(රොමේෂ් මධුෂංඛ)

 

මුලතිව් මහරෝහලේ පවතින වෛද්‍යවරුන්ගේ හිඟයට වහාම විසඳුම් ඉල්ලා අද (18)  රෝහල් සුබ සාධක සංගමය හා ප්‍රදේශවාසීහු පිරිසක් මහරෝහල ඉදිරිපිට දී උද්ඝෝෂණයක් ඇරඹුහ.

මේ වන විට මුලතිව් රෝහලට වෛද්‍යවරුන් 60 දෙනෙකුගේ අවශ්‍යතාවයක් පැවතිය ද රෝහලේ සේවයේ නිරත වන්නේ වෛද්‍යවරුන් 27 දෙනෙකු පමණක් බැවින් වහාම එම පුරප්පාඩුව විසඳන ලෙස ඉල්ලා මොවුහු මෙලෙස විරෝධතාවයේ නිරත වෙති.

එමෙන්ම වෛද්‍යවරුන්ගේ හිඟය හේතුවෙන් රෝගීන්ගේ ජීවිතද දැඩි අවදානමක පවතින හෙයින් පත්වූ නව ආණ්ඩුව මගින් හෝ මුලතිව් රෝහලේ වෛද්‍යවරුන්ගේ හිඟයට විසඳුම් ලබා දෙන ලෙසට උද්ඝෝෂකයෝ පැවසූහ.