මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයය අහෝසි කරන්නට බැරි බවත්, අහෝසි නොකරන බවත් උසස් අධ්‍යාපන ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේය.
ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු ලෙස එලෙස කීවේය.
මාලබේ වෛද්‍ය විද්‍යාලයය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ පවරා ඇති නඩුවේ තීන්දුව එන තුරු මාලබේ වෛද්‍ය විද්‍යාලයය ගැන තීරණයක් ගත නොහැකි බව ද ඔහු කීවේය.
පාර්ලිමේන්තුව නියෝජනය කළ නොහැකි පෙරටුගාමී සමාජවාදී පක්ෂය ඇතැම් සිසුන් අල්ලාගෙන උද්ඝෝෂණ කළත් එයින් පළක් නොවන බව කී ඇමැතිවරයා සරසවි පාඨමාලා සකසනුයේ ශිෂ්‍යයන් නොවන බව ද සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සයිටම් වහලා කොහොමද? (නි)
පත්තරේ තිබෙන අදහස් දමපු පුද්ගලයන්ගෙන් 90% විතර ඉන්නේ වෛද්‍ය වෘත්තිය සමිතියට සහ වෛද්‍ය සිසුන්ට විරුද්ධ මතයක , රටේ ජනතාවගෙනුත් බහුතරය ඉන්නෙත් එවැනි මතයක , නරකද සිසුන් විශ්ව විද්‍යාලේ ගිහිල්ල ඉගෙන ගත්තනම් (බ)
මේ අය සයිටම් එකට විරුද්ධවෙන්නේ තම මහන්තත්වය නිසා. එය රැක ගන්න. වෙන පැහැදිලි හේතුවක් නැහැ. (නි)
සයිටම් එකේ ප්‍රමිතිය නැත්නම් එය පෙන්වාදී ,හරි පැත්තට ගන්න. උසස්පෙළ පාස් නැති ළමයි ඉන්නවා නම් අස්කරන්න කියන්න. රජයේ රෝහල් වල පුහුණු වෙන්න දෙන්න (නි)
නිකන් අධ්‍යාපනය ලබාගන්නවා මදිවට තව රටේ ඉන්න අනිත් ළමයින්ගේ අනාගතය ගැන රජයක් කරන්නට ඕනේ ක්‍රමවේද ගැන කතාකරන්න පාරට බහින්න එන ගොන් කැම්පස් අර්ත්මර්තකාමී සෙට් එක, ලැබිච්ච දේ ගැන බලා කියාගෙන ඉදපල්ලා. මම මොරටු කැම්පස් ඉන්න කාලෙත් ඔය විගඩම් දැක්කා නමුත් අද ඒ හිටපු මේවා මෙහෙයපු එවුන් සම්පුර්ණ වෙනස් ගමන් ගිහින්, ඒවාට අහු වෙච්ච මෝඩයෝ රැල තාම ජීවිතේ අසාර්ථකව තපිනවා. අනේ නොදකින් තමාට ලැබිච්ච අවස්ථාව ගැන බලාගෙන ඉදපල්ලා. ඕකෙන් ඩිග්‍රිය එක්ක එලියට ආවට ඔක්කොම එවුන් මොළකරුවෝ වෙන්නේ නැහැ... ගොඩක් එවුන් ගොබ්බයො.. (අ)
ජනතා විමුක්ති පෙරමුණ හෝ වෙනයම් පක්ෂයක් පොද්ගලික විශ්ව විද්‍යාල වසා දැමීමට කියනවා නම්, ඒ අය සරසවි සුදුසුකම් ලබා තිබියදීත් ඇතුළත්වීමට බැරිවූ සිසුන් 80% කට විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලබාගැනීමේ පැහැදිලි ක්‍රමවේදයක් ඉදිරිපත් කළයුතුයි.
