මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය අවලංගු කිරීමට රජයට ඕනෑකමක් නැත්තේ ඇතැම් මැති ඇමැතිවරුන්ගේ හා රජයට සම්බන්ධ දේශපාලඥයින්ගේ දරුවන් පමණක් නොව බිරියන්ද එහි ඉගෙනගන්නා නිසා යැයි රජයේ වෛද්‍ය නිලධරයින්ගේ සංගමයේ භාණ්ඩාගාරික දොස්තර අසංග වික්‍රමසිංහ අද (13) පැවසීය.
රජයේ මේ පිළිවෙතට විරෝධය පාමින් පාගමනක් සංවිධානය කරන බවද ඔහු කිවේය.
ඡායාරූප හා වීඩියෝ ශාන්ත රත්නායක



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තමන් මහජනයාගේ බදු මුදලින් ඉගෙනගත්තා නම් දැන් ඒ ණය ගෙවන්න අඩුගානේ තමන්ගේ රාජකාරිය හරියට කරන්න. වෙනත් දියුණු රටවල දොස්තරලා කියලා වෙනම සැළකිල්ලක් නැහැ. (නි)
රජයේ රෝහල් වලින් ප්‍රතිකාර ගැනීම දුප්පත් මහජනත්වට ඉතාමත් අසීරු කාරණයක් වෙලා. ඉතින් පුද්ගලික රෝහල වල ජනතාව තම දේපල උකස් කරලා හරි ප්‍රතිකාර ගන්නවා. ඉතින් ඔය පාගමන් ගියාට අපිට කමක් නැහැ. අර ගොඩගේ කිව්වා වගේ ඔලු පැලුවත් ඔය රජයේ වෛද්‍ය සංගමයේ අයට අපේ කිසි අනුකම්පාවක් නැත. (නි)
වෙන කෙනෙක් මළපොතේ අකුරක් ඉගෙනගන්නවාට කැමති නැති පුදුම කුහක කට්ටියක්! (නි)
දැන් එනකොට තමන් විතරද මේ රටේ යමක්කමක් ඉගෙනගන්න ඕනෑ? මේ වගේ සමහරු තමයි ඉගෙනගන්නා කාලයේ තමන්ගේ සටහනක් අනුන්ට බලන්න දෙන්නේ නැති කුහකයන්. එහෙම උදවිය අපි උසස් පෙළ කාලයේ හිටියා. අන්තිමේ අපි වෘත්තීය විභාග කර පුද්ගලික අංශයේ රැකියාවට ගිහින් ගෙවල් දොරවල් හදාගෙන, වාහන අරගෙන පිළිවෙලක් වුණාම ඒකටත් ඊර්ෂ්‍යාවයි. (නි)
මුහුණු වලින්ම හොඳට පෙනෙනවා ඇත්ත. අපේ සල්ලි වලින් ඉගෙනගෙන, මොකද මෙච්චර හානියක් රටට කරන්නේ? (නි)
සමහරු බනිනවා පිනට ඉගෙනගෙන කියලා. ඒ අයටත් තිබුනනේ දොස්තරලා වෙන්න. එයාලා අරගල කරන්නේ අපේ රටේ අනාගත ළමයි වෙනුවන්. (නි)
කපිල, මේ රටට අවශ්‍ය දොස්තරලා විතරද? එතකොට අනෙක් උගත්තු උගත්තු නෙමෙයිද? මගේ යාලුවෙක් ඕස්ට්‍රේලියාවේ ඉන්නවා. එහෙට සංක්‍රමණය වුණ ලංකාවේ රජයේ උපාධිදාරී දොස්තර කෙනෙක් ඒ රටේ අනිවාර්ය වෘත්තීය විභාග පාස් කරගන්න බැරුව පිරිසිදු කිරීමේ රැකියාවක් තාවකාලිකව කරනවාලු. ඒ නිසා පමණට වඩා උගත්කම ගැන පිම්බෙන්න එපා. (නි)
අනේ මේ කපිල, අනාගත ළමයින්ට ඔච්චර ආදරේ නම් වැඩ වර්ජන නොකර නොමිලේ බෙහෙත් දෙන්නේ නැත්තේ මොකද? නිදහස් අධ්‍යාපනය ලබන්නත් ජිවත්වෙන්න ඕනෑ නේද? පසුගිය වර්ජනය අස්සේ අපි දන්නා ගැබිණි මවකට අසාධ්‍යවෙලා ප්‍රතිකාර පමාවුණා. එනවා මෙතන අනාගත ළමයින් ගැන කතාකරන්න. (නි)
මේකේ ඉන්නෙත් ඉස්සර රජයේ වෛද්‍ය නිලධරයින්ගේ සංගමයේ හිටපු අය, ඒගොල්ලන්ට කියන්න උගන්වන්න යන්න එපා කියල , එතකොට උගන්වන අය නැතිවිට මාලබේ වහන්න වෙනවනේ (බ)
අවස්ථාවාදී අය (බ)
අවලංගු කරන්නේ මොකටද? රාගම එක ගත්තා වගේ රජයට පවරාගත්තා නම් හරිනේ. (නි)
ඉතින් අපිනේ බෙහෙත් ගන්නේ. ඔයාලා පර්මිට් අරගෙන ඔයාලගේ වැඩක් බලාගන්නකෝ. (නි)
අනේ මොකටද මගේ කට! (නි)
