ලාභ ඉපයිමේ මුලික පරමාර්ථයෙන් මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය පවත්වාගෙන යන බව කියමින් වෛද්‍ය පිඨ ශිෂ්‍ය ක්‍රියාකාරි කමිටුව අදත් (13) සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපිට පැවැත්විණි.
ලාභ ඉපයිමේ මුලික පරමාර්ථයෙන් මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය පවත්වාගෙන යන බව කියමින් වෛද්‍ය පිඨ ශිෂ්‍ය ක්‍රියාකාරි කමිටුව අදත් (13) සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපිට පැවැත්විණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එයාලට ඇතිතරම් කෑගහන්න දෙමු (නි)
හොර උපාධි කඩ වලට අපේත් විරෝධය!!! (නි)
මේ අයත් ඉගෙනගන්නේ, මාලඹේ වෙද විදුහලට යන අයගේ දෙමවුපියන් ඇතුලු රටේ ඉන්න හැමෝගෙම බදුමුදල් වලින් කියලා අමතකවෙලා වගේ. (නි)
ආණ්ඩුවෙ දුර්වලකමින් ප්‍රයෝජන අරගෙන එයාලගෙ වැඩේ කරගන්න එයාලා බලන්නෙ. ගිය ආණ්ඩු කාලෙත් ඔහොම කෑගහන්න තිබුනානේ. ලෝකෙ ගොඩක් රටවල වෛද්‍ය විද්‍යාල පුද්ගලික තමයි. ඒවයින් කරන පරියේෂණ වලින් තමයි වෛද්‍ය විද්‍යාව ගොඩනැගෙන්නෙ. මේගොල්ලො කියන විදියට පුද්ගලික වෛද්‍ය විද්‍යාල වලට යන්නෙ සල්ලිකාර මෝඩයො නම් වෛද්‍ය විද්‍යාව ගොඩනඟලා තියෙන්නෙත් සල්ලිකාර මෝඩයොනේ (නි)
අනාගතයේදී පොකට් එකට වැටෙන්න තිබෙන සල්ලි ගැන හිතලා වෙන්න ඇති කට්ටිය මේ හැටි කුපිතවෙලා තියෙන්නේ. ඔය වෙන්න දොස්තරලා කෑ ගැහුවට වැඩක් නැහැ. අපි නම් අසනීපයක් වුණොත් සල්ලි ගෙවලා බෙහෙත් ගන්න යන්නේ පෞද්ගලික විශ්ව විද්‍යාලයකින් උපාධිය ගත් දොස්තර කෙනෙක්ගෙන්මයි. මේ වගේ කුහකයින්ගෙන් බෙහෙත් ගන්නවට වැඩිය හොඳයි බෙහෙත් නොගෙන මැරෙන එක. (නි)
චානක, මමත් ඔබේ ගොඩට අයත් කෙනෙක්. ඒ වගේ ස්ට්‍රයික්, රැග් එහෙම තිබුනේ නැහැ. පෞද්ගලික ඒවා එපා කියන්න තිබුනා අපේ රටේ අධ්‍යාපන ක්‍රමය මීට වඩා වෙනස් පිළිවෙලකට තිබුනා නම්. (නි)
රටේ තවත් පිරිසක් ඉගෙනගන්නවට විරුද්ධවෙන මෙයාලා අනාගතයේ අහිංසක රෝගියෙක් මැරුණට සිත උණුවෙයි කියලා හිතනවද? ඔන්න ඔහේ දිගටම උද්ඝෝෂණ කර කර ඉන්න අරින්න. රෝහල්වලට සුළු සේවකයෝත් අඩු එකේ පස්සේ ඒවට හරි ගන්න පුලුවන්නේ, හැමදාමත් පන්ති වලට නොගියොත් (නි)
