මිලානෝ නුවර එක්සත් ජාතික පක්ෂ ශාඛා සමිතියේ මහ සභා රෑස්විම හා නිලවරණය පසුගියදා පැවැත්විණි.
සභාපති වශයෙන් ජෙයෙරාඩ් අප්පුහාමි, ලේකම් නිහාල් ගමගේ, භාණ්ඩාගාරික දිනේශ් ප්‍රනාන්දු, උප සභාපතිවරුන් වශයෙන් සමන් පණ්ඩුක ,ෂෙල්ටන් ප්‍රියශාන්ත හා අනුශාසක වරුන් වශයෙන් විල්සන් ප්‍රනාන්දු ලෙස්ලි ලොව් ඒකමතිකව තේරි පත්වුහ.
එක්සත් ජාතික පක්ෂයේ උන්නතිය උදෙසා ජිවිත පරිත්‍යාග කළ අයවලුන් සිහි කිරිමද මෙහිදි සිදු විය.
නායකත්ව මණ්ඩලයේ නායක කරු ජයසුරිය ස්කයිප් තාක්ෂණය ඔස්සේ සම්බන්ධ වෙමින් රටේ තත්ත්වය ගැන විග්‍රහායක්ද කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇයි මේ මාසයක් ඇතුලත කන්ඩායම් දෙකක්. කොටීන්ට පක්‍ෂව සිටි උන් බංග වේවා. අනෙක් පිල දිනේවා. (නදී)
රටක පාලකයින්ගේ වැරදි අඩුපාඩු වංචා දුෂණ ජනතාවට හෙළිදරව් කිරීම විපක්ෂයේ වගකීම. එය ඉටුකිරීමට ඔබලාට ශක්තිය ලැබේවා. මා ඔබලාට සුබපතමි.(නදී)
ශක්තිමත් විරුද්ධ පක්ෂයක් අපේ රටට උවමනෛ , ශක්තිමත් විපක්ෂයක් ගොඩ නගන්න ටජ්.ආර් , බණ්ඩාරනායක , මහින්ද රාජපක්ෂ වැනි ශක්තිමත් නායකයන් අවශ්‍ය වෙනවා.(නදී)
චතුල වෙරෝනා , ඔයාගේ කතාව ඇත්ත.(නදී)
පිට රටකට ගියාමවත් ඇයි මේ පක්ෂ හදාගෙන දඟලන්නේ. ඔයාල පිටරටදී සුළු ජාතියක්. අපේ රටේ සියලු දෙනා එක්ක හොඳ සමිති හදාගෙන කාටවත් කරදරයක් නැතිව ජිවත් වන්න පුරුදු වන්න. පසුගියකාලේ ඉතාලියේ නොයෙක් ගැටුම් ගැන ආරංචි වුනේ ඔය බේද ඔය රටේ තියන නිසා වෙන්න ඇති.(නදී)
අපෝ ඔව් රජයට මාර බලපෑමක් වෙන්නේ. රටට විරුද්දව මේ රටවල් වල කෑ ගැහුවම අපේ රටමයි අපකීර්තිමත් වෙන්නේ. කරන දෙයක් ලංකාවට ගිහින් කරන්න.(නදී)
ආණ්ඩුව මිනිසුන්ට කන්දෙන්න ඕනේ කියලා හිතයි දැන්වත්? (නදී)
මෙහෙ මොන සෙල්ලම් දැම්මත් ලංකාවේ එජාප නායකයෝ ජනතාවගේ හදවත් වලට කතා කරන්න දන්නේ නැහැ?ඒ අතින් ආණ්ඩුවේ මොන වැරදි තිබුනත් මහින්ද මහත්තය දක්ෂයි,විශේසයෙන්ම උතුරු නැගෙනහිර ද්‍රවිඩ ජාතික ප්‍රශ්නයේදී ? (නදී)
සෙනරත් ආනන්ද - මිලානෝ . කතාව නම් ඇත්ත. මේ රටේ විරුද්ද පක්ෂ කියලා ජාතියක් නැහැ. ආණ්ඩුවත් කියන්නේ ඒකමයි. අපේ රටේ විරුද්ධ පක්ෂ නැති උනේ ඇයි.? නායකත්වයේ වරද කියලා සමහරු කීවට ඇත්ත ඒකම නොවෙයි. ඉදිරි වැඩපිළිවෙලක් නැතිව අහවල් දවසේ ආණ්ඩුව පෙරලනවා කියා කියා කීප වතාවක්ම පච වීමත් ඇතුලේ ආරවුල් ඇති වීමෙන් පක්ෂය පිල් බෙදීමත් නිසයි. මේක යුඇන්පියට පමණක් නොවෙයි. ජවිපෙත්, ප්‍රජාතන්ට්‍රවාදී පක්ෂයේත් තියෙන්නේ ඔය කතන්දරේමයි. පවතින රජය කරන වැඩ නරකම නැහැ නේද.? හොඳක් තිබුනොත් එකවත් කිව යුතුයි. එහෙම විරුද්ද පක්ෂයේ මන්ත්‍රීවරයෙක් කිවුවොත් පහුවදාට එතුමාගෙන් නිදහසට කරුණු අහනවා. ඉතින් විරුද්ධ පක්ෂ පවතින්නේ නැහැ. හැමෝම සැලෝන් දොර දිහා බලාගෙන තමයි එල්ලිලා ඉන්නේ. අනික සෙනරත්, මිලානෝ වල අප්පුහාමි සභාපති ලෙස පත්උනා කියලා ලංකාවේ විරුද්ද පක්ෂය ශක්තිමත් වෙන්නේ නැහැ. (නදී)
