අතුරුගිරිය මිලේනියම් සිටි නිවාස සංකීර්ණයේ ආරක්ෂක නිවාසයක රැඳී සිටි යුද හමුදා බුද්ධි අංශ නිලධාරීන්ගේ තොරතුරු එළි කළ බවට චෝදනා කරමින් හිටපු සහකාර පොලිස් අධිකාරී කුලසිරි උඩුගම්පොළ මහතාට එරෙහිව පවරා ඇති නඩුව සැප්තැම්බර් මාසියේ සිට විභාග කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු දේවිකා ද ලිවේරා තෙන්නකෝන් මහත්මිය අද (13) නියෝග කළාය.
විත්තිකරුවන් දස දෙනකුට එදින අධිකරණයේ පෙනී සිටින ලෙසත් විනිසුරුවරිය නියෝග කළාය. 2002 වසරේ ජනවාරි 2 හා සැප්තැම්බර් 3 අතර කාලයේ කොළඹ , අතුරුගිරිය, මහනුවර සහ කටුගස්තොටදී ශ්‍රී ලංකාවේ ආරක්ෂාවට හානි විය හැකි ආකාරයට කටයුතු කරමින් තොරතුරු රැස්කළ බවටද මිලේනියම් සිටි ආරක්ෂක නිවස වැටලීමටද එරෙහිව නීතිපතිවරයා චෝදනා නගා ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බලමුකෝ මොකක්ද වෙන්නේ කියලා (නි)
ජනතාව තේරුම් ගත යුතුයි (නදී)
2002 උණුදේ දැන් හොයන්නේ මේ 2015 ජුලි මාසේ. (ර)
එතකොට එව්වට උපදෙස් දුන්න අය? (ම)
රනිල් මාමා කෝ (බ)