මාලබේ දොස්තරලා හොද නැත්තම් අපි බේත් නොගෙන ඉන්නම් . ලෙඩ්ඩු එක තීරණය කරවී. ඔය ගොල්ලෝ හොද ළමයි වගේ පිනට දෙන එකෙන් ඉගෙන ගන්න (කෞ)
දැන් එතකොට දොස්තරලා පුද්ගලික චැනල් සේවයේ යෙදෙන්නේ ලාභ ඉපයීමේ පරමාර්ථයෙන් නෙමෙයි, සමාජ සේවයක් වශයෙන් වෙන්න ඇති. අනේ මගේ කට! (නි)
මේ දරුවන්ට බොහොම පින් මේ කරන අවංක හදවතට එකඟ ශ්‍රේෂ්ඨ ක්‍රියාවට! (නි)
මාලඹේ ළමයින්ගෙන් බෙහෙත් ගන්න එක හොඳයි වගේ. මොකද මේ ළමයි උද්ඝෝෂණ කරද්දි මාළඹේ ළමයි ඉගෙනගන්නවනේ. (නි)
මේ ළමයිනේ!, දැන් ඔහෙලට ඔක්කොම අපි අතට පයට බදු ගෙවමින් ලබාදෙනවා නේද? දැන්වත් ඔය කුහක උද්දච්චකම නවත්වන්න. තව ටික කලකින් හොඳ දෑවැද්දක් එක්ක පරස්තාවක් කර ගන්නකොට, චැනල් සේවයේ යෙදෙනකොට ලාභ උපයන්නේ කවුද කියලා අපිට බලාගන්න පුළුවන්. (නි)
ඔබේ සටනට අපේ උත්තමාචාරය! (නි)
අපොයි අපිට ලාභ ඉපයීම ගැන නම් කියන්න එපා. මගේ මල්ලිගේ ගැහැණු ළමයා දොස්තර විභාගය පාස්කළා විතරයි අවුරුදු අටක සම්බන්ධය නතර කළේ අදහස් ගැළපෙන්නේ නැහැ කියලා. දැන් අන්න සල්ලිකාර ව්‍යාපාරික පවුලකින් මනමාලයෙක් සොයාගෙනලු. මගේ මල්ලි මාස් පඩි ගන්න සාමාන්‍ය මනුස්සයෙක්. මම නම් දන්නා කියන අහිංසකයෙකුට දොස්තර කෙනෙක් එක්ක නම් පැටළෙන්න කියන්නේ නැහැ. (නි)
මේ වගේ කුහක උගතුන් කොට්ඨාශයක් මුළු ලෝකෙම නැතුව ඇති. මුළු රටේම මිනිස්සු අකුරක්වත් දන්නේ නැති නූගතුන් වෙනවා නම් මේගොල්ලො හරි කැමතියි. (නි)
මමත් ගොඩගියේ පෞද්ගලික සරසවිය නිසා. මේගොල්ලෝ කියන විදිහට ඒවා වැහුවා නම් අද මම පාරේ හිඟාකනවා (නි)
අධ්‍යාපනය හැමෝගෙම අයිතියක්. ඒක අයිති ඕගොල්ලන්ට විතරයි කියලා කවුද තීරණය කළේ? (නි)
දොස්තර කෙනෙක් හදන්න අසරණ මිනිසුන්ගේ සල්ලි වලින් කෝටියකට වඩා වියදම් කරනවා. ඉගෙනගැනීම සඳහා ලෙඩ්ඩුත් විඳවනවා. අන්තිමට එයින් කීදෙනාද රටට සේවය කරන්නේ. ඒගොල්ලෝ පිටරට යනවා. තමන්ගේ මුදලින් ඉගෙනගෙන එන අයටත් වැට බඳිනවා. (නි)
අධ්‍යාපනය හැමෝගෙම සාධාරණ අයිතියක්. හෙට අනිද්දට මේගොල්ලන් කියාවි පුද්ගලික පාසල් නවත්වන්න කියලා. ඔය නිදහස් අධ්‍යාපනය දඩමීමා කරගෙන කාගේ හෝ අධ්‍යාපනයට අකුල් හෙළනවා නම් ඒ තරම් පවක් තවත් නැහැ. හෙට කියාවිද දන්නේ නැහැ ගණකාධිකරණ ආදී අන්තර්ජාතික විභාග පන්ති පැවැත්වීමත් නවත්වන්න කියලා. (නි)
