මාලබේ වෛද්‍ය විද්‍යාලයෙන් උපාධිය ලැබූ සිසුන්ට රාජ්‍ය සේවයට ඇතුළත් කිරීමේ හැකියාව පිළිබඳව තවදුරටත් කරුණු අධ්‍යයනය කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (5) නීතිපතිට කල් ලබා දුන්නේය.
ශ්‍රේෂ්ඨාධිකරණය මෙසේ කල් ලබා දුන්නේ නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් සහීඩා බාරි මහත්මිය කළ ඉල්ලීමකට අවසර දෙමිනි.
සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් විසින් නිකුත් කැරුණු සේවා නියමයන්ට එරෙහිව මාලබේ සිසුන් ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම අගවිනිසුරු කේ.ශ්‍රී පවන් සහ අනිල් ගුණරත්න මහත්වරු අද (5) සලකා බැලූහ.
රාජ්‍ය විශ්ව විද්‍යාල වලින් වෛද්‍ය උපාධිධාරීන් පමණක් රාජ්‍ය සේවයට ඇතුුළත් කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් සේවා නියමයක් නිකුත් කර ඇති බවත්, විශ්ව විද්‍යාල ප‍්‍රතිපාදන කොමිසම පිළිගත් උපාධි ප‍්‍රදාන ආයතනයක් වන මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය ඊට ඇතුළත් නොවන බැවින් තමන්ගේ මූලික අයිතිවාසිකම් කඩවීමක් සිදුව ඇති බවත් පෙත්සම්කාර සිසුහු කියා සිටිති. එබැවින් මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයෙන් වෛද්‍ය උපාධි ලබා ගන්නා සිසුන්ද රාජ්‍ය සේවයට ඇතුළත් කර ගැනීමට නියෝග කරන ලෙසද පෙත්සම්කාර සිසුහු ඉල්ලති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ අපේ ළමයි. කුහකකම් අත්හැර සැමට අවස්ථාව ලබාදෙමු. පුද්ගලික විද්‍යාලවල ළමයි වියදම්කර ඉගෙනගත් නිසා සමහරවිට වෙනත් රටකට ගොස් රැකියාවේ නියුතු වෙන්න පුළුවන්. (නි)
ලංකාවේ වෛද්‍යවරුන් වැඩි වුනොත් තමන්ගේ ආඩම්බර සහ ආදායම අඩුවයි කියන කුහකකමට කරන කියන දේවල්. සෛටම් එකේ ඇතුලට ගියා වගේ ප්‍රමිතිය සහ ළමයින්ගේ සුදුසුකම ගැන බොරුවට චෝදනා කරනවා. ඊර්ශ්‍යා සහගත මිනිසුන් ඉන්නකන් රට දියුණු වෙන්නේ නෑ (බ)
කාටවත් සල්ලි තිබුනයි, වෛද්‍ය උපාධියක් ගන්න ආසයි කියලා දෙන්න බැහැ. රටේ පවතින නීතියට අනුව අනෙක් අයගේත් මානව හිමිකම් නොකැඩෙන ලෙස එය කළයුතුයි. (නි)
පිටරට පුද්ගලික විශ්ව විද්‍යාල වලින් වෛද්‍ය උපාධි අරගෙන එන අය රාජ්‍ය සේවයට ගන්නේ මෙහෙම තවත් විභාග පාස්කළොත් විතරයි. නිකන්ම බැහැ. මේ අය නිකන්ම යන්නයි හදන්නේ. උසස්පෙළ ළකුණුත් අඩුයි. සල්ලි ගෙව්වට එහෙම දෙන්න බැහැ නේද? (නි)
සැමට අවස්ථාව ලබාදෙමු යන්න හොඳයි. සල්ලි ඇති අයට පමණක් අවස්ථාව ලබාදෙමු යන්න නරකයි. (නි)
