මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයයේ සිසුන්ගේ අධ්‍යාපනයට බාධා නොකරන ලෙස සිසු පිරිසක් බත්තරමුල්ල, පැලවත්තේ ජනතා විමුක්ති පෙරමුණු මූලස්ථානය වෙත අද (18) පැමිණ සංදේශයක් භාර දුන්හ.
මෙම අවස්ථාවේ දී ජනතා විමුක්ති පෙරමුණේ ප‍්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා ඇතුළු එහි කාර්ය මණ්ඩලය විසින් එම සිසුන් සුහදව පිළිගෙන කරුණු විමසා ඔවුන්ගේ අදහස්වලට සවන් දුන් අතර එහි දී ටිල්වින් සිල්වා මහතා පැවසුවේ තම පක්‍ෂය කටයුතු කරන්නේ නිදහස් අධ්‍යාපනය ආරක්‍ෂා කිරීම වෙනුවෙන් බවයි.
මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයීය ශිෂ්‍ය ක‍්‍රියාකාරී කමිටුවේ සම කැඳවුම්කරු ප‍්‍රගීත් විමලචන්ද්‍ර ශිෂ්‍යයා පැවසුවේ මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණ කරන විරෝධතා උද්ඝෝෂණ ආදිය නිසා තම අනාගතය අවිනිශ්චිත වී ඇති බවයි.
යම් හෙයකින් මෙහි කටයුතු අතරමග නවත්වා දැමුවොත් එහි අධ්‍යාපනය ලබන සිසුන් වසර 7ක් පමණ තිස්සේ ලැබූ අධ්‍යාපනයෙන් පලක් නොවන බව කී ප‍්‍රගීත් විමලචන්ද්‍ර ශිෂ්‍යයා එවැන්නක් වීමට ඉඩ නොදෙන ලෙස ටිල්වින් සිල්වා මහතාගෙන් ඉල්ලා සිටියේය.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොද වැඩක්. (ර)
මාලඹේ ඉගෙනගන්න ශිෂ්‍යයන් මේක වැරදියට තේරුම්ගෙන ඉන්නේ, මේක අධ්‍යාපනය විකිණීමට එරෙහි සටනක්. කවුරුත් ලක්ෂ ගණන් වියදම්කොට උපාධි ගත යුතු නෑ නිදහස් අධ්‍යාපනය රැක ගත්තනම් හැමෝම එකතුවෙලා සටන් කරලා. (ර)
එතනටම කෙලින්ම ගියපු එක හොඳයි. නුවණැති වැඩක්. (ර)
කුහක රාජ්‍ය විශ්වවිද්‍යාල ශිෂ්‍යයනි, සටන් කළ හැක්කේ ඔබලාට පමණක් නොවේ.අපිටද සටන් කළ හැක.අපේ බලය අසීමිතය.උඹලාට සිතාගත නොහැක...(බ)
නිදහස් අද්යාපනයට විතරද ජේ වී පි එක පෙනී සින්නේ. නිදස සෞක්‍ය සේවය වෙනුවෙන් නැද්ද. පුද්ගලික ආරෝග්‍යශාලා ගැන. (ර)
මුදල් දී ඉගෙන ගන්න සිසුන්ටත් පින් හාමිලටත් එකම අවසන් විභාගයක් තිබුනානම් දෙපැත්තෙන්ම හොඳ අය තේරේවි .ලංකාවේ අවාසනාවට වෛද්‍ය සිසුවන්ට කලා ඉගෙනගත් හැම දේටම විරුද්ධ මාක්ස්වාදීන් කියාගන්න රටේ පොදු දේපල ගිනි තැබූ බැංකු කැඩූ පොලිසියට හමුදා කදවුරු වලට පහරදුන් මිනීමරු දේශප්‍රේමින් අනිත් දරුවන් ඉගෙන ගන්නවට කැමති නැහැ (බ)
අනේ මහේෂ් එතකොට සරසවි යන්න බැරිවෙච්ච අයට අයිතියක් නැද්ද සල්ලි දීල ඉගෙනගන්ඩ ඒ තුනක් ගත්ත අය විතරද උපාධි ගන්ඩ ඕනේ අනිත් අයට අයිතියක් නැද්ද (බ)
මම ඉන්නේ මලයාසියාවේ මගේ උපාධිය විවෘත සරසවි යෙන් රැකියාව කරනවා ඉගෙනගන්නවා දෙකම කළා. ඒ උපාධිය ලෝකෙම පිළිගන්නවා ලංකාවේ මුදලින් රුපියල් 1,200,000 අවුරුදු 1 මාස 6 වැඩේ ඉවර වුන මට අපොස සාමාන්‍ය පෙළ විතරයි වයස 31 මලයාසියාවේ විවාහ වුන අවුරුදු 3 පුතෙකුත් ඉන්නවා මලයාසියාවේ අවුරුදු 5 2016 ට මාසේ පඩිය ලංකාවේ මුදලින් රුපියල් 160,000.00 ලංකාවේ හිටියනම් අනාතයි (බ)