එක්සත් රාජධානිය කේන්ද්‍ර කරගෙන ලොව රටවල් එකසිය දහයක් පුරා ප්‍රචලිත සී අයි එස් අයි ආයතනය පැවැත්වු ජාත්‍යන්තර තලයේ විභාගයකින් ප්‍රථම ස්ථානය හිමි කැර ගැනීමට ශ්‍රී ලාංකික ශිෂ්‍යාවක් සමත් වුවාය.
ඇය කොළඹ විශාඛා විදුහලේ දුල්මිණි සත්‍යා ධර්මපාලයි.
සී අයි එස් අසියා බැංකුකරණය මුල්‍ය පාලනය හා ආයෝජනය යන විෂය උගන්වන ආයතනයකි.
දුල්මිණි ධර්මපාල ප්‍රථම ස්ථානය හිමි කැරගෙන ඇත්තේ සී අයි එස් අයි ආයතනයෙන් පැවැත්වු අවදානම් මුල්‍ය තීරණ ගැනීමේ ඩිප්ලෝමා පරීක්ෂණයේ ප්‍රථම අදියරයි.
මෙම පරීක්ෂයට පෙනී සිටි ලොව පුරා දහස් සංඛ්‍යාත අපේක්ෂයින් අතුරින් ප්‍රථම ස්ථානය හිමි කැර ගැනීම වෙනුවෙන් 2015 වසරේ පැවැත්වෙන එම විභාගයේ ඩිප්ලෝමාව සම්පුර්ණ කර ගැනීම වෙනුවෙන් පුර්ණ ශිෂ්‍යත්වයක් සී අයි එස් අයි ආයතනය ඇයට පිරිනමා ඇත.
අපොස උසස් පෙළ විභාගයෙන් උසස් ලෙස සමත් වුවද විශ්ව විද්‍යාලයට පිවිසීමේ වරම් නොලද බැවින් ජාත්‍යන්තරව පිළිගත් වෘත්තිය සුදුසුකමක් ලබා ගැනීමේ අරමුණින් ඇය සී අයි එස් අයි ආයතනයේ ඩිප්ලෝමා විභාගයට පෙනී සිටීම සඳහා අධ්‍යාපනය ලබාගෙන ඇත්තේ ශ්‍රී ලංකා බී පී ඕ ඇකඩමියෙනි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතා විශිෂ්ඨයි. (ස)
මූල්‍ය පාලනය හෙවත් ඉංග්‍රීසියෙන් Financial Planning/Paraplanning යනුවෙන් හඳුන්වන මෙම විෂය අද දියුණු රටවල් බොහොමයක් තමන්ගේ ආයෝජන සහ රක්ෂණ ක්ෂේස්ත්‍රය තුල වුර්තිකයන් බිහිකරන ඉතා සාර්ථක වැඩි ඉල්ලුමක් සහිත පාඨමාලාවක්. මා ජීවත්වන ඕස්ට්‍රේලියාවේ මෙම සුදුසුකම සහිත සාමාන්‍ය පළපුරුදු වුර්තිකයෙකුට ඩොලර් ලක්ෂයකට වඩා වැඩි වැටුපක් හිමි වේ. මේ නිසා ශ්‍රී ලංකාවේ අධ්‍යාපන බලධාරීන් ද මෙවන් පාඨමාලා අප රටේ අරම්භකිරීමට ඉතාමත් සුදුසු කාලයකි.(ස)
මගේ සුබ පැතුම්. ශ්‍රී ලංකාවේ උසස් පෙළ වාණිජ විෂය ධාරාව ඉතාම විශිෂ්ඨයි. මම කියන්නේ අතිශෝක්තියකින් නෙවේ එම විෂය ධාරාව බටහිර රටවල කළමනාකරණ උපාධියක දෙවන වසර දක්වා වූ විෂය කොටස් ඇතුලත්ව තිබෙනවා. ලංකාවේ සිසුන් ට ඉතා පහසුවෙන් සි අය් එස් අය් , CIMA , ACCA , CFA වැනි ලොවම පිළිගත් ගෝලීය වුර්තීය සුදුසුකම ඉතා පහසුවෙන් ලබා ගන්න පුළුවනි. සෑම වසරක්ම පාසා CIMA , ACCA තුලින් ලංකාවේ සිසුන් ජයග්‍රහණ ලබාගන්නවා. එංගලන්ත පව්මට ගෙවීමට තිබෙන රුපියල් අනුපාතය පහල ගියදාට ලංකාවේ සියලුම උසස්පෙළ වාණිජ ධාරාවේ සිසුන් ලෝකයම ජය ගනු ඇත. (ස)
