(බිමල් ෂ්‍යාමන් ජයසිංහ )
මාලිගාවත්ත ලක්සෙත සෙවණ මහල් නිවාස සංකීර්ණයේ දී පුද්ගලයෙකුට වෙඩි තබා බරපතල තුවාල සිදු කිරීම සම්බන්ධ ප්‍රධාන සැකකරු ඇතුළු පුද්ගලයන් තිදෙනෙක් රිවෝල්වර වර්ගයේ ගිනි අවියක් සමඟ ඊයේ (01) රාත්‍රියේ අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියයි .
ප්‍රධාන සැකකරු ඊයේ රාත්‍රි කොටහේන සුපිරි වෙළෙඳ සැලක් අසළ දී රාජගිරිය විශේෂ කාර්යය බලකාය විසින් අත්අඩංගුවට ගත් අතර අනෙක් සැකකරුවන් දෙදෙනා කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් මාලිගාවත්ත හා වැල්ලම්පිටිය පොලිස් බලප්‍රදේශ වලදී අත්අඩංගුවට ගෙන ඇතැයි මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියයි.
එම එක් සැකකරුවෙකු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී තුවාල ලබා සිටි බැවින් පොලිස් ආරක්ෂාව යටතේ කොළඹ ජාතික වෙත ඇතුළත් කර ඇත.
සැකකරුවන් තිදෙනා අද දින අලුත්කඩේ අංක 4 මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd