හෙරොයින් ජාවාරම් කළ බව දෙදෙනකු හෙරොයින් ග්‍රෑම් 104ක් සමග යාපනය ඉලවාලි පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූහ.
එක් සැකකරුවකු කොළඹ මාලිගාවත්තේ පදිංචිකරුවකු වන අතර අනෙක් සැකකරු ඉලවාලි ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
මාලිගාවත්තේ පදිංචි සැකකරු උතුරේ හෙරොයින් ජාවාරම් සිදුකරන බවත් ඉලවාලි ප්‍රදේශයේ සැකකරුද එම ජාවාරමට හවුල් වී ඇති බවත් පොලිසිය සිදුකරන ලද මූලික විමර්ශනවලින් අනාවරණය වී ඇත.
සැකකරුවන් දෙදෙනා යාපනය මල්ලාකම් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව දින 7ක් රදවාගෙන ප්‍රශ්න කිරීමට අවසර ලැබිණි.
යාපනය නියෝජ්‍ය පොලිස්පති ජී.කේ පෙරේරා සහ කන්කසන්තුරෙයි කොට්ඨාස භාර පොලිස් අධිකාරි රංජිත් මාරසිංහ යන මහත්වරුන්ගේ උපදෙස් මත ඉලවාලි පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක මංජුල ද සිල්වා මහතා ඇතුළු නිලධාරීහු විමර්ශන සිදු කරති


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මංජුල, ඔබ ගැන ආඩම්බරයි. ඔබට තෙරුවන් සරණයි! (නි)