මාලබේ පෞද්ගලික වෛද්‍ය පීඨයට එරෙහිව පෙත්සමක් අත්සන් කිරීම, අත්පත්‍රිකා බෙදීමක් සහ සත්‍යග්‍රහයක් ශිෂ්‍ය ක්‍රියාකාරීන්ගේ සහභාගිත්වයෙන් පැවැත්විණි.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
"B" 3ක් ගත්ත කෙනෙක් උනත් පෞද්ගලික වෛද්‍ය උපාධිය ගත්තට වරදක් මට නම් පේනෙ නෑ. ඒත්,සල්ලි තියෙන "S" ගත්ත බොහෝ දෙනක් මෙහි ඉන්න නිසා ඒ අය අමාරැවෙන් ගැටගහගෙන වෛද්‍ය උපාධිය ගත්තම තමයි අවුලක් වෙන්නේ....මහඡනයාට දෙයියන්ගෙම පිහිටයි!
ඕන දෙයක් පුද්ගලික කළාට කමක් නෑ. වෛද්‍ය විද්‍යාල පුද්ගලික කරන්න දෙන්න එපා.
ඕවට ඔයාලම අත්සන් කරගන්න, අපිට ඕන වෛද්‍ය ක්ෂේත්‍රයෙත් තරගකාරීත්වයක්
කවුද මේක සංවිධානය කරන්නේ. කරුණාකර ඔවුන් සම්බන්ධකළ හැකි ක්‍රමයක් කියන්න.
ලිං මැඩියන් විරුද්ධයි තමයි.
සහතික ඇත්ත මිනිස් ජීවිතය එක්ක සෙල්ලම් කරන්න එපා. අනිත් ඕන සෙල්ලමක් දාගත්තට කමක් නැහැ.
ශ්රී ලංකාවේ පුද්ගලික චැනල් සේවයට විරුද්ධව මේ අත්සන් යොදන්නේ නැත්තේ ඇයි. ?
ඇත්ත,වෛද්‍ය විද්‍යාල පුද්ගලික කිරීමක් අවශ්‍ය නැත.
ඕන දෙයක් පුද්ගලික කළාට කමක් නෑ.
ඩෙරික් පුතා අපිත් විරැද්ධයි තමා. අපි එහෙම කිවුවට අද හැම දෙයක්ම පුද්ගලික වෙමින්නේ පවතින්නේ. ඉතින් මක්කොරන්නැයි.
රටේ තියෙන සීමිත රැකියා ටිකකට ආසාවෙන් තවත් අපේම සහෝදර සහෝදරියන්ට තියෙන අවස්ථාවක් නැති කරන්න හදන මේවා පහත්පෙලේ වැඩ. ලෝකයේ ඕන තරම් අවස්තා තියෙනවා. හොදින් ඉගෙන ගත්ත අයට. අනෙත් හැම රටකම පුද්ගලික විශ්වවිද්‍යාල තියෙනවානම් මොකද අපේ රටේ ඇතිකලාම වෙන්නේ.
නිදහස් අධ්‍යාපනය රැකගැනීමට ෙද්ශපාලන ෙබ්දයකින් ෙතාරව සැෙවාම අත්වැල් බැදගත යුතුයි.
මේක පැහැදිලිවම ඉරිසියාව. රජයේ වෛද්‍ය විද්‍යාලට නොතේරුණු අයට සුදුසුකම් ඇත්නම් සල්ලි ගෙවලා හරි වෛද්‍යවරයෙක් උනාට වරදක් නැහැ. අපේ රටේ මොනතරම් වෛද්‍යවරුන්ගේ හිගයක් තියෙනවද ? රටට අවශ්‍ය ප්‍රමාණයට වෛද්‍යවරු සිටිය යුතුයි. එතකොට තමයි අහිංසක මිනිසුන්ට වෛද්‍යවරුන්ගේ වැඩ වර්ජන නිසා සිදුවන හිරිහැර නවතින්නේ.
රටේ සල්ලිවලින් නිකන් ඉගෙනගෙන වැඩක් කරන්නේ නැතුව රටට විදේශ විනිමය ගේන්න හදන වැඩ වලට අකුල් හෙලනවා. එහෙම වැඩක් රටේ කරන්න බැරිනම් අනිත් අයට හරි එහෙම දෙයක් කරන්න දෙන්න. නිකන් බොරු වැඩ කරන්නේ නැතුව.
