
(අංජුල මහික වීරරත්න)
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ මාලදිවයින් විදේශ අමාත්‍ය අබ්දුල්ලා කලීල් (Abdulla Khaleel) මහත්වරුන් අතර හමුවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද පැවැත්විණි.
පසුගිය මැතිවරණ වලදී ජනාධිපති ප්‍රමුඛ වත්මන් රජය ලබාගත් ජයග්‍රහණ සම්බන්ධව මාලදිවයින් රජයේ සුබ පැතුම් එක් කළ විදේශ අමාත්‍යවරයා මැතිවරණ ජයග්‍රහණයෙන් පසුව රට වෙනස් වී ඇති ආකාරය සම්බන්ධව සතුට ප්‍රකාශ කළේය.
රටේ ඇති වූ ආර්ථික පසුබෑමෙන් අනතුරුව ශක්තිමත්ව නැඟී සිටීම ගැන පුදුමයට පත්වන බවත්, ආර්ථික අර්බුදයෙන් මාලදිවයින ගොඩනැඟීමට ශ්‍රී ලංකාවෙන් පාඩම් ඉගෙන ගනිමින් සිටින බවත් අබ්දුල්ලා කලීල් මහතා මෙහිදී පෙන්වා දුන්නේය.
නිල සංචාරයක් සඳහා මාලදිවයින වෙත පැමිණෙන ලෙසට විදේශ අමාත්‍යවරයා ජනාධිපතිවරයාට ආරාධනාවක් ද කළේය.
දෙරට අතර පවතින සබඳතා තවදුරටත් ශක්තිමත්ව ඉදිරියට ගෙන යෑමට මාලදිවයින දක්වන සුවිශේෂී දායකත්වය පිළිබඳව ජනාධිපතිවරයා තම ප්‍රශංසාව ප්‍රකාශ කළේය. මාලදිවයින් ජනරජයේ මහ කොමසාරිස් මසූඩ් ඉමාඩ් (Masood Imad), විදේශ ලේකම් ෆාතිමත් ඉනායා (Fathimath Inaya), අමිනාත් අබ්දුල්ලා ඩිඩී (Aminath Abdulla didi) යන මහත්ම මහත්මීහු ඇතුළු ආරාධිතයෝ මෙම අවස්ථාවට එක්ව සිටියහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බංකොලොත් ජාතිය ප්‍රායෝගිකව යථා තත්ත්වයට පත් කරන්නේ කෙසේද යන්න පිළිබඳ දේශන ලබා ගැනීමට ඔබට අවශ්‍ය නම්, රනිල් සමඟ කතා කරන්න. පවතින තත්ත්වය පවත්වා ගන්නේ කෙසේදැයි දැන ගැනීමට ඔබට අවශ්‍ය නම්, AKD සමඟ කතා කරන්න. ඔබේ රට බංකොලොත් කිරීමට ඔබට අවශ්‍ය නම්, රාජපක්ෂ සමඟ කතා කරන්න. සංවර්ධනයක් හෝ ප්‍රගතියක් නොමැති නිෂ්ඵල කොමියුනිස්ට් පාලනයක් බවට මාලදිවයින ප්‍රායෝගිකව පත් කිරීමට ඔබට අවශ්‍ය නම්, NPP ආර්ථික මණ්ඩලය සමඟ කතා කරන්න. මාලදිවයිනට සුභ පැතුම්.
ගොඩ යන්න ලංකාවෙන් පාඩම් ? විහිලු කරනවද ?
මෙයා වගේ කයියෙක්ගෙන් නම් ඉගෙන ගන්න මෙලෝ දෙයක් නෑ. ලංකාව බංකොළොත්බවින් නිදහස් කරගත්තු රනිල්ගෙන් ඉගෙන ගන්න
අසේල ගොන් හිවලෙක්
මාලදිවයිනේ කෙනා "කොමා" තත්ත්වයකින් පසුවූ අයෙක්ද?
මාලදිවයිනත් බංකොලොත් ද ලංකාව වගේ ? ලංකාව නම් අයිඑම්එෆ් එකට උකස් තියන් තියෙන්නේ , රටක් බංකොලොත් කරන හැටි ඉගෙන ගන්න ඕනේ නම් විතරක් රනිල්ගේ යහපාලන කාලයයි ,මහින්ද පවුලේ සෞඛභාග්‍ය දැක්මයි හොඳින් අධ්‍යයනය කරන්න
අම්මෝ ඉතින් මුලු ජිවිතේ ම පචම තමයි
මාලදිවයිනට අබ සරණයි..!