මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ සිසුන්ට අවිස්සාවේල්ල සහ කඩුවෙල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසවලට අයත් රජයේ රෝහල් සහ වෛද්‍ය ආයතන වල සායනික පුහුණුව රුපියල් 50000 ක ගාස්තුවක් යටතේ ලබා දීමට හැකි බව සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා අද (15) ශ්‍රේෂ්ඨාධිකරණයට දන්වා සිටියේය.
අධිකරණයට දුන් එකඟතාවයන් අනුව කටයුතු නොකිරීමෙන් අධිකරණයට අපහාසයක් සිදුවී යැයි කියමින් සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට සහ සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම්ට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කළ පැමිණිල්ලක් අගවිනිසුරු කේ.ශ්‍රී පවන්, සිසිර ද අබෘෘ සහ අනිල් ගුණරත්න හමුවේ කැඳවු අවස්ථාවේදී සෞඛ්‍ය ලේකම් අනුර ජයවික්‍රම මහතා එම ප්‍රතිඥාව දුන්නේය.
එහි සිසුහු පිරිසක් පැමිණිල්ල ගොනු කළහ.
සෞඛ්‍ය ලේකම්වරයා වෙනුවෙන් අතිරේක සොලිසිටර් ජනරාල් එස්.බාරි මහත්මිය මේ බව දැනුම් දීමත් සමඟ සෞඛ්‍ය ඇමැති හා ලේකම්ට එරෙහිව ගොනු කළ පැමිණිල්ල ඉල්ලා අස් කර ගන්නා බව සිසුහු දැනුම් දුන්හ.
මේ අතර මෙම පෙත්සමට අතුරු පාර්ශවයක් ලෙස මැදිහත් වීමට අවශ්‍ය බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඉල්ලා සිටියද එය අධිකරණය විසින් බැහැර කැරිණි.
මෙම සායනික පුහුණුව මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට ලබා දීම සම්බන්ධයෙන් වන ප්‍රගතිය ලබන ජනවාරි 18 අධිකරණයට දන්වන ලෙසද අධිකරණය දැනුම් දුන්නේය .
එම පුහුණුව තමන්ට ලබා දෙන බවට ඉකුත් වසරේ සැප්තැම්බර් 29 වැනි දා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ වු එකඟතාවයට අනුව කටයුතු නොකිරීම අධිකරණයට අපහාසයක් වන හෙයින් ව්‍යවස්ථාවේ 105(3) වගන්තිය යටතේ වගඋත්තරකාර සෞඛ්‍ය අමාත්‍යවරයාට හා සෞඛ්‍ය අමාත්‍ය ලේකම්වරයාට එරෙහි සුදුසු දඬුවම් පනවන්නැයි ද පැමිණිලිකාර පාර්ශවය ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටියේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ ක්‍රමයත් හොඳයි.(හේ)
මේවට මෙහෙම සලකන්නේ කලා, වාණිජ උපාධිධාරීන් ගැනත් හිතපල්ලා (ම)
ශිෂ්‍ය ව්‍යාපාර මාලබේ එකට විරුද්ධව මඩ ප්‍රචාර ගෙනියනවා පුහුණුව මදි කියලා. ඒ ළමුන් හට ඉගෙනගන්න තියෙන අවස්ථාවත් නැති කරන්න තමයි හදන්නේ. කුහකකමේ සීමාවක් තියෙන්න ඕනෑ. (නි)
හොඳ තීරණයක් (ම)
හොඳ තීරණයක්. (ර)
නියමයි දැන් පිනට ඉගෙනගත්තු වෙදුන්ට ප්‍රයිවට් ප්‍රැක්ටිස් තහනම් කළ යුතුයි .වියදම් කරගෙන ඉගෙන ගන්න දරුවන්ට උදවු කළ යුතුයි. (හේ)