කුමාර් පින්ටෝ රටේ දේසපාලන නායකයින්ගේ වැරදි විවේචනය කිරීම එයාලට කරන බැනීමක් ලෙස දැකීම වැරදියි නේද. ඕනෑම පුරවැසියෙකුට ඒ අයිතිය තිබිය යුතුයි. වෙනත් ආණ්ඩුවක් බිහිවූ විටකදිත් එය එසේ විය යුතුයි.(නදී)
ඒ.ජා .ප.මිලානෝ අලි ශාඛාව ගැන ඉතාමත් සතුටට කරුණක්. ලංකාවේ ග්‍රාමීය මට්ටමේ , සුළු නගර මට්ටමේ ශාඛා සමිති නම් අලි කෙසේ වෙතත් ...බල්ලට... ගිහින්.ඒ කයි මට කණගාටු.....(නදී)
දෑන් මාසෙකට විතර කලිනුත් වෙනම කට්ටියක් මෙහෙම එකක් පිහිට ගත්තනෙ (දී)
සෙහාන් සමරසිංහ , අල්විස් .... මහත්තයෝ ශ්‍රී ලාංකිකයෝ හැටියට අපි කාටත් රට ගැන කැක්කුමක් , රට ගැන ආදරයක් තියනවා. ඔබත් මමත් මෙහෙම ලියන්නෙත් ඒකනේ. ඒ නිසා ආර්ථික දුෂ්කරතා නිසා රටෙන් බැහැර පිට රටක ජිවත් උනත් අපි හැමෝටම කැමති දේශපාලන පක්ෂ සමිති සමාගම්, ආගම්, සංස්කෘතික, උත්සව,ජාතියක් හැටියට මානව හිමිකම් අනුව වැඩ කරන්ඩ හැකි සේම, ප්‍රජාතන්ත්‍ර වාදයට අනුව වැඩ කරන්ඩත් කාටත් ඒ අයිතිය තිබෙන බව අමතක කරන්ඩ එපා. ඒ දේයි අප්පුහාමි හෝ සිල්වා මේ කරන්නේ රටේ පුරවැසියන් හැටියට. පැහැදිලිද මහත්තයෝ.(නදී)?
චතුරිකා පෙරේරා, විපක්ෂයක් නැති හින්දා ඕන් දැන් ආණ්ඩුවේ ඇතුළෙන්ම ඒවා විවේචනය කරලා බැනගෙන ඒවා හදාගන්නවා ඒකනේ හොඳ නේද? දැන් බලන්නකෝ කැසිනෝ ප්‍රශ්නය ජා.හෙ.උරුමය මැදිහත්වෙලා ඒක නැවැත්තුව නේ. ඒ වගේ දේවල් ආණ්ඩුව තුලින්ම වෙන එක හොඳයි අනේ. (නදී)
ශාන්. ඔබගේ කතාවට මම ස්තුති කරනවා. අපේ රටේ අය පිටරටකට ගියාම ලාංකිකයෝ වශයෙන් සමගියක් ඇතිකර ගන්නවා. නමුත් මිලානෝ ඇතුළු ඉතාලියේ අනිත් කොටස් වල ඉන්න අපේ රටේ සියලුම ජන කොටස් භේද වෙලා ඉන්නේ. මම ඒ ගැන මා ගිය දෙවරම තේරුම් ගත්තා. ඒකට හේතුව එක අත්තේ වහන්නේ එක ජාතියේ කුරුල්ලෝ නිසා වෙන්න ඇති. (නදී)
අනුශාසක ලෙස්ලි ලොව්' ඔබ හරි තමයි. හරි දේ වැරදියට පෙනෙන ත්‍රිමාන කණ්නාඩිය දාගෙන බලන ඔබලාට නම් කොරහෙත් කිඹුල්ලු පෙනෙනවා නේද? (නදී)
රටක විරුද්ද පක්ෂ මෙසේ එකතුවී බලවත් වීම ඒ රටේ පාලන රජයට විශාල බලපෑමක් වෙනවා. එබැවින් එහි ප්‍රතිපලය ඒ රටේ ජනතාවට හිමි වෙනවා. නැතිනම් පාලන රජය හිතුවක්කාර කම් කරනවා වැඩිවෙනවා.(නදී)
මේ ජෙරාඩ් මහින්ද මහත්තයටයි ආරක්සක ලේකම්තුමාටයි හැම තිස්සෙම බනිනවා. රට බෙර ගත්තු අපේ රජතුමා නැත්නම් අපට රටක් නැහැ.(නදී)