ලෝකේ පුරාම හැම රටකම පෞද්ගලික වෛද්‍ය විද්‍යාල තියෙනවා. රජයේ වෛද්‍ය විද්‍යාල වල තිබෙන ඉඩකඩ සීමිත කමත්, වෛද්‍ය වරුන්ගේ අසීමිත ඉල්ලුමත්, යන්තමින් හෝ සපුරා ලන්නට පෞද්ගලික වෛද්‍ය විද්‍යාල බොහොම උපයෝගී වෙලා තිබෙන බව කාටත් නොරහසක්. පෞද්ගලික වෛද්‍ය විද්‍යාල වල අඩුපාඩු ඇත්නම් ඒවාට අවශ්‍ය පිළියම් සහ නීති යොදා වැඩපිළිවෙල සක්තිමත් කිරීමයි කලයුත්තේ, කඩාකප්පල් කිරීම නොවෙයි. අවසානයේ කොහොමත් වෙන්නේ, ලංකාවේ ප්‍රශ්න නිසා පිටරට වල වෛද්‍ය විද්‍යාලවලට ළමයි යවන එකයි. අන්තිමේ විශාල විදේශ විනිමයක් රටට අහිමි වෙනවා. ඔච්චරයි වෙන්නේ. විද්‍යාලයට ඇතුළු වන්නට ඉඩ නොලද දියණියකගේ පියෙක්...
නිදහස් අධ්‍යාපනයේ අවසානයේ ආරම්භය විය හැක. මෙයට ඉඩ නොදිය යුතුය...
නිදහස් අධයානපයේ අවසානයේ ආරම්බය විය හැක. මෙයට ඉඩ නොදිය යුතුය...
ලෝකය ගැන නොදන්නා මෝඩ මිනිස්සු
කුහක මිනිස්සු
ශ්රී ලංකාවේ ජනතාව මේ තත්ත්වය හොදින් තේරුම්ගත යුතුයි. රජයේ වෛද්‍ය වරුන්ගේ සංගමය ඉතාමත්ම භයානක මාෆියාවක් වගේ තමයි ක්‍රියාත්මක වන්නේ. ඔවුන් ඉතාමත්ම දුෂ්ඨ විදියට තමයි රෝගීන් සම්බන්ධයෙන් කටයුතු කරන්නේ. මෙය වළක්වාගැනීමටනම් වර්ෂයකට බිහිවන වෛද්‍යවරු සංඛ්‍යාව වැඩි කැරගත යුතුයි.
ඔය වගේම පුද්ගලික රෝහල් සහ චැනල් කරන එකත් නවත්තන්න කියමුකෝ. ලංකා රජය දොස්තර කෙනෙක් හදන්න කොපමණ වියදම් කරනවද ? ඒත් ඒ අය පිටරටට සේවය කරන්න යනවා. පිටරටිනුත් අපේ දොස්තරලා ටික දිනා ගන්න බලාගෙන ඉන්නේ. මොකද උන්ට කොච්චර සල්ලි ඉතුරුද ? ඕවා පිටිපස්සේ ඉන්න අය ගැන දන්නවනම් ඔය කිසි කෙනෙක් ඕවට අත්සන් කරන්නේ නෙැහැ. (අපේ රටේ හොද දොස්තරවරුන්ට මගේ ගෟරවය.)
ඉගෙනීමේ අයිතිය ඕනම කෙනෙකුට තියෙන්න ඕනේ. විශ්වවිද්‍යාල යන්න ලකුණු තුන අඩු වුනාම තමයි ඒ දුක තේරෙන්නේ. තව කෙනෙක් ඉගෙන ගන්නවට ඊර්ෂ්‍යා කරන්න එපා.
ශ්රී ලංකාවේ වෛද්‍යවරු හැමතිස්සෙම හිතන්නේ මුදල් ගැන විතරයි. ඔවුන් ඒ වෙනුවෙන් පුද්ගලික සේවාවේ යෙදී ඉන්නවා.
පොලීසිය පුද්ගලික කරන්නකෝ
ටික දෙනෙක් රජයේ වෛද්‍යවිද්‍යාලයට යනවා. නමුත් දහස් ගණනකට ඒ අවස්ථාව ලැබෙන්නේනැහැ.මෙය අධ්‍යාපන අවස්ථා ලබාදීමේ වරදක්. අපි හැමතිස්සේම හිතන්නේ මෙය නිතරම රජයෙන් කළ යුතුයි. නිදහස් අධ්‍යපානයම විය යුතුයි කියා.