කුමාර් කියන විදියට සල්ලි ගෙවලා පාසල් යන ළමයින් සියළු දෙනාටත් රැකියා අනිවාර්යයෙන් රජය ලබාදිය යුතුයි. ඇයි එයාලා සල්ලි ගෙවනවානේ. (නි)
හරියට නීති හදන්නේ නැතුවද මේක පටන්ගත්තේ? දැනට ඉන්න ළමයින්ගෙන් අයකළ සල්ලි ආපහු දීලා මේක වහලා දාන්න තමයි වෙන්නේ (නි)
සයිටම් විශ්ව විද්‍යාලයේ ළමයින්ටත් අනිත් විශ්ව විද්‍යාල වල වෛද්‍ය සිසුන්ට වගේ එකම විභාගයකට ඉඳගන්න දෙන්න. එතකොට දැන් මේ උඩපනින දොස්තරවරුන්ට වගේ එ්ගොල්ලන්ටත් අපේම ලෙඩ්ඩුන්ට එක වගේ සාත්තු කරන්න පුලුවන්. (නි)
ලෙඩාගේ අයිතිවාසිකම්වත් නොදන්නා දොස්තරලා ගැන මොනවට කතාද? (නි)
හේමා, ඔයා කියන විදිහට පිටරට උපාධි ලබලා එන අය ගන්නෙ විශේෂ විභාගයකට පසුවයි. මේ අයට ඕනෑ එහෙම නැතුව හොරට එන්නයි. (නි)
සම්පූර්ණ සායනික පුහුණුව ලබන්න වසර තුනක් පමණ යනවා.එක් එක් අංශ වල විශේශඥ වෛද්‍යවරු යටතේ මාසය බැගින් කිහිප වරක් යා යුතුයි. ඔවුන්ට වාට්ටුවලදී නොයෙක් ආකාරයේ වැඩ පවරෙනවා. ඒවා කලොත් තමා අත්සන් ලැබෙන්නෙ.නැතිනම් විභාගෙට ඉන්න බෑ. (ම)
ආණ්ඩුවේ දොස්තරලා චැනලින් කළා කියලා මුදල් නැති රෝගීන්ගේ අයිතිය කඩා වෙන්නේ නැතිනම් මේ ළමයි තමන්ගේ මුදලින් ඉගෙන ගත්තා කියලා මුදල් නැති අයගේ හෝ රෝගීන්ගේ අයිතිවාසිකම් කඩාවෙන්නේ නෑ. සයිටම් ළමයින් වෙයිද්‍ය උපාධිය ගන්නෙත් වසර ගණනක් ඉගෙනගෙන මිස උසස් පෙලින් පසු කෙලින්ම සල්ලි දීලා නෙමේ.. මෙතන තියෙන්නේ වෘතීය මට්ටමේ ඊර්ෂියාව.. (ම)
මිනිස්සුන්ගේ අසාවල් වෙනුවෙන් රටේ සෞඛ්‍ය සේවය පවා දෙන්න එපා කියල තමයි මම නම් කියන්නේ.(ම)
උ/පෙළ අසමත් නම්, සල්ලිත් තියෙනවා නම් රජයේ රැකියා ඉල්ලන්නේ ඇයි? නීතිඥයො වගේ ස්වයං රැකියාවක් කරන්න. නැත්නම් යන්න පිටරට (නි)
සයිටම් එකෙන් සල්ලි වලට විතරක් උපාධිය දෙනවා කියන මතය වෘත්තීය කුහකයන් විසින් සමාජගත කළ දෙයක්. සමහර රජයේ වෛද්‍ය පීඨ වලට වඩා සයිටම් එකේ පහසුකම් සහ සුදුසුකම් සහිත ගුරුවරුන් ඉන්නවා. (නි)
මුලින්ම මේ ළමයින්ට සා.පෙළ උ.පෙළ සුදුසුකම් ගැන සාධාරන පරීක්ෂණයක් අපක්ෂපාතී උගතෙකු ලවා කරන්න. ඊළඟට එම රෝහලට ළමයින් වෛද්‍යවරු ලෙස පුහුණු කිරීමට පිළිගත් සුදුසුකම් හා පහසුකම් තියේද කියො බලන්න. මමත් මේ සයිටම් ළමයි දෙස සානුකම්පිතව බලපු කෙනෙක්. නමුත් ඊයේ පෙරේදා අහපු පුවතක් නිසා මාව ගැස්සිලා ගියා. ඒ පුවත තමයි අවසාන පරීක්ෂණයට පෙනීසිටි විසි දෙනෙකුගෙන් දහනමයකට පළමු පන්තිය සාමර්ථ තියෙනවලු. පුදුමයි. වැඩිම ලකුණු අරන් වැඩිම පහසුකම් තියෙන කොළඹ වෛද්‍ය පීඨයට ඇතුළත්වෙන ළමයින්ටවත් මේ වගේ ප්‍රතිඵල නැහැ. එ්ක නිසා මෙතන හොරයක් තිබෙන බව පේනවා. (නි)
