IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


මල්ටිබැරල් රොකට් උණ්ඩ සාම්පූර් ළිඳෙන්

ත්‍රිකුණාමලයේ සාම්පූර් ළිඳක තිබී මල්ටිබැරල් අවිවලට යොදන පැරණි රොකට් උණ්ඩ 44ක් සොයා ගත් බව සාම්පූර් පොලිසිය කියයි.

සාම්පූර්හි නාවික හමුදා කඳවුර බාරයේ තිබූ ඉඩම් රැසක් පසුගිය සතියේ නිදහස් කළ අතර පසුගිය 25 වැනි දා එහි ජනතාව පදිංචි කරනු ලැබීය.

එලෙස පදිංචිකළ පුද්ගලයකු ඊයේ (03) දහවල් ළිඳක් ඉසිද්දී මෙම උණ්ඩ තොගය හමුවී තිබේ.

ත්‍රිකුණාමලය පොලිස් කොට්ඨාසයේ වැඩ බලන සහකාර පොලිස් අධිකාරී 01 කේ ඒ ජේ කොඩිතුවක්කු සහ සහකාර පොලිස් අධිකාරී ඉන්දික සිල්වා මහත්වරුන්ගේ අධීක්ෂණයෙන් සාම්පූර් පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ස්වාහිර් මහතා ඇතුළු නිලධාරීහු පරීක්ෂණ සිදුකරයි.



අදහස් (0)

මල්ටිබැරල් රොකට් උණ්ඩ සාම්පූර් ළිඳෙන්

ඉසුරන්දි Sunday, 03 April 2016 01:32 PM

කලබල වෙන්න ඕනේ නැහැ. තවත් ඔවැනි දේ කොහේ කොහේ තියෙන්න පුලුවන්ද. (බ)

:       0       0

රණසිංහ Sunday, 03 April 2016 02:43 PM

ගිය අවුරුද්දේ දාපුව මේ අවුරුද්දේ උඩට ගනී වගේ ප්‍රේමදාසට වෙච්ච දේම තමා ඉල්ලන් කන්න යන්නේ (බ)

:       0       0

සුදේශ් Monday, 04 April 2016 05:51 AM

එකපාර සේරම මතුවෙන්නේ?(හේ)

:       0       0

ධම්ම Sunday, 03 April 2016 04:34 PM

මල්ටිබැරල් මිස්ටර් ප්‍රභාකරන් ළඟ තිබුනේ නැහැනේ. (නි)

:       0       0

ජයරත්න Monday, 04 April 2016 06:30 AM

මෙසේ නිදහස් කළ ඉඩම් වල පදින්චි වන ජනතාවට අවි ආයුධ හමුවන පලමු සහ අවසන් අවස්ථාව මෙය නොවනු ඇත. එහෙත් එලෙස හමුවන සියලු ආයුධ රජයට භාර දෙනු ඇතැයි සහතික විය හැක්කේ කාටද. එම අවි බෙදුම් වාදීන් අතට හෝ පාතාලයන් අතට පත්වීමේ අවදානම ඉතා අධික බව බලධාරීන් තේරුම් ගතයුතුයි. (බ)

:       0       0

ඉන්දික Monday, 04 April 2016 07:52 AM

ජයරත්න හරි. තුවක්කුවක් පිස්තෝලයක් එහෙම නැතිනම් අත් බෝම්බයක් එහෙම හම්බ වුනොත් ඒවත් බාරදෙයිද? (බ)

:       0       0

ඉන්දික Monday, 04 April 2016 08:30 AM

නුවන්ගේ දැනුම ගැන සන්තෝසයි. එ්ත් මට තියෙන ප්‍රශ්නේ සාම්පුර් වලදී පසුබැස්සේ හමුදාවද කොටිද කියල? (බ)

:       0       0

බමුණු ආරච්චි Monday, 04 April 2016 12:24 AM

අර ආණ්ඩුව පෙරළන්න පොල් ගහන අය කියන කතාව ඇත්ත නම් ආණ්ඩුවට පන්දම් අල්ලන කට්ටිය කලින්ම දුවන්න සූදානම් වුණොත් හොඳයි නේද? (නි)

:       0       0

ඉන්දික Monday, 04 April 2016 01:33 AM

ඕවට මොකුත් කියන්න එපා. සංහිඳියාවට බාධා වෙයි. මොකද ඕවා ගැන හොයනවට වඩා කරන්නේ ඒවා ගැන කතාකරන අයගෙන් ප්‍රශ්න කරන එකනේ. හැබැයි දැන් තොරතුරු දැනගැනීමේ පනතත් සම්මත කරලලු තියෙන්නේ! (නි)

:       0       0

නුවන් Monday, 04 April 2016 03:06 AM

මල්ටිබැරල් රොකට් උණ්ඩ කොටි පාවිච්චි කළේ නැහැනේ. ඔවුන්ට මල්ටි බැරල් තිබ්බෙත් නැහැ. මේවාට කලබල වෙන්න එපා. සිතියම්ගත කරලා අවි සඟවන එක සංග්‍රාමික උපක්‍රමයක් පසුබැසීමකදී. (නි)

:       0       0

ප්‍රසන්න Monday, 04 April 2016 04:35 AM

කොටින් සතුව මල්ටි බැරල් රොකට් ලෝන්චර් තිබුන, නමුත් ඒවා හමුදාව සතු ඒවා තරම් විශාල ඒවා නෙවෙයි. (බ)

:       0       0

මුණසිංහ Sunday, 03 April 2016 12:39 PM

නැවත පදිංචි කරන්නේ පළාත් ආරක්‍ෂිත බව තහවුරු කරලා නෙවෙයි නේද? (බ)

:       0       0

පිටිගල මිලානෝ Sunday, 03 April 2016 12:55 PM

ඇත්ත තමයි ත්‍රස්තවාදය නැවත පටන් අරන් කියලා අර ආණ්ඩුව පෙරලන්න පොල් ගහන රංචුව කියන කතාව. (බ)

:       0       0

කිංග්ස්ලි පෙරේරා Sunday, 03 April 2016 01:10 PM

දැන් අපේ පොලිසියේ ඉන්න අර කළු මහත්තය කියයිද දන්නේ නැ මේවා ගිය අවුරුද්දේ සිංහල ,දෙමළ අලුත් අවුරුද්දට ගනුදෙනු කරන්න ළිදට දාපු එව්වා කියලා. (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 689 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 330 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1117 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site