කිසිම ප්‍රමිතියක් නැති මෙම හොර කඩවලින් වෙන්නේ රටේ සෞඛ්‍ය සේවය වළපල්ලට යන එක. මේ සම්බන්ධව කරුණු හරිහැටි හොයාබලා රටේ අනාගතය ගැන හිතා නිවැරදි තීරණයක් දිය යුතු වේ. (නි)
අනේ ඔවු, රටේ අධ්‍යාපනයේ ගුණාත්මක බවට මොනවා වුවත් කමක් නෑ වගේම, රටේ මිනිස්සුන්ගේ ජිවිතවලට මොන බලපෑමක් එල්ල වුණත් කමක් නෑ ඇමැතිලාගේ බඩ කට පිරෙනවානම්. (අ)
සමහර වමේ දේසපාලනය කරන කට්ටිය තනිකරම බොරුව කරන්නේ ,විමල්ගේ පුතා ස්කොට්ලන්ඩ්වල , දිනේෂ් ගේ පුතා ඇමෙරිකාවේ ,වසු ගේ පුතා ඇමෙරිකාවේ ,පෙරටුගාමී නායකයාගේ ළමයි ඕස්ට්‍රේලියාවල සල්ලි දීල ඉගෙනගන්නවා අපේ අයට සල්ලි දීල අපේ රටේ ඉගෙන ගන්නවත් බැහැ, (ම)
ලංකාවේ සිටින දොස්තරලා නිසි විදිහට ආදායම් බදු ගෙවනවා නම් එම මුදලින් ලංකාවේ තව 500 - 1000 අතර ප්‍රමාණයකට රජයේ විශ්ව විද්‍යාල මගින් නොමිලේ අධ්‍යාපනය ලබාගන්න පුළුවන් (ම)
ලංකාවේ රජයේ විශ්ව විද්‍යාල වල සිසුන් කරන්නේ ඉගෙනීම පැත්තක දමා උද්ඝෝෂණ කරමින් මහ පාරේ කල්මැරීමය. පුද්ගලික විශ්ව විද්‍යාල වල සිසුන් මේවා නොකරති. එමනිසා එම කාලය ඉගෙනීමට වැය කරති. පුද්ගලික විශ්ව විද්‍යාල වල ඉගෙනීමට අවශ්‍ය උපාංග සහ පහසුකම්ද රජයේ විශ්ව විද්‍යාල වලට වැඩිය. එමනිසා එම සිසුන්ගේ ප්‍රමිතිය රජයේ සිසුන්ගේ ප්‍රමිතියට වඩා හොඳ වියහැකි බව මගේ අදහසය (නි)
හොඳයි. ඔය හොර උපාධිකඩ අහෝසිකරන්න කියලා ශ්‍රේෂ්ඨාධිකරණය කිවුවොත් මොකද කරන්නේ? (නි)
ඔච්චරම බය නම් අධ්‍යාපනය පෞද්ගලිකරණය වෙයි කියල එහෙනම් පුද්ගලික රෝහල් පවා වහන්න ඕනි. ඒවායේ මිල බැලුවම සාමාන්‍ය මනුස්සෙයෙක්ට අැතුලටවත් යන්න බෑනේ. (ම)
ද සිල්වා, ඔයත් කියන විදියට මමත් කියන්නේ වැඩිකල් යන්න කලින් ඇමතිවරුන්ට ජනතාව එළව එළවා පහරදෙන එක නම් සක්කරයාටවත් නවත්තන්න බැරිවෙයි. කොහොමත් මේ ළඟදි ඉඳලා ඒගොල්ලො ගුටිකන කතා එහෙන් මෙහෙන් ඇහෙනවනේ. (නි)
ගගන මෝඩයෙක් වගේ කෑගහන්නේ ඔයා මොරටුවේ කැම්පස් එකේ සල්ලි දීලද ඉගෙනගත්තේ? ලෝකයේ දියුණු රටවල් කිසිම එකක පුද්ගලික ව්‍යවසායකයෝ විසින් කරගෙන යන පුද්ගලික වෛද්‍ය විද්‍යාල නැහැ. (නි)
සයිටම් එකේ ඉගෙනගන්නෙත් අපේම රටේ දරුවෝ. ඒක වහන්න හෝ ඒ දරුවන් අනාථ කරන්න කියලා කව්රුහරි කියනවා නම් ඒ අයට හිතක් පපුවක් තියෙන්න බැහැ. මේ රජය එය වහන්නේ නැතුව පවත්වාගෙන යාමට ගත් තීරණය අගය කළයුතුයි. රජයත්, සයිටම් එකත්, වෛද්‍ය සභාවත්, රජයේ වෛද්‍ය සංගමයත් කව්රුත් එකතුවෙලා මේ ආයතනයේ මොනවාහරි අඩුපාඩු තියෙනවා නම් ඒවා නිවැරදි කරගන්න කාගේත් උදව් ලබා දීලා මෙහි ඉගෙනගන්න දරුවෙන් වෙනුවෙන් නිවැරදි දේ කරන්න කියලා තමයි මම නම් ඉල්ලන්නේ (නි)
