පෙබරවාරි 1 වැනි සඳුදා සිට ඉතාලියේ මිලානෝ නුවර ශ්‍රී ලංකා කොන්සියුලර් කාර්යාලයේ වැඩ අරඹන බව කොන්සල් ජනරාල් ප්‍රදීපා සේරම් මහත්මිය පවසන්නීය.
ඉතාලියේ උතුරු ප්‍රදේශයේ ශ්‍රී ලාංකිකයින්හට මෙන්ම අනෙකුත් ජාතින්හටද සේවා ලබාදීමට බලාපොරොත්තු වන බවද ඇය පවසන්නීය. ඉතාලියේ පදිංචි ශ්‍රී ලාංකිකයෝ මිලානෝ අවට සිටිති.
ඉතාලියේ දෙවැනි ප්‍රධාන නගරය ලෙස සැලකෙන මිලානෝ පුරවරයේ සම්පුර්ණ ජනගහනය මිලියන 1.3 කි. ලෝකයේ රටවල් 128ක කොන්සුලර් කාර්යාල එම නඟරයේ පිහිටා ඇත.
මිලානෝ කොන්සියුලර් කාර්යාලය මඟින් ලොම්බාර්ඩි, ෆ්රිඋලි වෙනිසියා ගිඋලියා,ලිගුරියා, පිඑඩ්මෝර්, ට්‍රේන්ටිනෝ ඇල්ටෝ දිගේ, වලේ ඩි අඔස්තා සහ වෙනේටෝ යන ප්‍රාන්තවල ජීවත්වන්නන්හට මේ කාර්යාලයේ සේවා සැලසේ.
නව කොන්සල් ජනරාල් ප්‍රදීපා සේරම් මහත්මිය ශ්‍රී ලංකා රාජ්‍යතාන්ත්‍රික සේවයේ දීර්ඝ පලපුරුද්දක් සහිත පරිනත නිලධාරිනියකි. මීට පෙර ඇය අබුඩාබි සහ බර්ලින් ශ්‍රී ලංකා තානාපති කාර්යාලවල ද ලන්ඩන් නුවර ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේද සේවය කළාය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එය හොඳ වැඩක්. බොහොම ස්තූතියි.(ම)
සරත් දිල්ශාන් හීනෙන් නැගිටලාද කොහෙද? (නි)
හොඳ වැඩක්. දිගටම කරගෙන යාමට ශක්තිය ඔබලාට ලැබේවා! (නි)
මිලානෝ නගරයේ සිටින ඔලුව ඉදිමුන දේශපාලකයක්ගෙන් මෙම කොන්සල් කාර්යාලය බේරාගෙන මහජනතාවට සේවයක් කිරීමට ප්‍රදීපා සේරම් මැතිනියට ශක්තිය දිරිය ලැබේවා! (නි)
උතුම් ක්‍රියාවක්. ජනපතිතුමාට අපේ ශක්තිය! (නි)
අළුත් බලාපොරොත්තුවක්! (නි)
මේක විහිලුවක් නෙමෙයි නේද? හිතාගන්නත් අමාරුයි (නි)
මම වෙරෝනා නගරයේ ජීවත්වෙමි. අපිට ගොඩක් පහසුයි මිලානෝ නගරයට පැමිණෙන්න. ඔබට ගොඩක් ස්තුතියි! (නි)
පසුගිය කාලේ ඒජන්සි දාගෙන අහිංසක මිනිස්සු ගසාකාපු අයට හොඳ පාඩමක් (නි)
සියලුම ලාංකිකයන් ගෙන් සුභ පැතුම් ...! (ම)
යහපාලනය! රෝමයට වඩා ආදායම් ලැබේවි (නි)
උතුරු ඉතාලියේ වැසියන් හට වැදගත් දෙයක්. ස්තූතියි! (නි)
පිරිසිදුව තිබෙන බව පෙනෙනවා. රෝමයේ කාර්යාලය අපිරිසිදුයි කියා එහි යන හැමෝම කියනවා (නි)
ඉතාමත් හොඳ වැඩක්.(කෞ)
ගිනි දේවිය මිලානෝ නගරයට පැමිණෙයි. ශ්‍රී ලාංකිකයිනි ප්‍රවේශමෙන් (කෞ)