උසිගන්වනු ලැබූ අන්තරය සහ විද්‍යා සභාව ඒකාධිපති වියරුවට දරුවන් බිලි නොදිය යුතුය. රජය පමණක් අධ්‍යාපනය පිළිබඳ තීරණ ගතයුතුය (නි)
අනීවාර්යයෙන් මේ ළමයින්ට රජයේ රැකියා දිය යුතුයි. ලංකාවේ ළමයි ඉගෙනගත්තේ එයාලගේ සල්ලිවලින්, අනික මේ ළමයි ඉගෙනගන්නේ පිළිවෙලකට ආයතන තුල, රජයේ විශ්වවිද්‍යාල වල වැඩිකාලයක් ඉන්නේ මහපාරේ හා පන්ති වර්ජන වල. (බ)
ආර්නෝල්ඩ්, අවසාන පරීක්ෂණයට පෙනීසිටි විසි දෙනෙකුගෙන් දහනමයක් විතරයි සමත්වෙලා තියෙන්නේ. වෘත්තීය කුහකයන් බොරු සමාජගත කරනවා. (නි)
අමාලි ඔබ පෞද්ගලික විශ්ව විද්‍යාල ගැන මොනවත්ම දන්නැති හැඩයි. විභාග හරියට පාස් නොවුනොත් කිසිදු පෞද්ගලික පෞද්ගලික විශ්වවිද්‍යාල ලංකාවේ නම් උපාධිය දෙන්නේ නෑ, මොකද එක ඔවුන් සමග ගිවිසුම්ගතවී ඇති විදේශ විශ්වවිද්‍යාලයේ උපාධියේ තත්වය වැටෙන නිසා. (ර)
පුද්ගලිකව සල්ලි ගෙවලා උපාධි දෙන තැන්වල සිසුන් අසමත් කරන්නේ නැත. මෙය කවුරුත් දන්න දෙයක්. වෙන උපාධි දුන්නාට කමක් නැහැ. නමුත් වැරදුනොත් ජිවිතයෙන් වන්දි ගෙවියයුතු වන වෛද්‍ය සේවයට මෙහෙම අය එපා (නි)
සාපෙළ අසමත් අය පෙරපාසැල් කරනවා. උ/පෙළ අසමත් අය වෛද්‍ය උපාධි ගන්නවා. රටට යන කලක්! (නි)
ශශිකා, සයිටම් එකේ පහසුකම් සහ සුදුසුකම් සහිත ගුරුවරු ඇති. නමුත් ඒකෙ ළමයින්ට උස්ස පෙළවත් හරියට නැහැ. (නි)
කෝනාර, ඔබ 100% ක් හරි (නි)
දන්නා තරමට උසස් පෙළ සමත් අය තමයි ඇතුළත් කරලා තියෙන්නේ. උසස් පෙළ සමත් හැමෝටම විශ්ව විද්‍යාල වලට යන්න පහසුකම් සළස්වන්න. උසස් පෙළ අසමත් අය ඉන්නවා නම් හොයලා පැමිණිලි කරන්න. මොකද ඒක වැරදියි. (නි)
ලංකාවේ ඉන්නේ හොඳම විශ්‍රාමගිය ආචාර්ය, මහාචාර්යවරු මෙහි උගන්වන්නේ. උසස්පෙළ 3-2 නැත්නම් ලියාපදිංචි වෙන්න නොහැකියි. පසුගිය රජය උසස්පෙළ විශිෂ්ට සාමාර්ථ 3ක් තිබුන රජය වෛද්‍ය විද්‍යාලයට නොතේරුන ළමුන්ට මාලඹේ ශිෂ්‍යත්ව දුන්නා. අඩුපාඩුවක් තියනවා නම් එංගලන්තය, ඕස්ට්‍රේලියාව වගේ රටකින් විශ්ව විද්‍යාල මහාචාර්යවරු කීපදෙනෙකු ගෙන්නාගෙන උදවු ලබාගෙන අඩුපාඩු සකස්කරමු. බංගලාදේශයේ ටකරන් මඩුවල ඉගෙනගෙන ආවත් රජය බාරගන්නවා. දරුවන්ව පිටරට යවන්න අකමැති දෙමව්පියන්ට එකම පිළිසරණ මෙපමණයි. (නි)
නිමාලි, ඔය දන්නවද ඒ අය උසස් පෙළ අසමත් කියලා? යමක් කිනකොට දැනගෙන කතාකරන්න. නැත්නම් ඔයත් ඔය පාරේ ඉන්න දොස්තරලා වගේ වෙනවා. ඒ අය දන්නේ නැහැ ලෝකයේ දියුණු රටවල පුද්ගලික වෛද්‍ය විද්‍යාල තියනවා කියලා. දන්නේ කොහොමද, ඉගෙනගන්නකොටත් පාරේ, දැනුත් පාරේ. (නි)