ලංකාවේ ආර්ථික අර්බුදය නිසා ආණ්ඩුව පුළුවන්තරම් වියදම් වලින් අයින්වෙන්න බලනවා. ඒ හින්දා අධ්‍යාපන වියදම් කපන අතරේ අලුත් සරසවි පටන්ගන්නේ නැහැ. වයඹ, සබරගමු විශ්ව විද්‍යාල වලට වෛද්‍ය පීඨ යෝජනාවෙලා තිබුනත් ඒවා ක්‍රියාත්මක කරන්නේ නැහැ. තියෙන වෛද්‍ය පීඨ වලට පහසුකම් දෙන්නෙත් නැහැ. අනිත් කරුණ නම් ලංකාවේ රැකියා අවශ්‍යතාව මත දොස්තරලා බිහිකරන්න ඕනෑ. ඔය දොස්තරලගේ පඩියට වැඩ හොයන්න පුළුවන් ඕනෑතරම් රස්සා තියෙනවා. නමුත් ඒවාට සමාජ පිළිගැනීම නැහැ. (නි)
රජයේ විශ්ව විද්‍යාල වල වෛද්‍ය ශිෂ්‍යන්ටයි, ඒවායින් ආ දොස්තරලටයි මේ කියන්නෙ. නුඹලා අපේ සල්ලි වලින් ඉගෙනගෙන අපිවම මරනවා විතරක් නොවෙයි මරාගෙනත් කනවා. සයිටම් එකේ අය ඔවුන්ගෙ සල්ලි වලින් ඉගෙනගෙන ඒකම අපට කරාවි. එක අතකට ඔවුන් හොඳයි (නි)
ඇන්ජලෝ, මෙතන තියෙන්නේ සල්ලි දීලා ඉගෙනගන්නවද නැද්ද කියන එක නෙමෙයි. යම්කිසි නියාමනයක් නොමැති ආයතනයකින් බිහිවෙන දොස්තරලා ගැන තියෙන ප්‍රශ්නයක්. මෙතන අදහස් දිහා බැලුවහම පුදුම හිතෙනවා ප්‍රශ්නයක් දිහා බලන විදිය ගැන. දේශපාලුවෝ ප්‍රශ්න දිහා බලන විදියටමයි මේ අයත් බලන්නේ. පිටරටවල් වල පෞද්ගලික විශ්ව විද්‍යාල තියෙනවා. නමුත් ඒවා නියම විදියට ගුණාත්මක වශයෙන් නියාමනය කරනවා රජය විසින්. මමත් පිටරට විශ්ව විද්‍යාලයක වැඩ කරන කෙනෙක් නිසා මම එ්ක හොඳට දන්නවා. (නි)
බල්ලෝ බුරනවා. තවලම යනවා. (නි)
වෛද්‍ය පීඨ ළමයි කොහොමත් ආත්මාර්ථකාමියි. තමුන් නොමිලේ ඉගෙනගන්න ගමන් අනිත් අයට ඉගෙනගන්න තියන අවස්ථාව නැති කරන්න දඟලනවා. මොවුන්ට පුද්ගලික රෝහල් හොඳයි. පුද්ගලික විශ්ව විද්‍යාල නරකයි (නි)
දැනටමත් කොච්චර මුදල් පිටරට යනවාද මේ වෛද්‍ය අධ්‍යාපනයට? ඉන්දියාවට,බංග්ලාදේශයට, පාකිස්තානයට? ඒ මුදල් රට තුළ නවත්වාගන්න ක්‍රමයක් කල්පනා කරන්න බැරිද? කොහෙන්ද රජයේ විශ්ව විද්‍යාල වලට වියදම් කරන්න මුදල්? මිනිසුන්ට නිකම් බෙහෙත් දෙන්න මුදල්? මේවා ගැනත් කල්පනා කරන්නේ නැතුව කතා කරනවා. (නි)
පුද්ගලික අධ්‍යාපන ආයතන අද කාලයේ අවශ්‍යයි. මොකද ණය බරින් මිරිකිලා ඉන්න ආණ්ඩුවට, අධ්‍යාපනයට විශාල ලෙස ආයෝජනය කිරීමේ හැකියාවක් නැහැ. මේ ගල් යුගයේ සමාජවාදීන්ට ඕවා තේරෙන්නේ නැතුව ඇති. හැබැයි මේ මාලබේ වෛද්‍ය විද්‍යාලය නම් කිසිම ගුණාත්මකබවක් නැති තැනක්. (නි)
හොඳ වෙලාවට නඩුවක් දාලා තිබුනේ. නැත්නම් වචන පටලවාගන්න හැටි බලන්න තිබුනා. (නි)
