මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයය සමග සාකච්ඡා පැවැත්වෙන බවට පැතිරයන කතාවල සත්‍යතාවක් නැතැයි සෞඛ්‍ය ඇමැති දොස්තර රාජිත සේනාරත්න මහතා කියයි.
ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවකට උත්තර බැඳීමට සෞඛ්‍ය බලධාරීන්, වෛද්‍ය සභාව සහ නීතිපති දෙපාර්තමේන්තු නිලධාරීන් සමග අද විශේෂ සාකච්ඡාවක් පැවැත්වෙන බවත්, ඊට මාලබේ කිසිවකු සහාගී නොවන බවත් සේනාරත්න මහතා සඳහන් කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හසිත, ඔය රටවල් තුනෙන් පළවෙනි එකේ ඝර්මකලාපික රෝග ගැන සාකච්ඡා කරනවා අඩුයි. ඒ අය ලංකාවට ඇවිල්ලා ආයෙත් ලංකාවේ විභාගයක් ලියලා සමත් වුණොත් තමයි පිළිගන්නේ. අනිත් රටවල් දෙකේ විෂය නිර්දේශ අපේ රටේ ඒවාමයි. නමුත් මට නම් මාලබේ කියන්නේ උපාධි කඩයක්මයි. ඒකේ සැකයක් මට නැහැ. (නි)
මොන බොරුද..? මෙයාගේ ළගම ඥාතියෙක් තමයි ඔය හොර උපාධි කඩේ .....ලෙස සේවය කරන්නේ.ඉස්සර ..අර අමාත්‍යංශයේ හිටිය කෙනා. (බ)
රොහාන්, අනිත් පීටරට ඒවා සාධාරණීකරණය කරන්නේ කොහොමද.පිටරට නිසා වෙන්න ඇති. ඕකට කියන්නේ කුහකකම (බ)
අනේ මන්දා මේ ගැටළු කවදා අවසන්වෙයිද කියලා (නි)
විජිත් , නිකම් නොදන්නා දේවල් කියන්න එපා. මේක කොහොමද හොර උපාධි කඩයක් වෙන්නේ? 2012 දී විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ අනුමැතිය ලැබෙනවා. ශිෂ්‍යයෝ බඳවා ගන්නකොට කොමිසමේ නිලධාරීන් එනවා සම්මුක පරීක්ෂණයට. මේ ගැන හොයා බලන්න පත් කල කමිටුවේ නිර්දේශය අනුව මේ ශිෂ්‍යයන්ට සායනික පුහුණුව සම්පූර්ණ කර ගන්න බැරි ප්‍රශ්නයක් තියෙන්නේ. ඒ මොකද මෙම ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය පීඨයක් නැහැ. එ්ක කරන්න ඕන රජයේ රෝහලකින්. ඒ ටික කර ගන්න දෙන්නේ නෑ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ කුහකයෝ. මේ ආයෝජකයා හොඳ සිංහල බෞද්ධ ව්‍යාපාරිකයෙක්, දක්ෂ පළපුරුදු වෛද්‍යවරයෙක්. මේ සඳහා රජය මැදිහත් වෙලා ඉක්මන් පිලියමක් යෙදිය යුතුම වෙනවා. (ස)
හොර උපාධි කඩේ කියන අය පින් උපාධී අරගෙන අනිත් අයට ඊර්ෂියා කරනවා .හැබයි රුසියෙන් ඉන්දියන් බංගලාදේශ හොර කඩවලින් ගන්න උපාධියට මේ අය ගරුකරනවා (ම)