පුද්ගලික කරාම ලංකාවටම නොමිලේ බෙහෙත් ලැබෙයිද....අනේ අපි වගේ දුප්පත් මිනිස්සුන්ට එදාට යන කල මොකක්ද..... කවුරැ මොනවා කිව්වත් අපිට තවමත් නිදහස් අධ්යාපනය තියෙනවා නොමිලේ වෛදය සේවාව ලැබෙනවා ....පෞද්ගලීකරණයෙන් වෙන්නේ කබලෙන් ලිපට වැටෙන එක විතරයි...
ඔය වැඩ වලින් වෙන්නේ මහන්සි වෙලා ඉගෙන ගන්න දුප්පත් ළමයට අසාධාරණයක් වෙන එක. සල්ලි තියෙන අය ආතල් එකේ ඉදලා උපාධියත් අරගනීවි. ඊට පස්සේ වෙන්නෙ මේ රටේ මෝඩ උගත්තු බිහිවෙන එක විතරයි.
මේ ගොල්ල මොනවද කරන්නේ ? පුද්ගලික විශ්වවිද්‍යාල එපා මොකද ? ආණ්ඩුවට පුළුවන්ද උසස් පෙළ සමත්වන හැම ළමයටම විශ්වවිද්‍යාලයක් දෙන්න ? ලංකාවේ කී දෙනෙක් බදු ගෙවනවද එහෙම කරන්න. මේ අත්සන් කරන අය කී දෙනෙක් බදු ගෙවනවද ?
පිට රට විශ්ව විද්‍යාල වලට ගිහින් උපාධිය අරන් එන අයට ඩොක්ටර්ස්ලා විදියට අපේ රටේ වැඩ කරන්න පුළුවන්නම් ඇයි අපේ රටේ පුද්ගලික විශ්ව විද්‍යාල පටන් ගත්තම ඇති වැරැද්ද ?
පුද්ගලික වෛද්‍යවිද්‍යාලය ගුණාත්මක විය යුතුයි. අපේ දුප්පත් මිනිසුන්ගෙන් වෛද්‍යවරු අයකරන්නේ අසාධාරණ මුදලක්. මෙය පාලනය විය යුතුයි. තවත් සිසුන් දහසක් පමණ වෛද්‍ය ක්ෂේත්‍රයට එක්කළ හැකිනම් විශාල තරගයක් ඇතිවනවා. එවිට මේ අයකිරීම් නිරායාසයෙන්ම අඩුවේවි. හැම ක්ෂේත්‍රයකම පුද්ගලික අධ්‍යාපන ආයතන තිබෙනවා. ඇයි වෛද්‍ය ක්ෂේත්‍රයේ විතරක් පැවතිය නොහැක්කේ. ?
මෙක පුද්ගලීකරනය වෙන්නම ඔනා. දොස්තර මහත්තුරුන්ගෙ අයකිරීම හරීඊඊම වෑඩිය් මෙයලා. තරන්ගකාරිත්වයක් ඇතිකරලා දොස්තරලාගෙ ,නන් බස්සමු
මම රුසියාවේ ඉදල තියෙනවා. රුසියාවෙත් මුලින්ම වෛද්‍ය විද්‍යාල තිබුණේ රජය යටතේ. පසු කාලෙදී පුද්ගලික වෛද්‍ය විද්‍යාල ඇතිවුනා. දැන් රුසියාවේ සමහර වෙද්‍ය විද්‍යාල වල ප්‍රමිතිය අන්තිමයි. ඒක නිසා රුසියාවේ මේ ක්ෂේත්‍රයේ බිදවැටීමක් වෙලා තියෙනවා. මේවගෙන් බිහිවෙන අයට රස්සා නැති නිසා ඒගොල්ලෝ විවිධ සමාජ විරෝධී ආයතන වලට අනුගත වෙලා වැඩ කරනවා. මුදල් හොයා ගැනීමට මිනිසුන් පැහැරගෙ ගිහින් මරලා අවයව ලබාගැනීම එකක්. මේ නිසා දැන් රුසියාවේ මිනිහෙකුට පාරේ බැහැල යන්න බයයි කියලා එහේ යාළුවෝ කියනවා. ලංකාවෙත් මේවා වෙන්න පුළුවන්. අනාගතතේ අපෙත් අවයව ලබාගන්න මිනිසුන් පැහැර ගන්න ආයතන බිහිවෙන්න පුළුවන්. ඒ නිසා දැන් ම මේවා වළක්වගන්න මෙවැනි ආයතන බිහිවීම වැලැක්වීම රටට ආදරේ ඇති මිනිසුන්ගේ වගකීමක්. තමන්ගේ දරුවා සල්ලිගෙවලා හරි වෛද්‍යවරයෙක් කරනවාට වඩා රටේ අනාගතය සාර්ථක කරගන්න අපි හැමෝ උනන්දු විය යුතුයි.
