ඇමැති මර්වින් සිල්වාගේ පුත් මාලකගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කළ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ඒ එම් සහාබ්දීන් මහතා ඒ ගැන ලබන 18 වැනි දා සලකා බලන බව ප්‍රකාශ කළේය.

ස්කොට්ලන්ත ඉන්ජිනේරුවරයකුට හා ඔහුගේ පෙම්වතියට පහර දුන්නැයි කියන සිද්ධියක් මත ඔහු රිමාන්ඩ් භාරයේ පසු වෙයි.

ස්කොට්ලන්ත ජාතිකයා ද ඔහුට පහර දී ඇතැයි කියති.

ජනාධිපති නීතීඥ හේමන්ත වර්ණකුලසූරිය මහතා කරුණු දක්වමින් කියා සිටියේ මාලක සිල්වා එම සමාජ ශාලාවේ සිටි බව පිළිගන්නා බවයි.

ඔහු ඇප මත මුදා හරින්නැයි ඉල්ලා සිටියේය.

ස්කොට්ලන්ත ජාතික ඉන්ජිනේරුවරයා ද සැකකරුවකු කළ යුතු බව ඔහු කීවේය.

ඒ දෙකරුණම ලබන 18 වැනි දා සලකා බැලිය හැකි බව මහේස්ත්‍රාත්වරයා ප්‍රකාශ කළේය.