ඕස්ටේ‍්‍රලියාවේ වික්ටෝරියා අගනුවර වන මෙල්බර්න්හී වසරකට වරක් පවත්වන වයිට් නයිටි කලා සහ සංස්කෘතික උළෙල සවස හතේ සිට උදේ හත දක්වා පැවැත්විණි.
මෙල්බර්න් නගරයේ තිබෙන පටුමාවත්, වීදි, ප‍්‍රධාන මාවත්, යරා ගග, යුරේකා කුළුන හා ඒ අවට, ෆ්ලින්ඩර් දුම්රිය ගොඩනැගිල්ල හා චතුරඝ‍්‍රයේ විවිධ කලා හා සංස්කෘතික ඉසව් 100 ක් පැවති අතර නෙතට ප‍්‍රිය උපදවන පහන් (සැහැල්ලු) විදුලි බුබුලු ආලෝකයෙන් හා වර්ණවත් චිත‍්‍රයෙන්, සංගීතයෙන්ද, ආදිවාසී හා වත්මන් නැටුම් ගැයුම් වලින් ද රාත‍්‍රීයේ සිට පහන් වන තෙක් කොයිකාගේත් සිත් සතන් තුළට සතුට එක්කළහ.
‘වයිට් නයිට් කලා ‘සහ සංස්කෘතික උළෙල අධ්‍යක්‍ෂක ඇන්ඩ‍්‍ර වෝල්ස් පැවසුයේ
කලාකරුවන්ගේ කලා හැකියා තවදුරටත් වර්ධනය කිරීම අරමුණ බවයි.
පැරණි කලා කරුවන් තම නිර්මාණ නතර කළ තැනසිට, එම නිර්මාන වලට හානියක් ඇති නොවන පරිදි, නව පරපුරේ කලාකරුවන්ගේ උද්යෝගයෙන් තවදුරටත් එම නිර්මාණ ඉදිරියට රැගෙනයාමයි.
මෙම වීදී සැණකෙළියට ලක්‍ෂතුනක පමණ ජනකායක් පැමිණ සිටිබව වාර්තා වෙයි. මා දුටු සුවිශේෂම සිදුවීම් වනුයේ, ඕස්ටේ‍්‍රලියා පොලීසියට ජනතාව සමග තම සතුට බෙදාගත් අයුරුත්, ජනතාව එකිනෙකා අතර සහයෝගයෙන් කටයුතු කිරීමත්, මත්පැන් හා දුම්පානයෙන් වැළකී මෙම අවස්ථාවට පැමිණෙන මෙන් සංවිධායකයන් මාධ්‍ය ඔස්සේ කළ ආරාධනය ජනතාව පිළි ගෙන තිබිණි.
සිත්තම් ගන්වා තිබෙන මෙම ෆ්ලින්ඩර් දුම්රිය ගොඩනැගිල්ල බොහෝ දෙනාගේ ඇසට ලක් වු කැපීපෙනෙන දසුනක්ද වුහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මමද මෙයට සහභාගී වුයෙමි.ඉතාමත් අනර්ඝ ලෙස පැවැත්වුනි. (නදී)
මේක හැබැහින් බලන්න ඕනේ.පුදුමාකාර ලස්සනයි.(දිල්)
ලස්සන කෙසේ වෙතත් සෙනග අතරේ හිරවෙලා මැරෙන්නේ නැතුව ගෙදර එන්න ලැබුන එක ලොකු දෙයක් . (අ)