මේගොල්ලෝ මෙහෙම අනෙක් මිනිහෙක් යමක් ඉගෙනගන්නවාට කුහක වෙන හැටි දැක්කා නම් කන්නන්ගර මහත්තයා කීයටවත් මේ නිදහස් අධ්‍යාපන සංකල්පය ඉදිරියට ගෙනෙන්නේ නැහැ. එතුමා දැන් කොහේ හෝ සිට බලා කණගාටු වෙනවා ඇති ඒ සංකල්පය නිසා බිහිවුණ මේ කුහක නුතන පරම්පරාව දැකලා. (නි)
පුද්ගලික පුහුණුව හොඳයි, පුද්ගලික සරසවි හොඳ නැහැ (නි)
මොවුන්ට ගහන්න මඩු වලිගය හොඳ වැඩියි මට නම් (නි)
අමල්, ඕක අපිත් දැකපු දෙයක්. දොස්තරලා තරම් සල්ලි වලට පෙරේත තවත් කොට්ඨාශයක් නැහැ. ඒ වගේම තමයි ඒගොල්ලන් හිතන්නේ මේ රටේ ලොකුම වැදගත් රැකියාව ඒගොල්ලන්ගේ කියලා. (නි)
තව කෙනෙකුගේ ලැබීමකට, විශේෂයෙන් ශිල්ප ශාස්ත්‍ර ඉගෙනගන්න එකට ඊර්ෂ්‍යා කිරීම වරදක් බව ගෙවල් වලින්වත් කියලා දීලා නැද්ද ? මේගොල්ලන් තමයි උසස් පෙළ පන්තියේදී තමන්ගේ සටහනක්වත් අනුන්ට බලන්න නොදෙන කුහකයන්. අඩුගානේ මනුස්සකමේ මුලික හරයවත් දැනගෙන සමාජගතවෙලා නැති බව තමයි අපිට පෙනෙන්නේ. (නි)
විදිමත් ප්‍රමිතිකරණයක් සහ ඇක්ට් 16 අනිවාර්ය කිරීමට සටන් කිරීම මහා පොලවේ යතාර්ථය වේ (කෞ)
දැන් ඔයගොල්ලෝ උසස් පෙළ උපකාරක පන්ති ගියේ රජයේ නොමිලයේ ශිල්ප දෙන පන්ති වලටද? පුළුවන් නම් උසස්පෙළ ටියුෂන් නවත්වන්න කියන්නකෝ. පුද්ගලික ටියුෂන් නැතුව වෛද්‍ය විද්‍යාලයට ගිය කට්ටිය අත උස්සන්න බලන්න. (නි)
මේගොල්ලන්ගේ ළමයින්ට කවදාහරි රජයේ සරසවියට යන්න බැරි වුණ දවසට කුඹුරු කොටන්න නැත්නම් මුට්ට කරගහන්න යවන්න වෙන්න ඇති හිතාගෙන ඉන්නේ. මොකටද අපේ කට! (නි)
මේ වගේ කුහක, සමාජයේ වෙන කෙනෙකුගේ දියුණුවට අකමැති කොට්ඨාශයකට ඉගෙනගන්න බදු ගෙවන අපිට තමයි අර කියපු මඩු වලිගෙන් තලන්න ඕනෑ (නි)
ඔය කෑගහන්නේ ඊර්ෂ්‍යාවට. වැඩියෙන්ම කෑගහන්නේ අඩු ප්‍රතිඵල වලින් ඈතින් ආ අය තමා. (නි)
මේ ප්‍රශ්නය දැන් දුරගියා වැඩියි (නි)
සයිටම් වැහුවොත් ඒ මුදල යන්නෙ නේපාලයට, බංගලිදේශයට සහ චීනයට. මුදලට උපාධිය විකුණනවා කියනවා වගේ මෝඩ සටන් පාඨ කියන්නෙ නැතුව කියන්න ඕනෑ වියදම් කරන මුදලට ගුණාත්මක අධ්‍යාපනයක් ඔවුන්ට දෙනු කියලයි. (නි)
ලාභ බඩුවේ හිලක් කිව්වේ කට කහනවාට නෙමෙයි. හැමදෙයම තමන්ගේ අතට නොමිලේ ලැබෙනකොට අඩු ගානේ අනුන්ගේ ලැබීමකට අකුල් හෙලන්නේ නැතුව කරුණාකර ඉගෙනගන්න (නි)
ඔබේ සටනට ජය.........!!!! (නි)
අපිට තවත් පුද්ගලික වෙද විදුහල් කීපයක් අවශ්‍යයි (නි)