එස් තුනේ දොස්තරලා අපිට එපා, මාලඹේ අපිට එපා.
ඕකට පුද්ගලික වෛද්‍ය විද්‍යාල කියලා වෙනම ගොඩනැගිලි මොකට ද ? අර තියෙන්නේ තියෙන ගොඩනැගිලි ටිකට තව ගොඩනැගිලි ටිකක් එකතු කරලා තව හොදට දියුණු කරන්න තාක්ෂණ්‍ය හදුන්වාදීලා මේ පරණ පද්ධතිය ටිකක් දියුණු කරලා ගත්තනම් නරකද ? එතකොට විදේශ අයටයි ලංකාවේ අයටයි ඔක්කෝටම හොදට ඉගෙන ගන්න පුළුවන්නේ.
පුද්ගලික බස් වලයි. ලංගම බස්වලයි වෙනස පාසල් අධ්‍යාපනයයි ටියුෂන් අධ්‍යාපනයෙයි වෙනස සහ ඒ දෙකම ජන ජීවිතයට පිලිලයක් වුන ආකාරය පොඩ්ඩක් පුද්ගලික විශ්ව විද්‍යාලය එක්ක ගලපලා බලන්න. ඇයි අපේ රටේ මිනිස්සු මේවා තේරුම් ගන්නේ නැත්තේ.
මෙයාලා දොස්තරවරු උනාම ජනතාවගේ රීරි මාංශය උරා බොන්නේ නෑ කියලා පොරොන්දු වෙනවා නම් අපිත් ඔය පෙත්සමට අත්සන් කරනවා.
තවකෙනෙකු ඉගෙන ගන්නවාට තියෙන පැහැදිලි ඊර්ෂ්‍යාව....
දොස්තරලා වැඩි වුනාම අපිට තමයි හොද දැන් බලන්න ගමේ පොඩි රෝහල් වල දොස්තරලා නෑනේ.
පුද්ගලික විශ්වවිද්‍යාල නැති රටවල් හොඳ වෛද්‍යසේවයක් පවත්වාගෙන යනවා,පොඩ්ඩක් හොයල බලන්න. අපි පොඩිකාලෙත් එක්ක බැලුවම දොස්තරලගේ ගාන අඩුවෙලා කියලයි මට හිතෙන්නේ(එදා කිරි පැකෙට් එකක් කීයද අද කීයද? (සසඳන්න).පිටරටවලින් එන දොස්තරලට විභාගයක් තියෙනවනේද පාස්වෙන්න?එහෙම එන දොස්තරල අර පාස් මාර්ක් 35 කරන්න කියල නඩු දැම්මේ....මොනවා උණත් නිදහස් සෞඛ්‍ය සේවයක් තියෙන රටවල් ජීවත් වෙන්න හොඳයි නේද? කැනඩාව වගේ?
ලක්ෂ 75 ක් තිබේනම් ඒලෙවල් එස් තුනෙන් දොස්තර කෙනෙක්.
ලංකාවට වැඩියෙන් වෛද්‍යවරු අවශ්‍යනම් ඇයි රජයේ විශ්ව විද්‍යාලවල පහසුකම් වැඩි කරලා වැඩියෙන් සුදුසුකම් තියෙන ළමයි ගන්න බැරි? ඒ ළමයි ළමයි නෙවෙයිද? තාත්තලාගේ සල්ලිවලින් දැන් පෞද්ගලික විශ්වවිද්‍යාල වලට ගියාට පස්සේ අපිටම තමා දොස්තර ගාස්තු හැටියට ඕව ගෙවන්ට වෙන්නේ. ඒ නිසා දැන්මම අපේ සල්ලි වලින් සුදුසුකම් තියෙන ළමයි රජයේ විශ්ව විද්‍යාලවල වලින් පුහුණු කරන්න ඕන කියලයි මම හිතන්නේ.
