක ෆ්ලයිට් ඩාටා රෙකෝඩර් එක වියයුතුයි. එහි කිසිම විශේෂ තොරතුරක් නැහැ කියන්නේ ගුවන් යානයේ සියලුම අංගෝපාංග හොඳින් ක්‍රියාකරමින් තිබුන බවයි. එකවර සිදුවන පිපුරමකදී මේකේ පටිගතවීම නතර වෙලා ඇති. කොක්පිට් වොයිස් රෙකෝඩර් එකෙන් මීට වැඩි යමක් සොයාගත හැකිවේවි. (නදී)
ඒක හරියටම හරි. රුසියාව එකට තියෙන දවස් වල ඇමෙරිකාවට ඕන විදියට දේවල් කරන්න බැරි වුනා. (නදී)
ලලිත්ගේ වයස අවුරුදු පහට අඩුද? නැත්නම් මැරිලා ඉපදිලද? 2009 ට පෙර හා පසු කාල දිහා බලන කොට ඔහොම හිතෙන්න නම් අඳ බාලයෙක්ම වෙන්න ඕන. (නදී)
මැලේසියන් ගුවන්යානය රුසියාව උදව් කරන බෙදුම් වාදීන් වෙඩි තියල බිම දැම්ම එකටත් එහෙනම් ඇමෙරිකාව වග කියන්න ඕනා. ලංකාවේ දෙමල බෙදුම්වාදීන් මේ වගේම දේවල් කරපු බව මේ පොඩ්ඩට අමතක වීම පුදුමයි. (නදී)
කොහොමත් ඇමෙරිකාවේ හීනෙන් පදිංචිවෙලා ඉන්න අයට රුසියානු භීතිකාව තියනවා. (නදී)
කරු මහත්තයෝ අවුරුදු පහට වැඩි අයට විතරක් පෙනෙන වෙනස ගැන හැමදාම පම්පෝරි ගැහැව්වට වැඩක් නැහැ. පහට අඩු අයටත් වෙනසක් පෙනෙන්න ඕනේ. අවුරුදු තිහක් තුල ලබාගැනීමට නොලැබුණු වෙනස ඉදිරි අවුරුදු පහක් දහයක් ඇතුලත ලබාගන්න පසුගිය අවුරුදු පහේ පෙන්නපු වෙනසට අනුව නම් බැරිවෙන බව ඔය කියන ඕනෑම අඳ බාලයෙකුට වැටහෙනවා.(නදී)
ඕක ඇල්ජීරියා යානයේ කළු පෙට්ටිය. මලයාසියා යානයේ විස්තරය කෝ (නදී)