IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


මාලබේ සිසුන්ට සායනික පුහුණුව කඩුවෙලින්, අවිස්සාවේල්ලෙන්

මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ සිසුන්ට අවිස්සාවේල්ල සහ කඩුවෙල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසවලට අයත් රජයේ රෝහල් සහ වෛද්‍ය ආයතන වල සායනික පුහුණුව රුපියල් 50000 ක ගාස්තුවක් යටතේ   ලබා දීමට හැකි බව සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා අද (15) ශ්‍රේෂ්ඨාධිකරණයට දන්වා සිටියේය.

අධිකරණයට දුන් එකඟතාවයන් අනුව කටයුතු නොකිරීමෙන් අධිකරණයට අපහාසයක් සිදුවී යැයි කියමින් සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට සහ සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම්ට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ  ගොනු කළ පැමිණිල්ලක්  අගවිනිසුරු කේ.ශ්‍රී  පවන්, සිසිර ද අබෘෘ සහ අනිල් ගුණරත්න හමුවේ  කැඳවු අවස්ථාවේදී සෞඛ්‍ය ලේකම් අනුර ජයවික්‍රම මහතා එම ප්‍රතිඥාව දුන්නේය.

එහි සිසුහු පිරිසක් පැමිණිල්ල ගොනු කළහ.

සෞඛ්‍ය ලේකම්වරයා වෙනුවෙන් අතිරේක සොලිසිටර් ජනරාල් එස්.බාරි මහත්මිය මේ බව දැනුම් දීමත් සමඟ සෞඛ්‍ය ඇමැති හා ලේකම්ට එරෙහිව ගොනු කළ පැමිණිල්ල ඉල්ලා අස් කර ගන්නා බව සිසුහු දැනුම් දුන්හ.

මේ අතර මෙම පෙත්සමට අතුරු පාර්ශවයක් ලෙස මැදිහත් වීමට අවශ්‍ය බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඉල්ලා  සිටියද  එය අධිකරණය විසින් බැහැර කැරිණි.

මෙම සායනික පුහුණුව මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට ලබා දීම සම්බන්ධයෙන් වන ප්‍රගතිය ලබන ජනවාරි 18 අධිකරණයට දන්වන ලෙසද අධිකරණය දැනුම් දුන්නේය .

එම පුහුණුව තමන්ට ලබා දෙන බවට ඉකුත් වසරේ සැප්තැම්බර් 29 වැනි දා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ වු එකඟතාවයට අනුව කටයුතු නොකිරීම අධිකරණයට අපහාසයක් වන හෙයින් ව්‍යවස්ථාවේ 105(3) වගන්තිය යටතේ වගඋත්තරකාර සෞඛ්‍ය අමාත්‍යවරයාට හා සෞඛ්‍ය අමාත්‍ය ලේකම්වරයාට එරෙහි සුදුසු දඬුවම් පනවන්නැයි ද පැමිණිලිකාර පාර්ශවය ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටියේය.



අදහස් (0)

මාලබේ සිසුන්ට සායනික පුහුණුව කඩුවෙලින්, අවිස්සාවේල්ලෙන්

රොෂාන් Wednesday, 16 December 2015 11:40 AM

ඒ ක්‍රමයත් හොඳයි.(හේ)

:       0       0

තිස්ස Tuesday, 15 December 2015 11:28 AM

මේවට මෙහෙම සලකන්නේ කලා, වාණිජ උපාධිධාරීන් ගැනත් හිතපල්ලා (ම)

:       0       0

කමලා Wednesday, 16 December 2015 03:08 AM

ශිෂ්‍ය ව්‍යාපාර මාලබේ එකට විරුද්ධව මඩ ප්‍රචාර ගෙනියනවා පුහුණුව මදි කියලා. ඒ ළමුන් හට ඉගෙනගන්න තියෙන අවස්ථාවත් නැති කරන්න තමයි හදන්නේ. කුහකකමේ සීමාවක් තියෙන්න ඕනෑ. (නි)

:       0       0

බුද්ධිනි Tuesday, 15 December 2015 11:35 AM

හොඳ තීරණයක් (ම)