සාමාන්‍යයෙන් වෛද්‍ය සිසුවෙකු වෙනුවෙන් රජය වැය කරන මුදල රුපියල් ලක්ෂ 65 ක් පමණ වේ. ඉන් වැඩි ප්‍රතිශතයක් වැය වන්නේ ඔවුන්ගේ සායනික පුහුණුව වෙනුවෙනි. මෙසේ ලක්ෂ 40ක් පමණ වටිනා පුහුණුවක් මෙවන් නොවටින ගණනකට යෝජනා කිරීම අසාධාරණ ක්‍රියාවකි. මේ පෞගලික වෛද්‍ය විද්‍යාලයේ එක් සිසුවෙකු වෙනුවෙන් කරන අය කිරීම අවම වශයෙන් රුපියල් ලක්ෂ 30ක් වත් විය යුතුය, මක් නිසාද යත් එමන් දෙගුණයක පමණ මුදලක් ඔවුන් එම පෞද්ගලික ආයතනයට ගෙවන බැවිනි. එමෙන්ම දැනට ගෙන ඇති තීරණය අනුව අනාගතයේදී හතු පිපෙන්නාක් මෙන් පෞද්ගලික වෛද්‍ය විද්‍යාල මෙරට තුල බිහිවනු ඇත. (ම)
අමිල ලක්ෂ තිහ හතලියක් දීල ලංකාවේ ඉගෙන ගන්නේ මොකටද ? මේ පින් වෙලා හරියට ඉංග්‍රසී බසවත් බැහැ. පාමසිවලින් දෙන බේත් වල නම් ලියනවා ඇරෙන්න .අනික ගොඩක් රජයේ රෝහල්වල ඉන්න වෙදුන්ට වඩා මේවයේ ළමයින්ගේ බුද්ධි මට්ටම හොදයි (බ)
ඒ ළමයින්ටත් සාධාරණයක් තිබිය යුතුයිනේ (නි)
මේ ළමයි ලංකාවේ නිදහස් අධ්‍යාපනයේ ළමයි. එයාලටත් ලංකාවේ රෝහල් අයිතියි නේද? අද කොච්චර පිටරටවල ඉඳලා ආ අය සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ ඉන්නවද? ඉතිරිවන විදේශ විනිමය කොච්චරද? (නි)
මේ ළමයින්ගෙන් අයකර ගන්නා ගණනේ හැටියට රෝහලට ගෙවන ගණන හොඳටම මදි නේද? (නි)
ශික්ෂණ රෝහල් වලින් ලැබෙන විධිමත් පුහුණුව මුලික රෝහල් වලින් ලැබෙනවද? රෝගීන්ගේ ජීවිත අනතුරේ! (බ)
එක ළමයෙක් ආණ්ඩුවට රු.50000.00 ගෙවන නිසා ඒ මුදලින් ඒ රෝහල් දියුණු කරන්න පුළුවන් නේද? එතකොට ඒ රෝහල් වලින් බෙහෙත් ගන්න රෝගීන්ට හොඳ පහසුකම් සපයන්න පුළුවන්. ඒ වගේම කාටවත් බැහැ ඒ ළමයින්ටත් දොස් කියන්න ආණ්ඩුවේ රෝහල් ගත්තා කියලා (නි)
මේ ළමයි ලංකාවේ නිදහස් අධ්‍යාපනයේ ළමයි. එයාලටත් ලංකාවේ රෝහල් අයිති නේද? අද කොච්චර පිටරටවල ඉඳල ආපු අය සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ ඉන්නවද. ඉතිරිවෙන විදේශ විනිමය කොච්චරද? (ස)
ගොඩක් අය හිතාගෙන ඉන්නේ ශිෂ්‍ය ව්‍යාපාරය මාලබේ එකට විරුද්ධ වෙන්නේ උපාධි ගන්න ශිෂ්‍යයෝ ගණන වැඩිවෙන නිසා කියලා. ඒත් එයාලා මේකට විරුද්ධ වෙන්නේ එහෙම පදනමකින් නෙමෙයි. එහි ශිෂ්‍යයන්ට මුදලට උපාධිය දෙන එක තමයි විරුද්ධවීමට හේතුව. තවත් රජයේ විශ්ව විද්‍යාලයක් දාලා වෛද්‍ය උපාධිය දෙන ශිෂ්‍ය ප්‍රමාණය වැඩිකරන්න කියලයි අපි කියන්නේ. මොකද සල්ලි දීලා ඉගෙනගත් වෛද්‍යවරයෙක් ඊළඟට රැකියාව කරන්නේ මුදල් හම්බකිරීමේ අරමුණෙන් විතරයි. (නි)
පිනට ඉගෙනගෙන 'ප්‍රයිවට් ප්‍රැක්ටිස්' කරන්න පුළුවන්. නමුත් ගෙවලා ඉගෙනගෙන නොමිලයේ 'ප්‍රයිවට් ප්‍රැක්ටිස්' කරන්න බැහැ (නි)
එහෙනම් මීටපස්සේ බලපත්‍ර නැතුව බස් එළවන්නත් අවසර දෙන්න. මොකද නිසි පුහුණුවක් නොමැති අයෙකුගෙන් ප්‍රතිකාර ගන්න ඔබ අනතුරේ හෙළාගන්නේ ඔබේම ජීවිතයයි (නි)
අපේ රට හරි පැත්තට ටික ටික යනවා... (නි)
ලොකු දෙයක් මොකද ඒ ළමයිනුත් ලංකාවේනේ. (ර)
මහත්තුරු ටික මේකටත් වැඩ වර්ජනය කරයිද? (ර)
හොඳ තීරණයක්. (ර)
හොඳ තීරණයක් (නි)
රජයට බරක් නොවී වෛද්‍ය විද්‍යාව මෙරටම ඉගෙනගත් මෙම අසරණ සිසුන් ගැන සාධාරණව සිතිය යුතුයි (නි)
ඉතාම බුද්ධිමත් තීරණයක් (නි)