පෙබරවාරි 1 වැනි සඳුදා සිට ඉතාලියේ මිලානෝ නුවර ශ්‍රී ලංකා කොන්සියුලර් කාර්යාලයේ වැඩ අරඹන බව කොන්සල් ජනරාල් ප්‍රදීපා සේරම් මහත්මිය පවසන්නීය.
ඉතාලියේ උතුරු ප්‍රදේශයේ ශ්‍රී ලාංකිකයින්හට මෙන්ම අනෙකුත් ජාතින්හටද සේවා ලබාදීමට බලාපොරොත්තු වන බවද ඇය පවසන්නීය. ඉතාලියේ පදිංචි ශ්‍රී ලාංකිකයෝ මිලානෝ අවට සිටිති.
ඉතාලියේ දෙවැනි ප්‍රධාන නගරය ලෙස සැලකෙන මිලානෝ පුරවරයේ සම්පුර්ණ ජනගහනය මිලියන 1.3 කි. ලෝකයේ රටවල් 128ක කොන්සුලර් කාර්යාල එම නඟරයේ පිහිටා ඇත.
මිලානෝ කොන්සියුලර් කාර්යාලය මඟින් ලොම්බාර්ඩි, ෆ්රිඋලි වෙනිසියා ගිඋලියා,ලිගුරියා, පිඑඩ්මෝර්, ට්‍රේන්ටිනෝ ඇල්ටෝ දිගේ, වලේ ඩි අඔස්තා සහ වෙනේටෝ යන ප්‍රාන්තවල ජීවත්වන්නන්හට මේ කාර්යාලයේ සේවා සැලසේ.
නව කොන්සල් ජනරාල් ප්‍රදීපා සේරම් මහත්මිය ශ්‍රී ලංකා රාජ්‍යතාන්ත්‍රික සේවයේ දීර්ඝ පලපුරුද්දක් සහිත පරිනත නිලධාරිනියකි. මීට පෙර ඇය අබුඩාබි සහ බර්ලින් ශ්‍රී ලංකා තානාපති කාර්යාලවල ද ලන්ඩන් නුවර ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේද සේවය කළාය.
2025 දෙසැම්බර් මස 18
589
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
291
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1091
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මිලානෝ කොන්සියුලර් කාර්යාලය සඳුදා සිට
රියෙන්සි Sunday, 31 January 2016 09:55 AM
එය හොඳ වැඩක්. බොහොම ස්තූතියි.(ම)
රෝහිත Sunday, 31 January 2016 05:22 PM
සරත් දිල්ශාන් හීනෙන් නැගිටලාද කොහෙද? (නි)
අජිත් Monday, 01 February 2016 03:35 PM
හොඳ වැඩක්. දිගටම කරගෙන යාමට ශක්තිය ඔබලාට ලැබේවා! (නි)
සරත් Sunday, 31 January 2016 06:54 PM
මිලානෝ නගරයේ සිටින ඔලුව ඉදිමුන දේශපාලකයක්ගෙන් මෙම කොන්සල් කාර්යාලය බේරාගෙන මහජනතාවට සේවයක් කිරීමට ප්‍රදීපා සේරම් මැතිනියට ශක්තිය දිරිය ලැබේවා! (නි)
සුමේධ Sunday, 31 January 2016 10:48 AM
උතුම් ක්‍රියාවක්. ජනපතිතුමාට අපේ ශක්තිය! (නි)
ශ්‍රියානි Monday, 01 February 2016 04:15 PM
අළුත් බලාපොරොත්තුවක්! (නි)
පිටිගල මිලානෝ Sunday, 31 January 2016 10:41 PM
මේක විහිලුවක් නෙමෙයි නේද? හිතාගන්නත් අමාරුයි (නි)
සංකල්ප Sunday, 31 January 2016 10:41 PM
මම වෙරෝනා නගරයේ ජීවත්වෙමි. අපිට ගොඩක් පහසුයි මිලානෝ නගරයට පැමිණෙන්න. ඔබට ගොඩක් ස්තුතියි! (නි)
පියල් Sunday, 31 January 2016 10:52 PM
පසුගිය කාලේ ඒජන්සි දාගෙන අහිංසක මිනිස්සු ගසාකාපු අයට හොඳ පාඩමක් (නි)
නිහාල් Monday, 01 February 2016 06:01 AM
සියලුම ලාංකිකයන් ගෙන් සුභ පැතුම් ...! (ම)
පියුමාල් Monday, 01 February 2016 12:01 AM
යහපාලනය! රෝමයට වඩා ආදායම් ලැබේවි (නි)
නුවන් Sunday, 31 January 2016 12:36 PM
උතුරු ඉතාලියේ වැසියන් හට වැදගත් දෙයක්. ස්තූතියි! (නි)
වසන්ජය Monday, 01 February 2016 10:16 PM
පිරිසිදුව තිබෙන බව පෙනෙනවා. රෝමයේ කාර්යාලය අපිරිසිදුයි කියා එහි යන හැමෝම කියනවා (නි)
චරිත් මිලානෝ Sunday, 31 January 2016 01:27 PM
ඉතාමත් හොඳ වැඩක්.(කෞ)
සරත් දිල්ශාන් Sunday, 31 January 2016 01:26 PM
ගිනි දේවිය මිලානෝ නගරයට පැමිණෙයි. ශ්‍රී ලාංකිකයිනි ප්‍රවේශමෙන් (කෞ)