දිස්ත්‍රික් කෝටා ක්‍රමය නිසා කොළඹ දිස්ත්‍රික්කයේ දක්ෂ දරුවන් රැසකට සැම වර්ෂයකම සරසවි වරම් අහිමිවෙනවා. මේ දැරියත් එවැනි කෙනෙක්.කාගේද වැරැද්ද ? (නි)
දිස්ත්‍රික් කෝටා ක්‍රමය නිසා කොළඹ දිස්ත්‍රික්කයේ දක්ෂ ළමයින් රැසකට වර්ෂයක් පාසාම සරසවි වරම් අහිමිවෙනවා. මෙය ඉතා කණගාටුදායක තත්වයක්. අඩු ලකුණු ගත් පිට පළාත් වල ළමයින් සති අන්තයේ කොළඹට ටියුෂන් එනවා. ඊළඟට දිස්ත්‍රික් ලකුණු මට්ටමට පින්සිද්ධ වෙන්න උසස් අධ්‍යාපන වරම් ලබනවා. මේ නැගණියගේ අනාගතයට මම සුභ පතනවා. (නි)
මම කිංග්ස්ලි ගේ අදහස එක්ක 100% එකඟ වෙනවා. ලංකාවේ ආර්ථිකය ශක්තිමත් වෙලා හොද විනිමය අනුපාතයක් පවත්වාගෙන යන්න පුළුවන් උනානම්, ලංකාවේ දරුවන්ට සීමා, ඒසීසීඒ, සීඑෆ්ඒ වගේ සුදුසුකම් ලබාගන්න හරිම ලේසියි. අද තත්වේ, ලංකාවේ දරුවන්ට ලොකු මුදලක් වැය කරනන්න බැරි නිසා මේ විභාග කරන්න බැහැ (නදී)
සුභ පැතුම් (නදී)
උගත මනා ශිල්පය මයි මතු රට රකිනා. ආසියාවේ දැනුමේ කේන්ද්‍රය ලක් පොලවේ බිහි වේවා (නදී)
ලංකාවේ විශ්ව විද්‍යාලයට යන්න බැරි වුණ කෙනා ලෝකයෙන්ම පළවෙනියා වෙලා. සමහරු මෙතන පසුගිය කාලයේ වැස්සකටවත් සරසවියට යන්න බැරි වුණ ආදී වශයෙන් මිනිසුන්ට ගැරහුවානේ. බුද්ධිමතුන් ඉන්න එකම තැන සරසවිය විතරක් නෙමෙයි කියලා මේකෙන් හොඳටම පෙනෙනවා. ලංකාවේ සරසවියකට යන්න දිස්ත්‍රික් කෝටාව නිසා බැරිවුණ දක්ෂ දරුවන් තව කොතෙක් ඇද්ද? (නි)
රටටත් ජාතියටත් අපිටත් හරි ආඩම්බරයි දුවේ. ඉතසිතින් සුබපතමි! (නි)
කොළඹ දිස්ත්‍රික්කයෙන් මෙවැනි දක්ෂ දරුවන්ට සෑම අවුරුද්දකම දිස්ත්‍රික් කෝටාව නිසා සරසවි වරම් අහිමිවෙනවා. අහිමි දේවල් ගැන නොසිතා තමන්ගේ දියුණුවට අප්‍රතිහත දිරියෙන් යුතුව මුහුණදුන් මේ දුවට මම සුබ පතමි. (නි)
මෙය එක්සත් රජධානියේද පිළිගන්න පඨමලවකි.. ඔබට ජය පතමි.. (අ)
ලංකවේ පසුගිය වසර 10 තුළ කිසිම රජයේ විශ්වවිද්‍යාලයක් අලුතෙන් ඇති වුණේ නැහැ ඒ නිසා ගොඩක් දක්ෂ දරුවන්ට විශ්ව විද්‍යාලයට යාමට තිබෙන අවස්ථාව අහිමි වුණා සංදර්ශන සංවර්ධනයක් කරමින් ජනතාව මුලා කරා රටේ අධ්‍යායපනයට වියදම් කරේ 1.2% විතරයි ! රටේ මෙවැනි දක්ෂ දරුවන්ට ඉදිරියට යාමට සියලු පහසුකම් සැපයීම වර්තමාන රජයේ මුලික වගකීමක් සුබ පතනවා ඉදිරියත් මෙවැනි දක්ෂ තා පෙන්වන්න ලැබේවා !! (අ)
මේ දරුවන් රටේ මුල්‍ය පාලනය හරිමඟට ගන්න සහාය කරගනිමු (නි)
රත්මලාන වෘත්තිය තාක්ෂණ විශ්ව විද්‍යාලය තනිකරම වෘත්තිය හැකියාවෙන් උපාධියක් ගන්න පුළුවන් රාජ්‍ය විශ්ව විද්‍යාලයක්. අනෙක් විශ්ව විද්‍යාල වගේ හැම පහසුකමක්ම නොමිලයේම දෙනවා. (නි)