ලංකාවේ වෛද්‍ය සේවය ගුණාත්මක කරන්න සයිටම් එක වහලා හරියන්නේ නේ. එ්කට දොස්තරලා පිළිබඳව නීති හදන්න ඕනි. දොස්තරලගේ නොසැලකිල්ල අතපසු වීම් වලට දඩුවම් දෙන්න ඕනි. දැන් වම් කකුලට දකුණු කකුල ඔපරේෂන් කරන්නේ සයිටම් දොස්තරලද? (බ)
එතකොට සාමාන්‍ය ජනතාව වන අපගේ මානව හිමිකම් වලට මොකද වෙන්නෙ.? (ර)
මෙය ඉතා සරල ප්‍රශ්නයක් .මෙම වෛද්‍ය විද්‍යාලය පිළිගැනීමට පුළුවන් තත්වයට, තිබෙන අඩුපාඩු සම්පුර්ණ කරන්න .හැම දෙනාම සහයෝගය දෙන්න (ම)
අපිත් පුද්ගලික සරසවි වලින්. හැබැයි කරන්නේ රජයේ රැකියා (නි)
ලංකාවේ පෞද්ගලික විශ්ව විද්‍යාල තියන්නේ ඕන, නමුත් නිවැරදි ක්‍රම වේදයක් යටතේ, සහ සුදුසුකම් තියෙන ගුරුවරු යටතේ (ම)
සම්පූර්න සායනික පුහුනුව ලබන්න වසර තුනක් පමණ යනවා. එක් එක් අංශ වල විශේෂඥ වෛද්‍යවරු යටතේ මාසය බැගින් කිහිප වරක් යායුතුයි. ඔවුන්ට වාට්ටු වලදී නොයෙක් ආකාරයේ වැඩ පැවරෙනවා. ඒවා කළොත් තමා අත්සන් ලැබෙන්නෙ. නැත්නම් විභාගයට ඉන්න බැහැ. මාලබේ ළමයින්ට මේ පුහුණුව ලැබුනද? මොන විශේෂඥයින් යටතේද? බොරුව ඔප්පුවෙනවා නේද? (නි)
සරත් කුමාර, සාමාන්‍ය පුරවැසියෙක් ලෙස මෙම පත්වීම් දුන්නොත් ඔබගේ මානව හිමිකම් කඩ වන බව සිතේ නම් ඔබටත් උසාවියට යන්න පුළුවන්. (බ)
කුමාර්, දැනගෙන කතා කරනවා නම් හොඳයි. උ/පෙළ පාස් නම් ඔය කතාව හරි. එ්ත් කීදෙනාද මාලඹේ පාස්? අනික උසස් පෙළ විද්‍යා විෂයන් කරලා පාස්වෙන්න ඕනෑ (නි)
මොහාන්, සරත් කුමාර කියන දේ ඇත්ත. අපි බෙහෙත් ගන්නේ දොස්තරලා ගැන විශ්වාසයෙන්. අපේ දරුවෙකුට හරි වැරදි බෙහෙත් වලින් කරදරයක් වුණොත් ජීවත්වීමේ අයිතිය නැති කිරීමක් නෙමෙයිද ඒ? හැමදේටම උසාවි යන්න ඕනෑ නැහැ. දෙයක් වෙන්න කලින් වළක්වා ගැනීම තමා කළයුත්තේ. (නි)
සයිටම් වහන්න කියනවා නම්... ප්‍රයිවට් හොස්පිටලුත් වහන්න.. සයිටම් රජයට පවරා ගන්නවා නම්.. ප්‍රයිවට් හොස්පිටලුත් එහෙම පවරා ගන්න. මන්ද සල්ලි තියෙන අය වෙනම ඉගෙන ගන්න එක වැරදි වගේම සල්ලි තියෙන අය වෙනම බෙහෙත් ගන්න එකත් වැරදියි (බ)
පිටරට පුද්ගලික විශ්ව විද්‍යාල වලින් වෛද්‍ය උපාධි අරගෙන එන අය රාජ්‍ය සේවයට ගන්නවා නම් අපේ රටේ මාලබේ පුද්ගලික වෛද්‍ය විද්‍යාලයෙන් පිටවන අපේම සිසුන්ට ලංකාවේ රාජ්‍ය සේවය කරන්න බැරි මොකද (නි)
මම හිතන්නෙත් අනීවාර්යයෙන් මේ ළමයින්ට රජයේ රැකියා දියයුතුයි කියලයි. (නි)