ඕන ගොනෙකුට මේ වගේ තප්පුලන්න පුළුවන් කියලා ඒ කාලේ පාර්ලිමේන්තුවේදි කවුරුහරි කෙනෙක් කිව්වා කියලා හීනෙන් වගේ මතකයි (නි)
ඉසුරු, එංගලන්තය ගැන හරියට දන්නේ නැතුව ඇති. සල්ලි තිබුණ පළියට එංගලන්තේ වෛද්‍ය උපාධිය ගන්න බැහැ. ලංකාවටත් වැඩිය ඉතාම අමාරුයි.ඕස්ට්‍රේලියාවේ ඔබට කොපමණ සල්ලි තිබුණත් වෛද්‍ය උපාධිය ගන්න බැහැ, අදාළ විභාග පස්ස වුණේ නැත්තම්. ඒ විභාගයත් 99.99% ක් ගන්න ඕනෑ. ඉතාම අමාරුයි. ළිඳේ ඉන්න ගෙම්බෝ වගේ නිකන් දොඩවන්න එපා (නි)
රජයේ කැම්පස් එකෙන් නොමිලයේ උපාධිය අරන් එළියට ආවට පස්සේ ඔබත් පුද්ගලික චැනල් කඩ දමාගෙන හොඳට හම්බකරනවා. දැන් පාරවල් වහගෙන අපිව රස්තියාදු කරනවා. මොවුන්ට ජනතාව එළව එළවා පහරදෙන දිනය ළඟාවී ඇත (නි)
සල්ලි වලට වෛද්‍ය උපාධිය මිලට ගන්න මඟපාදන එක අනිවාර්යයෙන්ම නැවතිය යුතුය (නි)
මේ ආයතනය ගැන රජය කෙළින් තීරණයක් ගන්නවා නම් වෛද්‍ය සංගමය හා ඒ මාෆියාවේ ඉත්තන් හට කරන්න දෙයක් නැහැ. ඔය හැම ප්‍රශ්නෙටම හේතුව දොස්තර මාෆියාවේ පොකට් එකට තට්ටු වෙයී කියන කාරණය තමයි. (නි)
මම හිතන්නේ මේක අනිවාර්යෙන්ම ස්ථාපිත කරන්න ඕනෑ. අනික් රටවල තියෙනවා වගේ සල්ලි තියෙන මිනිහට තමන්ගේ ළමයට උගන්වන්න අවකාශයක් තියෙන්න ඕනෑ. එංගලන්තේ ගිහිල්ලා ගෙවල ඉගෙනගෙන එන්න හොඳයි. ලංකාවේ කළොත් නරකයි (නි)
නියමයි. සයිටම් දිනේවා! (නි)
ගඟන, ඔයා නිකම් කතා කරන්නේ අපේ සරසවියේ මාධ්‍ය ප්‍රකාශක වගේනේ. රටක අධ්‍යාපනයේ ප්‍රමිතියක් තියෙන්නේ ඕනෑ. (නි)
මාලබේ කැම්පස් එකෙත් අඩුපාඩු තියෙන්න පුළුවන්. නමුත් රජයේ වෛද්‍ය ශිෂ්‍යයන්ගේ නම් තියෙන්නේ තනිකරම කුහකකම. කවුරු කවුරුත් තමන්ගේ වාසියට විතරයි. මම නම් මේ දෙගොල්ලන්ගෙන් කොයි පැත්තෙවත් නැහැ. නමුත් මම කිව්වේ යථාර්ථය. අඩුපාඩු තියෙනවා නම් ඒවා හදාගන්න උදව් කරන එකයි වෙන්න ඕනෑ. (නි)
මම වෛද්‍යවරයෙක්. මමනම් පුද්ගලික වෛද්‍ය විද්‍යාල වලට කැමතියි. අපේ ළමයින්ට ලේසියෙන් වෛද්‍යවරයෙක් වෙන්න පුලුවන් නිසා. (නි)
කුම්බලා මාළු කෑවා නම් දුක විඳපන් බළලෝ කිවුවලු. (නි)
ආණ්ඩුව ස්ථිර ලෙස සිටිය යුතුයි. ශිෂ්‍යයන්ට ඕනෑ විදියට ආණ්ඩු කරන්න බැහැ (නි)
පුද්ගලික් විශ්ව විද්‍යාලේ ඉගෙනගන්න අයටත් රජයේ විශ්ව විද්‍යාල වල සිසුන් පෙනීඉන්න විභාග සමත්වීම අනිවාර්ය කළාම සාධාරණ නැද්ද? එතකොට ඔවුන් ප්‍රමිතියෙන් අඩු කියන්නේ කොහොමද? ලංකාවේ තිබෙන පුද්ගලික රෝහල් රජයේ රෝහල් වලට වඩා ප්‍රමිතියෙන් අඩුද? (නි)
අප මේ අවස්ථාවේදී රජය ගෙන ඇති තීරණය අගය කළයුතුය (නි)