IMG-LOGO

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා


මුලතිව් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ රිය අනතුරකින් මරුට

(රොමේෂ් මධුෂංක)

මුලතිව් ප්‍රදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක වෛද්‍ය කේ.අකිලෙන්ද්‍රන් මහතා ගමන්ගත් කැබ් රථය අද (27) සවස ටිපර් රථයක ගැටී සිදුවූ දරුණු  අනතුරකින් වෛද්‍යවරයා මිය ගොස් ඇතැයි ඕමන්ත පොලීසිය පැවසීය.

වෛද්‍යවරයා මුලතිව් සිට වව්නියාව දෙසට කැබ්රථයෙන් ගමන්කරමින් සිට ඇති අතර ටිපර් රථය වව්නියාව දෙස සිට කිලිනොච්චිය දෙසට ධාවනය කරමින් සිටියදී මෙම අනතුර සිදුව ඇතැයි මූලික පොලිස් පරික්ෂණ වලදී හෙලි වී ඇත.

එහිදී ටිපර් රථය ඉදිරියෙන් ගමන්ගත් ත්‍රී රෝදරථයක් පසුකොට යාමට ගත් උත්සහයකදී මෙම අනතුර සිදුව ඇතැයි පොලිසිය සැකපල කරන අතර මෙම දරුණු අනතුරින් බරපතල තුවාල ලැබූ වෛද්‍යවරයා එම අවස්ථාවේදීම වව්නියාව මහ රෝහලේ දැඩිසත්කාර ඒකකයට ඇතුලත් කළ ද ඒ වන විටත් මිය ගොස් සිටි බවට රෝහල් වෛද්‍යවරු පැවසූහ.

 



අදහස් (5)

මුලතිව් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ රිය අනතුරකින් මරුට

චිරන්ත Thursday, 28 March 2024 06:38 AM

මොන අනතුරක් වුනත් ත්‍රීවීලර් එකක සම්බන්ධයක් බොහෝවිට තියෙනවාමයි නැත්නම් ඉතින් ටිපර් එකක් .එහෙම බලද්දි යතුරු පැදි ,ත්‍රීවීලර් හා ටිපර් රථ මාර්ග අනතුරු වලට ප්‍රධාන හේතුවක් වෙනවා

:       0       7

Bunny Preena Thursday, 28 March 2024 09:04 AM

මාර්ගයක රථයක් පදවන කොට ඉවසීම බොහොම හොඳට ප්‍රගුණ කර තිබිය යුතුයි .ඉක්මන් කොටයි කියනවානේ .එහෙම නැතිනම් අනතුරක් තමයි .අපරාදේ රටකට වටිනා සේවයක් කරන වෘර්තිකයකුගේ ජීවිතය නැති උනා .ඔහුට නිවන් සුව පතමි

:       0       10

Devapriya Thursday, 28 March 2024 12:24 PM

අපේ මග මරුවන්ට ඉවසීම නෑ.උන් ඉදිරියෙන් ළඟ එන වාහනය පෙනි පෙනී තමයි ඉස්සර කරන්නෙ.ටිපර් කාරයාගෙ වරද.බරවාහනයක උපරිම වේගය පැයට කි.මී.40.

:       0       4

Devapriya Thursday, 28 March 2024 12:25 PM

ටිපර් කාරයාගෙ වරද.වටිනා ජීවිතයක් නැත් වුනා .

:       0       4

Rohana Saturday, 30 March 2024 08:01 AM

බොහෝ වෙලාවට ත්‍රීවීල්රථ පාරේ මැද හිමින් යනවා. අනතුරුවලට මේකත් ප්‍රධාන හේතුවක්...

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අනුර කුමාරට ස්වීඩනයේදී උණුසුම් පිළිගැනීමක්
2024 අප්‍රේල් මස 27 230 0

ස්වීඩනයේ සංචාරයක නිරත වී සිටින ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ස්ටොක්හෝම්හිදී එරට වෙසෙන ශ්‍රී ලාංකිකයෝ උණුසුම් අයුරින් පිළිගත්හ.


මහරගමිනුත් කුඩු හමුවේ
2024 අප්‍රේල් මස 27 209 0

රුපියල් කෝටි දාසයක් වටිනා හෙරොයින් කිලෝ හතක් සමග පුද්ගලයකු අත් අඩංගුවට ගත් බව බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාශය පවසයි.


ඕස්ට්‍රේලියාවෙන් ලංකාවට ගුවන් යානයක්
2024 අප්‍රේල් මස 27 1032 0

ශ්‍රී ලංකාවෙි සාගර ආරක්ෂණ කටයුතු වෙනුවෙන් ගුවන් යානයත් පරිත්‍යාග කිරීමට ඕස්ට්‍රේලියාවේ විදේශ කටයුතු සහ වෙළෙඳ දෙපාර්තමේන්තුවේ (දකුණු සහ අග්නිදිග ආස


’’රනිල්ට ඉඩ දෙමු’’
2024 අප්‍රේල් මස 27 1658 9

’’රනිල්ට ඉඩ දෙමු,රට වටා යතුරු පැදි රැළිය’’ කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය අසලින් අද(27) පෙරවරුවේ ඇරැඹිණි.


ඇමරිකා නැවකට ’’වැටෙන් එහා’’ සිට කන්න දෙයි
2024 අප්‍රේල් මස 27 1946 0

ඇමරිකා විශ්වවිද්‍යාලයක සිසුන් පිරිසක් රැගත් පර්යේෂණ නෞකාවකට ශ්‍රී ලංකා මුහුදු තීරයට ඇතුළු වීමට අවසර නොදීමට රජය තීරණය කර තිබේ.


බෝමිරියෙන් හමු වූ කුඩු ගැන තවත් තොරතුරු
2024 අප්‍රේල් මස 27 191 0

කඩුවෙලා බෝමිය ප්‍රදේශයේදී මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් තිහක් සමගින් එක් සැකකරුවකු අත්අඩංගුවට ගත් බව බියගම පොලිසිය පවසයි.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 353 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1739 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1575 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site