ත්‍රිකුණාමලයේ සාම්පූර් ළිඳක තිබී මල්ටිබැරල් අවිවලට යොදන පැරණි රොකට් උණ්ඩ 44ක් සොයා ගත් බව සාම්පූර් පොලිසිය කියයි.
සාම්පූර්හි නාවික හමුදා කඳවුර බාරයේ තිබූ ඉඩම් රැසක් පසුගිය සතියේ නිදහස් කළ අතර පසුගිය 25 වැනි දා එහි ජනතාව පදිංචි කරනු ලැබීය.
එලෙස පදිංචිකළ පුද්ගලයකු ඊයේ (03) දහවල් ළිඳක් ඉසිද්දී මෙම උණ්ඩ තොගය හමුවී තිබේ.
ත්‍රිකුණාමලය පොලිස් කොට්ඨාසයේ වැඩ බලන සහකාර පොලිස් අධිකාරී 01 කේ ඒ ජේ කොඩිතුවක්කු සහ සහකාර පොලිස් අධිකාරී ඉන්දික සිල්වා මහත්වරුන්ගේ අධීක්ෂණයෙන් සාම්පූර් පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ස්වාහිර් මහතා ඇතුළු නිලධාරීහු පරීක්ෂණ සිදුකරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කලබල වෙන්න ඕනේ නැහැ. තවත් ඔවැනි දේ කොහේ කොහේ තියෙන්න පුලුවන්ද. (බ)
ගිය අවුරුද්දේ දාපුව මේ අවුරුද්දේ උඩට ගනී වගේ ප්‍රේමදාසට වෙච්ච දේම තමා ඉල්ලන් කන්න යන්නේ (බ)
එකපාර සේරම මතුවෙන්නේ?(හේ)
මල්ටිබැරල් මිස්ටර් ප්‍රභාකරන් ළඟ තිබුනේ නැහැනේ. (නි)
මෙසේ නිදහස් කළ ඉඩම් වල පදින්චි වන ජනතාවට අවි ආයුධ හමුවන පලමු සහ අවසන් අවස්ථාව මෙය නොවනු ඇත. එහෙත් එලෙස හමුවන සියලු ආයුධ රජයට භාර දෙනු ඇතැයි සහතික විය හැක්කේ කාටද. එම අවි බෙදුම් වාදීන් අතට හෝ පාතාලයන් අතට පත්වීමේ අවදානම ඉතා අධික බව බලධාරීන් තේරුම් ගතයුතුයි. (බ)
ජයරත්න හරි. තුවක්කුවක් පිස්තෝලයක් එහෙම නැතිනම් අත් බෝම්බයක් එහෙම හම්බ වුනොත් ඒවත් බාරදෙයිද? (බ)
නුවන්ගේ දැනුම ගැන සන්තෝසයි. එ්ත් මට තියෙන ප්‍රශ්නේ සාම්පුර් වලදී පසුබැස්සේ හමුදාවද කොටිද කියල? (බ)
අර ආණ්ඩුව පෙරළන්න පොල් ගහන අය කියන කතාව ඇත්ත නම් ආණ්ඩුවට පන්දම් අල්ලන කට්ටිය කලින්ම දුවන්න සූදානම් වුණොත් හොඳයි නේද? (නි)
ඕවට මොකුත් කියන්න එපා. සංහිඳියාවට බාධා වෙයි. මොකද ඕවා ගැන හොයනවට වඩා කරන්නේ ඒවා ගැන කතාකරන අයගෙන් ප්‍රශ්න කරන එකනේ. හැබැයි දැන් තොරතුරු දැනගැනීමේ පනතත් සම්මත කරලලු තියෙන්නේ! (නි)
මල්ටිබැරල් රොකට් උණ්ඩ කොටි පාවිච්චි කළේ නැහැනේ. ඔවුන්ට මල්ටි බැරල් තිබ්බෙත් නැහැ. මේවාට කලබල වෙන්න එපා. සිතියම්ගත කරලා අවි සඟවන එක සංග්‍රාමික උපක්‍රමයක් පසුබැසීමකදී. (නි)
කොටින් සතුව මල්ටි බැරල් රොකට් ලෝන්චර් තිබුන, නමුත් ඒවා හමුදාව සතු ඒවා තරම් විශාල ඒවා නෙවෙයි. (බ)
නැවත පදිංචි කරන්නේ පළාත් ආරක්‍ෂිත බව තහවුරු කරලා නෙවෙයි නේද? (බ)
ඇත්ත තමයි ත්‍රස්තවාදය නැවත පටන් අරන් කියලා අර ආණ්ඩුව පෙරලන්න පොල් ගහන රංචුව කියන කතාව. (බ)
දැන් අපේ පොලිසියේ ඉන්න අර කළු මහත්තය කියයිද දන්නේ නැ මේවා ගිය අවුරුද්දේ සිංහල ,දෙමළ අලුත් අවුරුද්දට ගනුදෙනු කරන්න ළිදට දාපු එව්වා කියලා. (බ)