විශ්වවිද්‍යාල කාලයේ අපිත් පුද්ගලික වෛද්‍ය විද්‍යාලය එරහි සටනට සම්බන්ද වුනා. 86/89 කිවිතේ බෙරගත්තෙත් අනුනමයෙන්, එදා අපිත් එක්ක සටනේ හිටපු වෛද්‍ය ශිෂයෝ අද හොඳ චැනල් දොස්තරලා, අපිත් පෝලිමේ ඉඳල ඒගොල්ලන්ගෙන් බෙහෙත් ගන්නේ. ස්ට්‍රික් කරපුවහම අත්සන් කරපු අපිමයි දුක් විඳින්නේ. පුද්ගලික වෛද්‍ය විද්‍යාල සෑම පළාතකම එක බැගින් ඇති කරන්න ඕනේ.
නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙනගෙන ඩොක්ටර්ස්ලා වෙලා රට යනවනම් මෙහේ පුද්ගලික විශ්ව විද්‍යාලය තිබිය යුතුයි. අඩුමගානේ සල්ලි ටිකක් හරි රටට ලැබෙනවනේ.
එපා කියන අය ආත්මාර්ථකාමියෝ.
තමුන් දක්ෂ නැති නිසා තමයි ඕවට බයවෙලා ඉන්නේ. කැමති අයට ඉගෙනගන්න ඉඩ අහුරන්නේ ඇයි. ? කුහකකම නිසා. කවුද කියන්නේ රජයේ විශ්වවිද්‍යාල වලින් බිහිවෙන අය හොදම අය කියලා.
හොදම වෙද උපාධිය දෙන එංගලන්තේ පවා උපාධිය දෙන්නේ මුදලට එහේ අයත් කියනවාද දන්නේනෑ ඔය අපේ ලිං මැඩි ටික වගේම ඉතින් මෙහේත් දුන්නහම මොකද වෙන්නේ එතකොට ඔය ජ.වි.පෙ. සහොදරයන්ට තමා ප්‍රශ්නේ වෙන්නේ
නිමා ට මම කියන්නේ සල්ලි වලට උපධිය දෙන රටවල පවා බෙහෙත් දෙන්නේ නොමිලේ උදා. එංගලන්තය. මෙහෙම කලා කියලා ඔයා හිතන දෙයක් වෙන්නේ නෑ. නිකන් ඉගෙන ගෙන ඇයි එහෙමනම් දොස්තරල චැනල් සේවය කරන්නේ එහෙනම් මෙකත් වැරදිනේ ඇයි මේ ගැන කථා නොකරන්නේ
මම පිට ඉදන් දකින්නේ මේ විදියට, මේ අයට ප්‍රමතියකින් යුතු වගකීමක් සහිත සායනික පුහුණුවක් අවශ්‍යයි. එය ලැනෙවාද නැද්ද
පුද්ගලික ඉංජිනේරු උපාධි, කළමණාකරණ උපාධි හොදයිනම් ඇයි වෛද්‍යවරු බිහි වුනාම මොකද වෙන්න්. ඇයි අනිත් ඒවට කවුරුවත් කෑ ගහන්නේ නැත්තේ.
වෙන රටවල නිදහස් අධ්‍යාපනයක් නැහැ. මේ වැඩෙන් වෙන්නේ හොද ගුරුවරු වැඩි වැටුපට පුද්ගලික විශ්වවිද්‍යාලවලට මාරුවෙයි. අපේ අහිංසක ළමයින්ට තියෙන විශ්විද්‍යාල නිකම්ම වල් වැදෙයි.
මම සතුව සල්ලි තිබේනම්. මට ඒවා ආයෝජනය කරලා මට විශ්වවිද්‍යාල අධ්‍යාපනයක් ලැබිය හැකියි. ලෝකේම එහෙම පුළුවන්නම් ඇයි ලංකාවේ විතරක් බැරිවෙන්නේ.