:       0       0

මොහාන් Tuesday, 15 December 2015 12:08 PM

හොඳ තීරණයක්. (ර)

:       0       0

රවින්ද්‍ර Tuesday, 15 December 2015 01:46 PM

නියමයි දැන් පිනට ඉගෙනගත්තු වෙදුන්ට ප්‍රයිවට් ප්‍රැක්ටිස් තහනම් කළ යුතුයි .වියදම් කරගෙන ඉගෙන ගන්න දරුවන්ට උදවු කළ යුතුයි. (හේ)

:       0       0

අමිල Wednesday, 16 December 2015 06:05 AM

සාමාන්‍යයෙන් වෛද්‍ය සිසුවෙකු වෙනුවෙන් රජය වැය කරන මුදල රුපියල් ලක්ෂ 65 ක් පමණ වේ. ඉන් වැඩි ප්‍රතිශතයක් වැය වන්නේ ඔවුන්ගේ සායනික පුහුණුව වෙනුවෙනි. මෙසේ ලක්ෂ 40ක් පමණ වටිනා පුහුණුවක් මෙවන් නොවටින ගණනකට යෝජනා කිරීම අසාධාරණ ක්‍රියාවකි. මේ පෞගලික වෛද්‍ය විද්‍යාලයේ එක් සිසුවෙකු වෙනුවෙන් කරන අය කිරීම අවම වශයෙන් රුපියල් ලක්ෂ 30ක් වත් විය යුතුය, මක් නිසාද යත් එමන් දෙගුණයක පමණ මුදලක් ඔවුන් එම පෞද්ගලික ආයතනයට ගෙවන බැවිනි. එමෙන්ම දැනට ගෙන ඇති තීරණය අනුව අනාගතයේදී හතු පිපෙන්නාක් මෙන් පෞද්ගලික වෛද්‍ය විද්‍යාල මෙරට තුල බිහිවනු ඇත. (ම)

:       0       0

සනී Wednesday, 16 December 2015 02:02 PM

අමිල ලක්ෂ තිහ හතලියක් දීල ලංකාවේ ඉගෙන ගන්නේ මොකටද ? මේ පින් වෙලා හරියට ඉංග්‍රසී බසවත් බැහැ. පාමසිවලින් දෙන බේත් වල නම් ලියනවා ඇරෙන්න .අනික ගොඩක් රජයේ රෝහල්වල ඉන්න වෙදුන්ට වඩා මේවයේ ළමයින්ගේ බුද්ධි මට්ටම හොදයි (බ)

:       0       0

කණිෂ්ක Tuesday, 15 December 2015 02:50 PM

ඒ ළමයින්ටත් සාධාරණයක් තිබිය යුතුයිනේ (නි)

:       0       0

ධර්ම Tuesday, 15 December 2015 03:16 PM

මේ ළමයි ලංකාවේ නිදහස් අධ්‍යාපනයේ ළමයි. එයාලටත් ලංකාවේ රෝහල් අයිතියි නේද? අද කොච්චර පිටරටවල ඉඳලා ආ අය සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ ඉන්නවද? ඉතිරිවන විදේශ විනිමය කොච්චරද? (නි)

:       0       0

තිළිණ Wednesday, 16 December 2015 04:34 PM

මේ ළමයින්ගෙන් අයකර ගන්නා ගණනේ හැටියට රෝහලට ගෙවන ගණන හොඳටම මදි නේද? (නි)

:       0       0

සවිනි Thursday, 17 December 2015 01:15 PM

ශික්ෂණ රෝහල් වලින් ලැබෙන විධිමත් පුහුණුව මුලික රෝහල් වලින් ලැබෙනවද? රෝගීන්ගේ ජීවිත අනතුරේ! (බ)