ආත්මාර්ථකාමී කුහක. ඔය වචන වල තේරුම තමා මෙයාලගේ හරය සහ අරමුණ. (බ)
හීනමානය සහ කුහකකම පේනවා .(ම)
මහත්තයෝ, ඔය හීනමානය නෙමෙයි නම් වෙන මොකද්ද? කාගේ වුණත් අධ්‍යාපනයට විරුද්ධවීම කුහකකමක්. (නි)
මාලබේ පුද්ගලික වෛද්‍ය විද්‍යාලයේ ළමයි රජයට බරක් නොවී තම නොයෙකුත් බාධක ඔස්සේ ඉගෙනගන්නේ ඔවුන්ගේ දෙමාපියන්ට ඔවුන් විදෙස් වලට යැවීමට වත්කමක් නැති බැවිනි. දොස්තර හිඟයෙන් දුක්විඳින අසරණ ජනයාට පහසුකම් මඳක්වත් සැළසෙන සේ මොවුන්ට තම සේවය කිරීමට ඉඩදිය යුතු නොවේද? (නි)
මං දන්නා පරිදි උසස්පෙළ වැඩිම ලකුණු ගෙන කොහේ හෝ සරසවියකට ගොස් උපාධිය ගත් දොස්තර කෙනෙක් ළඟ මාගේ ජීවිතය බේරාගැනීමට හැකිවීමේ සම්භාවිතාව උසස්පෙළ අඩු ලකුණු ගත් දොස්තර කෙනෙක් ළඟට වඩා වැඩිය. (නි)
පුද්ගලිග ටියුෂන් හොඳයි. පුද්ගලික රෝහල් හොඳයි. පුද්ගලිකව ඉංජිනේරු වාණිජ උපාධි හොඳයි. වෙන රටවලින් ගන්න පුද්ගලික වෛද්‍ය උපාධිත් හොඳයි. ඒ විතරක් නෙමෙයි, පුද්ගලික චැනලිනුත් හොඳයි. ඒත් අනේ පුද්ගලික වෛද්‍ය විද්‍යාලය බැහැ (නි)
මේක නම් පැහැදිලිවම ඊර්ෂ්‍යාව. (නි)
මාලඹේ වෛද්‍ය විද්‍යාලයේ මම දන්නා ළමයි ඉන්නවා. ඒ ළමයින් කොළඹින් උසස්පෙළ කරලා සහ ජාත්‍යන්තර පාසල් වල ඉගෙනගෙන ඉතාමත් ඉහළින් සමත්ව ගිය අය. මේ හැමෝටම තියෙන්නේ බයක්. තමුන්ගේ තැන නැතිවෙයි කියලා සහ කුහකකම. අධ්‍යාපනයේ නිදහස සැමටම තිබිය යුතුයි. නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙනගෙන හරියකට රටට වැඩක් කරනවද කියලා හදවතට එකඟව හිතුවොත් හොඳයි. ඒ ළමයින්ට රජයේ රෝහල්වලින් ඕනෑකරන පුහුණුව ගත්තහම මොකද වෙන්නේ? ඒවාට එම රෝහල් වලට ගෙවනවා නම් ඒවා වැඩිදියුණු කරගන්නත් පුලුවනිනේ. මම නම් යෝජනා කරන්නේ නිදහස් අධ්‍යාපනය ලබන අයට රජයේ රෝහල්වල පමණක් සේවය කරන්න දෙන්න ඕනෑ තව පඩි වැඩිකරලා. එතකොට දොස්තර හිඟයත් මඟහැරේවි. (නි)
නුඹලාගේ අතින් ලෙඩ්ඩු මැරිලා නැද්ද? නුඹලාට විතරද ඉගෙනගන්න පුළුවන්? කොහොමද කියන්නේ මේකේ ඉන්නේ ඔක්කොම මෝඩයෝ කියලා? (නි)
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නිලධාරීනි, බංගලිදේශ වෛද්‍ය උපාධිය ගැන ඔබ මොකද කියන්නෙ? ඊර්ෂ්‍යාව, කුහකම ප්‍රදර්ශනය කිරීම නවතා අඩුපාඩු තිබේනම් ඒවා නිවැරදි කරගැනීමට දායක වන්න. ඔබද සේවයෙන් දායකවන පුද්ගලික රෝහල් ගැන සොයාබලන්න. (නි)
තමන්ගේ දරුවෙක් දාගන්න සිදුවුණ දාටයි මේ අයට තරු පෙනෙන්නේ. ළමයි රට යවනවා කියන්නේ නිකම් නාස්තිවීමක්. විශේෂයෙන් ගැහැණු ළමයෙක්. (නි)
එන්නකෝ එහෙනම් පාගමන් යන්න. මේ පාර පොලිසියෙන් නෙමෙයි මේ අයගේ ඔලු පලන්නේ, සාමාන්‍ය ජනතාව. (නි)
හැමදෙකටම සීමාවක් තියෙනවා. ආණ්ඩුවෙන් පිනට ඉගෙනගෙන තවමත් ආණ්ඩුවෙන් එක එක දේවල් ඉල්ලන මේ අය පෙළපාලි එනතුරු අපි බලාගෙන ඉන්නවා. මෙදා පාර පොලිසිය නෙමයි මොවුන්ගේ ඔලු පලන්නේ, සාමාන්‍ය ජනතාව. (නි)
පිනට ඉගෙනගෙන ඊර්ෂ්‍යාවට කෑගැහුවට මේ එක් කෙනෙක්වත් පිනට අපිට බෙහෙත් දෙනවද? (නි)