ඉතාලියේ මිලානෝ නගරයට කොන්සියුලර් කාර්යාලයක් ලබාදීමට පියවර ගෙන ඇතැයි රෝම අගනුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසයි. විදේශ කටයුතු අමාත්‍යංශය විසින් එම කාර්යාලයේ කොන්සියුලර් ජනරාල් ලෙස ප්‍රදීපා සේරම් මහත්මිය දැනටමත් පත් කර ඇතැයි තානාපති කාර්යාලය සඳහන් කරයි.
1998 වසරේ විදේශ අමාත්‍යංශයේ සේවයට එක්වු සේරම් මහත්මිය අබුඩාබි සහ ජර්මනියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලවල සහ එක්සත් රාජධානියේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ සේවය කර තිබේ. ඇය වර්තමානයේ විදේශ අමාත්‍යාංශයේ කොන්සියුලර් අංශයේ වැඩබලන අධ්‍යක්ෂ ජනරාල් වශයෙන් ද සේවය කරන්නීය. මේ අනුව ඉදිරියේදී මිලානෝ නගරයේ මෙන්ම අවට ප්‍රදේශ වල වෙසෙන ශ්‍රී ලංකා ජනතාවට තානාපති කාර්යාලයීය සේවාවන් මෙම කාර්යාලය මගින් සිදුකර ගත හැකිවේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙසිනා වල ඉන්න සමහරුන්ගෙන් පරිස්සම් වෙන්න (නි)
අලුතෙන් කෙනෙක් පත්වෙනවා නම් අපි හරියට සතුටු වෙනවා. මගේ නව ගුවන් ගමන් බලපත්‍රය මාස නාමයක් ගතවීත් තවම මා අතට ලැබී නැහැ (නි)
හොඳ වැඩක්. යහපාලන ආණ්ඩුවේ මංගල සමරවීර අැමතිවරයාට පින් (නදී)
ජයවේවා ජයවේවා ජයවේවා මිලානෝ අපට නත්තල් වගේ, දැන් ඉතින් රෝමෙට ගිහින් පවු දෙන්ඩ ඕනේ නැහැ ,කාලය ඉතිරියි, මුදලුත් ඉතිරියි (නදී)
හොද දෙයක් අපි සුබ පතනවා. මෙය දේසපාලන හෙන්චයියන්ගෙන් ප්‍රවේසම් කර ගනිමු (නදී)
යහපාලන මංගල තුමා ලොකු නිලධාරීන් අල්ලගෙන පොඩි නිලධාරීන් නටන සහ තනතුරු ගන්න හැටි හෙව්වොත් හොදයි වාගේ(නදී)
ඉතාලිය වැනි විශාල රටකට කොන්සියුලර් කාර්යාලයක් අවශ්‍යයි. මේ සදහා පැමිණෙන මහත්මිය ලියකියවිලි වලට මෙන්ම රටට ජාතියට ආදරය කරන ජනතාවගේ දුක හඳුනන මහත්මියක් වේවායි අපි පතමු (නදී)
ඉතා හොඳ වැඩක් (නදී)
ඉතා හොඳ වැඩක්.ඒක ඉක්මනටම වෙනවා නම් ගොඩක් හොඳයි.අපි සුබ පතනවා! (නි)
බොහොම හොඳ වැඩක් (නි)
මෙය ඉතාම හොඳ ක්‍රියාවක්. දේශපාලන නියෝජිතයන් පත්නොකර තානාපති සේවයේ කෙනෙක් පත්කිරීම ඉතාම හොඳයි. අපි දන්නවා පසුගිය කාලේ ඔය කොයි පැත්තේ අයත් එකිනෙකාගේ චරිත සහතික අරගෙන මේ තනතුර ගන්න මැරීගෙන වැඩ කළා. ඔබතුමිය මේ ඉතාලියේ ඉන්න කපටින්ට අසු නොවේවා! දෙයක් ඇත්තටම දැනගන්න නම් පන්සල් පල්ලිවල හිමිවරු, පූජකවරු හරහා ඇත්ත දැනගන්න. (නි)
හොඳ වැඩක් (නි)
කරුණාකර මෙම කාර්යාලයට නිලධාරීන් පත්කිරීමේදී මානුෂිකත්වයෙන් හෙබි තමන්ගේ තත්ත්වය දන්නා අය පත්කරන්න. මන්ද සමහර කාර්යාල වල ඉන්න සේවකයන් තමන්ට නැති බලයක් මවාගෙන ඉතා ඉහළ නිලයක් දරන අය මෙන් හැසිරෙන්න හදනවා. හරියටම කියනවා නම් නැති ලොකුකමක් පෙන්වන්න හදනවා. විදේශ රටවල ජීවත්වන ලාංකිකයන්ට සහ රටට වැඩක් කිරීමට ඔවුන්ව එවා ඇති බව අමතක කරනවා (නි)
මෙය හොඳ දෙයක්. ලංකාවෙන් ගිහින් ඉතාලි වල මිලානෝ මෙසිනා වල ඉන්න හොරුන්ගෙන් පරිස්සම් වෙන්න (නි)
මේවා අවශ්‍ය වන්නේ අලුතෙන් පැමිණ සිටින නීති විරෝධී සංක්‍රමණිකයන්ටයි. කලකට පෙර පැමිණි ඉතාලි පුරවැසිභාවය හිමි ලාංකිකයින්ට නම් නොවේ.(ම)