බලන් හිටපල්ලා මේකෙන් අඩු ගානට බෙහෙත් ගන්න . මොකද මේකට යන අය ලක්ෂ 100 (ගාස්තු සහ සුපිරි පෙලන්තියේ ජීවන් වියදම් ) විතර වියදම් කරන්නේ අපට තියෙන ආදරේට. ඒ ගොල්ල දොස්තරලා වෙලා ආණ්ඩුවේ පඩිය විතරක් අරගෙන හවසට නිකම් බේත් දෙයි. ආණ්ඩුවේ දොස්තර පඩියෙන් ලක්ෂ 100 හොයන්න අවුරුදු 8 යනවා. අනිත් අය නිකම් පුද්ගලික සේවේ පටන් ගන්න කොට මේ ගොල්ල පටන් ගන්නෙම ලක්ෂ 100 ක් හිඟ මුදලකින්. අපි ඔක්කොම එකතු වෙලා කොහොම හරි මේක කරගමු. කොහොම හරි නිකම් ගන්න බෙහෙත් ටිකටත් වැඩේ දෙයි. මේකේ ගෙවන ගණන් වලට ආණ්ඩුවේ විශ්ව විද්‍යාල වල උගන්නන්න ඉන්න ටිකත් ගියොත් අද්‍යපනේටත් ඒ ගලෙන්ම ගහන්න පුළුවන්.
රුසියාව, ඇමරිකාව, පිලිපීනය, ඉන්දියාව ඇතුළු බොහෝ රටවල පුද්ගලික විශ්වවිද්‍යාල තියෙනවා. කළ යුත්තේ හොද ප්‍රමිති පාලනයක් පවත්වාගැනීමයි. වැරදි වැටහීම් නැතිකළයුතුයි.
පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ලංකාව තුල ඇතිකිරීම සුදුසුයි. එය පිළිගත් සුදුසු ක්‍රමවත් වැඩපිලිවලකට කිරීමයි කලයුතේ. පෞද්ගලික චැනල් සේවයට විරුද්ද නොවන අප පෞද්ගලික වෛද්‍ය විද්‍යාල වලට එරෙහි වීම විහිළුවකි.
අනෙක් පාඨමාලා දෙනවනම් වෛද්‍ය උපාධි ඇයි දුන්නම මොකද මුං බයයි ජොබ් එකට කෙලවෙයි කියල
ඊර්ෂ්‍යාවට තිත තබන්න. ලොව පුරා ඇත්තේ පුද්ගලික සරසවි, ඒක තේරුම් ගන්න. හැබැයි ප්‍රමිති අනිවාර්ය විය යුතුයි.
කොහෙද නිදහස් අධ්‍යාපනයක් තියෙන්නේ. ? පළමු වසරේ ඉදන් ටියුෂන් සරණං ගච්ඡාමී කියන රටේ ටියුෂන් නොගිහින් විශ්වවිද්‍යාලයට ගිය එකෙක් ඉන්නවද කියලා බලන්න. අධ්‍යාපනේ පුද්ගලීකරණය වෙලා ඉවරයි. පාසල් තියෙන්නේ නමට විතරයි.
ඔක්කොම පෞද්ගලිකකරණය කරන්න දගලන උන්නැහේලා මොකද කියන්නෙ විකුණලා විකුණලා ඒත් මදි නම් අම්මා අප්පාවත් විකුණමුද ආයුබොවන්ඩ ? අනික මහත්තයෝ දොස්තරලා ගාණ කපනවා කියලා මේ කරන්න හදන්නෙ මක්කෙයි ? අත උස්සලා ලක්ශ 65 ක් දීලා ආපු ගොයියල ගෙන් නෙ තරගය වැඩි කරන්න හදන්නෙ. ලක්ශ 65 හිග පිට එන මෙයාලා ඉන්න අය තරම්වත් අහිංසක මිනිස්සු ගැන හිතයිද ? රජයේ සොච්චම් පඩියට වැඩ කරයිද හොහ් හොහ් . මේවට කොහෙන් හිනා වෙන්නද කියලා හිතාගන්න බෑ
ප්‍රශ්නය තියෙන්නේ විශ්වවිද්‍යාලවල ඉඩ මදිකම, එයට විසදුම ඉඩ වැඩිකිරීමයි, පෞද්ගලීකරණය නෙවෙයි. මුදල් වැය කිීමට හැකි කම තිබුණා කියලා අඩු හෝ අවම සුදුසුකම් වලට වෛද්‍ය උපාධිය දීම නොවෙයි.