මිලානෝ නගරයේ සියළුම දේශපාලන පක්ෂ හා කන්ඩායම් එක්වී විශේෂ සම්මන්ත්‍රණයක් වියා වේර්ගා අංක 05 දරන සම්මන්ත්‍රණ ශාලාවේදී හෙට (04) ඉරිදා සවස 04ට පැවැත්වීමට නියමිතය.
මෙවර ජනපතිවරණයේ දී, විදේශ ගත ප්‍රජාවට, කළ හැකිව ඇති තම තමන්ගේ පවුල්වල සාමාජිකයන්, නෑ හිතමිත්‍රාදීන් ඡන්ද මධ්‍යස්ථානයන් වෙත හැකි උපරිමයෙන් යවමින්, සියලුම දෙනා අපේක්ෂා කරන්නා වූ මෛත්‍රී පාලනයක් වෙනුවෙන් හැකි උපරිමයෙන් විදේශ ගත ශ්‍රී ලංකා ප්‍රජාවගේ දායකත්වය පුද කිරීම පිළිබදව උපරිම අවබෝධයක් ලබාදීමයි මෙම හමුවේ අරමුණ බව සංවිධායකයෝ පවසති.
මෛත්‍රිවපාල සිරිසේන මැතිතුමන්, රනිල් වික්රකමසිංහ මැතිතුමන්, ඇතුළු දේශපාලනික නායකයින් රැසක් ද, කලාකරුවන් පිරිසක් ද එදින ස්කයිප් තාක්ෂණය ඔස්සේ මිලානෝ නගර වාසි ශ්‍රී ලාංකිකයන් ඇමතීමට නියමිතව ඇත.
දේපාලන පක්ෂ පමණක් නොවල මිලානෝ හී ශ්‍රී ලාංකිකයෝ සියලුම දෙනා එක්ව මෙය සංවිධානය කළහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ සීතලේ කොහෙද හංසයෝ (බ)
ජාත්‍යන්තර කුමන්ත්‍රණයක්ද (බ)
සහයෝගයක් විදියට ඡන්ද ප්‍රචාරණ කටයුතු කරනවානම් කමක් නෑ (දිල්)
රට තුල ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපනය කරමු. සියල්ලෝම පැමිණෙන්න. (ර)
මව් බිමට මේ හදිස්සියේ ලොකු ආදරයක් ඇතිවෙලා තියෙන්නේ මොකද කියලා හිතනකොට අපිට නම් හිනා යනවා. (නදී)