මට කොළඹින් වෛද්‍ය විද්‍යාලයට යන්න මදි වුණේ ලකුණු දෙකයි. වෘත්තීය ගණකාධිකරණය හදාරා මම මුල්‍ය අංශයේ රැකියාවකට ගියා. ඉස්සර මාත් සමඟ සති අන්තයේ කොළඹ පන්ති ආ කෙනෙක් මට වැඩිය ලකුණු 40 ක් අඩුවෙන් බදුල්ල දිස්ත්‍රික්කයෙන් වෛද්‍ය විද්‍යාලයට ගියා. දැන් අපේ තවත් මිතුරියක් එක්ක මා ගැන කියලා තිබෙනවා " අපි දොස්තරලා වෙලත් තවම ගෙයක් හදාගන්න බැරිවුණා, අරයා කැම්පස් නොගිහින් ඒවා ඔක්කොම කරගෙන " කියලා. මේ අයගේ ආකල්පය තමයි ඔන්න ඔය (නි)
ලාභ ඉපයිමේ මුලික පරමාර්ථයෙන් පුද්ගලික රෝහල් පවත්වාගෙන යන්නත්, දොස්තරලාට මුදල්වලට බෙහෙත් කරන්න යන්නත් හොඳ නම්, වෙදකම උගන්වන එක විතරක් වැරදි වෙන්නෙ කොහොමද? (නි)
රටේ ජනතාවගේ බදු මුදලින් පිනට ඉගෙනගෙන, පසුව මුදල් අයකරමින් පෞද්ගලික රෝහල් වල සේවය කරන්න මේ අයට අවස්ථාවක් නොදිය යුතුයි කියලා අපි මහජනතාව ලෙස රජයට බලකර සිටිනවා. එසේ නැත්නම්, රජය විසින් මේ සිසුන් වෙනුවෙන් වැයකරන මුදල්, ඔවුන් රැකියා කරනවිට අයකර ගැනීමේ නව ක්‍රමවේදයක් හඳුන්වාදෙන මෙන් අපි රජයෙන් ඉල්ලා සිටිනවා. (නි)
මහා ජනතාවගේ මුදල් වලින් ඉගෙනගන්න අය, ඉගෙනගෙන මහජනතාවට සේවය කරන හැටිද මේ? (නි)
අනේ අැත්තට , ලෝකෙම ඉන්න කුහක,මෝඩ , වෛද්‍ය සිසු රැල තමයි මේ දඟලන්නේ, අාත්මාර්ථකාමී, මුන් රජයේ මුදලින් උපන්දා සිට ඉගෙන ගෙන , රජයේ රෝහලේ සේවය පොතට පමණක් සීමා කර චැනෙලින් වලින් සල්ලි හොයන කණ්ඩායම. මෙවැනි පුද්ගලික වෛද්‍ය විද්‍යාල මොන තරම් හොඳද,ලෝක රැකියා වෙළඳපොළට මොන තරම් වෛද්‍යවරු බිහිකළ හැකිද. අද ඉන්දියාව, චිනේ, බ්‍රිටිෂ්,බංග්ලාදේශ්,කරන්නෙම මේ දේ. (බ)
සයිතම් එකෙන් ඉතාම විශිෂ්ට පුහුණුවක් දෙනවා,සියීතම් ගිය මගේ දුව දැන් ඇමෙරිකාවේ ඩොක්ටර්ස්ලට උගන්නනවා . (කෞ)
සුගත් ඔබ හරි. මෙතන තියෙන්නේ ඊර්ෂාව. මෙයාල එලියට ඇවිත් අහිංසක ලෙඩ්ඩුන්ගෙන් දහස්ගණන් කඩාගන්න එක බෙදිලයනනිසා. නැත්නම් මොකක්ද මෙයාලට තියන බඩේ අමරුඅව. මාලබෙන් බිහිවෙන්නෙත් මෙයලගේම සහෝදරවරු. (කෞ)
කේවල් කිරීමේ ශක්තිය අඩුවෙයි කියලා ඔය දඟලන්නේ. නැතිනම් ලෙඩෙකුට වන අසාධාරණයට කවදාද කට ඇරලා තියෙන්නේ. අර නීති ශිෂ්‍යෙයක් අත කැපුවා, මෑතකදී නිරෝගි පියයුරක් අයින් කළා නොසැලකිල්ල නිසා අසරණ රෝගීන් කොච්චරනම් මරු තුරුලට යවලා ඇද්ද කට අරින්නේ නැහැ (ම)