:       0       0

දමයන්ති Tuesday, 15 December 2015 05:06 PM

එක ළමයෙක් ආණ්ඩුවට රු.50000.00 ගෙවන නිසා ඒ මුදලින් ඒ රෝහල් දියුණු කරන්න පුළුවන් නේද? එතකොට ඒ රෝහල් වලින් බෙහෙත් ගන්න රෝගීන්ට හොඳ පහසුකම් සපයන්න පුළුවන්. ඒ වගේම කාටවත් බැහැ ඒ ළමයින්ටත් දොස් කියන්න ආණ්ඩුවේ රෝහල් ගත්තා කියලා (නි)

:       0       0

හේමන්ත දඹදෙණිය Tuesday, 15 December 2015 09:05 AM

මේ ළමයි ලංකාවේ නිදහස් අධ්‍යාපනයේ ළමයි. එයාලටත් ලංකාවේ රෝහල් අයිති නේද? අද කොච්චර පිටරටවල ඉඳල ආපු අය සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ ඉන්නවද. ඉතිරිවෙන විදේශ විනිමය කොච්චරද? (ස)

:       0       0

සනත් බණ්ඩාර Tuesday, 15 December 2015 05:08 PM

ගොඩක් අය හිතාගෙන ඉන්නේ ශිෂ්‍ය ව්‍යාපාරය මාලබේ එකට විරුද්ධ වෙන්නේ උපාධි ගන්න ශිෂ්‍යයෝ ගණන වැඩිවෙන නිසා කියලා. ඒත් එයාලා මේකට විරුද්ධ වෙන්නේ එහෙම පදනමකින් නෙමෙයි. එහි ශිෂ්‍යයන්ට මුදලට උපාධිය දෙන එක තමයි විරුද්ධවීමට හේතුව. තවත් රජයේ විශ්ව විද්‍යාලයක් දාලා වෛද්‍ය උපාධිය දෙන ශිෂ්‍ය ප්‍රමාණය වැඩිකරන්න කියලයි අපි කියන්නේ. මොකද සල්ලි දීලා ඉගෙනගත් වෛද්‍යවරයෙක් ඊළඟට රැකියාව කරන්නේ මුදල් හම්බකිරීමේ අරමුණෙන් විතරයි. (නි)

:       0       0

කර්තිනි Tuesday, 15 December 2015 05:11 PM

පිනට ඉගෙනගෙන 'ප්‍රයිවට් ප්‍රැක්ටිස්' කරන්න පුළුවන්. නමුත් ගෙවලා ඉගෙනගෙන නොමිලයේ 'ප්‍රයිවට් ප්‍රැක්ටිස්' කරන්න බැහැ (නි)

:       0       0

අජිත් Tuesday, 15 December 2015 05:31 PM

එහෙනම් මීටපස්සේ බලපත්‍ර නැතුව බස් එළවන්නත් අවසර දෙන්න. මොකද නිසි පුහුණුවක් නොමැති අයෙකුගෙන් ප්‍රතිකාර ගන්න ඔබ අනතුරේ හෙළාගන්නේ ඔබේම ජීවිතයයි (නි)

:       0       0

රොෂාන් Tuesday, 15 December 2015 05:40 PM

අපේ රට හරි පැත්තට ටික ටික යනවා... (නි)

:       0       0

උපුල් Tuesday, 15 December 2015 10:16 AM

ලොකු දෙයක් මොකද ඒ ළමයිනුත් ලංකාවේනේ. (ර)

:       0       0

සේන Tuesday, 15 December 2015 10:23 AM

මහත්තුරු ටික මේකටත් වැඩ වර්ජනය කරයිද? (ර)

:       0       0

අමල් Tuesday, 15 December 2015 10:28 AM

හොඳ තීරණයක්. (ර)

:       0       0

නිවන්තක Wednesday, 16 December 2015 01:03 AM

හොඳ තීරණයක් (නි)

:       0       0

ලියොන් ගුණවර්ධන Wednesday, 16 December 2015 12:59 AM

රජයට බරක් නොවී වෛද්‍ය විද්‍යාව මෙරටම ඉගෙනගත් මෙම අසරණ සිසුන් ගැන සාධාරණව සිතිය යුතුයි (නි)

:       0       0

ඉන්දික Wednesday, 16 December 2015 02:00 AM

ඉතාම බුද්ධිමත් තීරණයක් (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 523 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 269 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1067 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site