IMG-LOGO

මෙල්බර්න් සැණකෙළියට රසික ජනගඟ ගලයි

ඕස්ටේ‍්‍රලියාවේ වික්ටෝරියා අගනුවර වන මෙල්බර්න්හී වසරකට වරක් පවත්වන වයිට් නයිටි කලා සහ සංස්කෘතික උළෙල සවස හතේ සිට උදේ හත දක්වා  පැවැත්විණි.

මෙල්බර්න් නගරයේ තිබෙන පටුමාවත්, වීදි, ප‍්‍රධාන මාවත්, යරා ගග, යුරේකා කුළුන හා ඒ අවට, ෆ්ලින්ඩර් දුම්රිය ගොඩනැගිල්ල හා චතුරඝ‍්‍රයේ විවිධ කලා හා සංස්කෘතික ඉසව් 100 ක් පැවති අතර නෙතට ප‍්‍රිය උපදවන පහන් (සැහැල්ලු) විදුලි බුබුලු ආලෝකයෙන් හා    වර්ණවත් චිත‍්‍රයෙන්, සංගීතයෙන්ද, ආදිවාසී හා වත්මන් නැටුම් ගැයුම් වලින් ද රාත‍්‍රීයේ සිට පහන් වන තෙක් කොයිකාගේත් සිත් සතන් තුළට සතුට එක්කළහ.   

 ‘වයිට් නයිට් කලා ‘සහ සංස්කෘතික උළෙල අධ්‍යක්‍ෂක ඇන්ඩ‍්‍ර වෝල්ස් පැවසුයේ

කලාකරුවන්ගේ කලා හැකියා තවදුරටත් වර්ධනය කිරීම අරමුණ බවයි.

පැරණි කලා කරුවන් තම නිර්මාණ නතර කළ තැනසිට, එම නිර්මාන වලට    හානියක් ඇති නොවන පරිදි, නව පරපුරේ කලාකරුවන්ගේ උද්යෝගයෙන් තවදුරටත් එම නිර්මාණ ඉදිරියට රැගෙනයාමයි.     

මෙම වීදී සැණකෙළියට ලක්‍ෂතුනක පමණ ජනකායක් පැමිණ සිටිබව වාර්තා වෙයි. මා දුටු සුවිශේෂම සිදුවීම් වනුයේ,  ඕස්ටේ‍්‍රලියා පොලීසියට ජනතාව සමග තම සතුට බෙදාගත් අයුරුත්, ජනතාව එකිනෙකා අතර සහයෝගයෙන් කටයුතු කිරීමත්, මත්පැන් හා දුම්පානයෙන් වැළකී මෙම අවස්ථාවට    පැමිණෙන මෙන් සංවිධායකයන් මාධ්‍ය ඔස්සේ කළ ආරාධනය ජනතාව පිළි ගෙන තිබිණි.

සිත්තම් ගන්වා තිබෙන මෙම ෆ්ලින්ඩර් දුම්රිය ගොඩනැගිල්ල බොහෝ    දෙනාගේ ඇසට ලක් වු කැපීපෙනෙන දසුනක්ද වුහ.     

    

 



අදහස් (0)

මෙල්බර්න් සැණකෙළියට රසික ජනගඟ ගලයි

රන්ජන් තලගොඩ මෙල්බන් Monday, 24 February 2014 04:24 AM

මමද මෙයට සහභාගී වුයෙමි.ඉතාමත් අනර්ඝ ලෙස පැවැත්වුනි. (නදී)

:       0       0

ජයතිලක Monday, 24 February 2014 11:16 AM

මේක හැබැහින් බලන්න ඕනේ.පුදුමාකාර ලස්සනයි.(දිල්)

:       0       0

ෂානි Monday, 24 February 2014 12:41 PM

ලස්සන කෙසේ වෙතත් සෙනග අතරේ හිරවෙලා මැරෙන්නේ නැතුව ගෙදර එන්න ලැබුන එක ලොකු දෙයක් . (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 1675 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 565 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 653 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site