IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


මාලදිවයින් හිටපු ජනපති අත්අඩංගුවට : මහජනයාට ගම්මිරිස්

මාලදිවයිනේ හිටපු ජනාධිපති හා විපක්ෂ නායක මොහොමඩ් හෂීඩ් (45) අත්අඩංගුවට ගත් බව මාලදිවයින් පොලිසිය කියයි.

වසරකට පෙර නෂීඩ් බලහත්කාරයෙන් ජනපති පදවියෙන් ඉවත් කරද් දී ජ්‍යෙෂ්ඨ විනිසුරුවරයකු පැහැර ගත්තැයි කියන චෝදනාව මත ඔහු අත්අඩංගුවට ගනු ලැබීය. ලබන බදාදා එම චෝදනා සම්බන්ධයෙන් ඔහු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

ජනපති වහීඩ් හසන්ගේ රජයේ ස්ථාවරය වී ඇත්තේ නෂීර් එදා සිය කැමැත්තෙන් ඉල්ලා අස්වූ බවයි.

අද පස්වරු 2.45ට පොලිසිය ඔහුගේ නිවස වටකළ බව මාලදිවයින් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ සභාපති අලි වහීඩ් ට්විටර් පණිවුඩයකින් කියා සිටියේය.

නෂීඩ්ගේ නිවස අසල ඔහුගේ ආධාර කරුවෝ රැස්වූහ.  එහි දී මහජනයා හා විශේෂ පොලිස් බළකාය අතර ගැටුම් ද ඇති විය.

නෂීඩ් රැගත් පොලිස් රිය පටු වීදියක සිර වූ අවස්ථාවේ එහි රැස්වූ පිරිස විසිරවීමට පොලිසිය ඉවක් බවක් නැතිව ගම්මිරිස් දියර ගැසූ බව කියති.

මහජනයා පොලිසියට ගල්මුල් ද දමා ගැසූහ.

නෂීඩ් පසුව මාලේ දූනිෂ්දූ හිරගෙදරයට රැගෙන ගිය බවත්, අලි වහීඩ් පක්ෂ සභාපති ද අත්අඩංගුවට ගත් බවත් කියති.

මාලදිවයින් ජනපති අබ්දුල්ලා යමීන් තමාට එරෙහිව බොරු චෝදනා මත නඩු දැමීමට යතියි කියමින් නෂීඩ් ඉන්දියාවෙන් දේශපාලන රැකවරණ පැතීය.

මාලදිවයින් රජය අයිඑස්අයිඑස් ත්‍රස්තවාදීනට උඩගෙඩි තෙදියි ඔහු චෝදනා කරයි.

ඉන්දියා අගමැති නරේන්ද්‍ර මෝදි මාර්තා මාසයේ ශ්‍රී ලංකා සංචාරය අවසානයේ මාලදිවයිනට යෑමට නියමිතය.

l_2790858 large_1424602694 large_1424602708 large_1424602726 live_1424599996 live_1424601459



අදහස් (0)

මාලදිවයින් හිටපු ජනපති අත්අඩංගුවට : මහජනයාට ගම්මිරිස්

සුජාන් Wednesday, 25 February 2015 10:34 AM

ඔන්න හිටපු ජනාධිපතිවරුන්ට සළකන විදිහ. ඒකට අපේ රටේ. (හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 168 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 152 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 960 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site