
(ගයාන් සූරියආරච්චි)
කතරගම වල්ලි අම්මා දේවාලය අසලදී කාන්තාවකගේ රන්මාලයක් කඩා දිවගිය සැකකරුවකු අල්ලාගැනීමට යාමේදී සැකකරු දැලි පිහියකින් පොලිස් කොස්තාපල්වරයකුගේ අත කපා පලාගොස් ඇතැයි කතරගම පොලිසිය පවසයි.
තුවාල ලැබූ කොස්තාපල්වරයා කතරගම රෝහලට ඇතුළත් කර ඇති බව පොලිසිය පවසයි.
මෙසේ තුවාල ලබා ඇත්තේ කතරගම පොලිස් ස්ථානයට අනුයුක්ත කොස්තාපල්වරයකු බව කතරගම පොලිසිය පවසයි.
තුවාල ලැබූ කොස්තාපල්වරයා කතරගම දේවාලයේ පෙරහර මංගල්‍යෙය් දියකැපීමේ උත්සවයේ රාජකාරීයේ යෙදී සිට ඇති බව පොලිසිය පවසයි.
එහිදී වල්ලි අම්මා දේවාලය අසලදී සැකකරු විසින් කාන්තාවකගේ ගෙල බැදි රන්මාලය කඩා ගන්නා අයුරු මෙම කොස්තාපල්වරයා දැක සැකකරු අල්ලාගැනීමට යාමේදී සැකකරු අත තිබූ දැලි පිහියකින් කොස්තාපල්වරයාගේ වම් අත කපා පලාගොස් ඇති බව පොලිසිය පවසයි.
දැලි පිහියෙන් කැපිම හේතුවෙන් කොස්තාපල්වරයාගේ වම් අතේ වැලමිට සිට මැණික් කටුව දක්වා කැපුම් තුවාල සිදුවී ඇති බව පොලිසිය පවසයි.
සැකකරු නාගහවීදිය ප්‍ර දේශයේ පදිංචි ‘සුසා පොඩියා‘ නැමැත්තා බවට හදුනාගෙන ඇති අතර ඔහු අත්අඩංගුවට ගැනීමට විමර්ශන සිදුකරන බව පොලිසිය පවසයි.
COMMENTS
දෙයියෝ කොහෙ රිංගලාද මන්දා… ඒ ටිකට මාලෙත් කඩාගෙන පිහියෙනුත් ඇනලා.
මෙවැනි අපරාධකරුවන් අත්අඩංගුවට ගන්නට යාම පොලිස් නිලධරීන්ට අනතුරුදායකයි. කල යුත්තේ ඔවුන්ට වෙඩි තැබීමයි.