කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ඒ එම් සහාබ්දීන් මහතා විසින් ඇමැති මර්වින් සිල්වාගේ පුත් මාලක සිල්වා හා තවත් හය දෙනෙක් ලබන 28 වැනිදා තෙක් රිමාන්ඩ් කරනු ලැබුහ.
මාලක සිල්වා ,රනේෂ් වීරන් කුලතුංග,ඕෂධි විස්කම් විමලරත්න,එම් බී ප්‍රියන්ත උපසේන,තරිදු ලක්ෂාන් වීරසේකර,ඇමැති අරක්ෂක අංශයේ සරත් විජේසිරි හා චමිල් ඉන්දික ප්‍රනාන්දු රිමාන්ඩ් බාරයට පත් වුවෝ වෙති.
මාලක ඇතුළු පිරිසකගෙන් පහර කෑ බව කියන ස්කොට්ලන්ත ජාතිකයා හා ඔහුගේ පෙම්වතිය ඔවුන් හඳුනා ගැනීමේ පෙරට්ටුවට අද (25) නොපැමිණිම නිසා පෙරට්ටුවද කල් ගියේය.
මාලක සිල්වා රිමාන්ඩ් හිර ගෙදරට රැගෙන යන ලෙස පෙර දිනයේ නියෝග කැර තිබියදී ඔහු කොළඹ ජාතික රෝහලට රැගෙන ගියේ ඇයි දැයි ලබන නඩු දිනයේදී වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස බන්ධනාගාර කොමසාරිස්ට මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕන් ආටක නාටක ආටක ආටක නාටක (නදී)
කරුණාජීව මහතාට බොහොම ස්තුතියි. මෙතෙන ගොඩක් කට්ටියට මේ ගැන අවබෝධයක් තිබුනේ නැහැ. ඒ බව අදහස් වලින් මට දැනුනා.(අ)
අපි කොහොමද දැන් සංචාරක ව්‍යාපාරය දියුණු කරන්නේ. එන සංචාරකයන්ට ගහනවා මරනවා ලිංගික අතවර කරනවා. මෙවැනි පසුබිමක් යටතේ රජය කොහොමද මේ ව්‍යාපාරය ගොඩ නගන්නේ. මොකක්ද රටේ තියෙන පසුබිම ලෝකෙත් එක්ක ගනුදෙනු කරන්නේ මෙහෙමද ? රටේ වගකිය යුතු පුද්ගලයනේ දරුවන් හැසිරෙන්නේ මෙහෙමද රටක් වශයෙන් අපි ලජ්ජා විය යුතුයි. (නදී)
දැන් හිතෙන්නේ මෙයා රෝහලෙත් හිටියද කියලයි. සමහරවිට ගෙදරම ඉන්නත් පුළුවන් මෙහෙම බලද්දී. මූහුණ වහගෙන ගිහින් ගෙදර ඉඳලා උසාවි යන අලුත් සූත්තරයක්වද්ද? (නි)
ඔය වගේ අසාධාරණ වැඩ නිසයි මෙච්චර වටිනා ජනාධිපතිතුමාට මේ ප්‍රශ්න.චණ්ඩින්ට සැමදාම ඔලුව නමන්න අමාරුයි. කවදාහරි ජනතාව ඊට එරෙහිව වීදි බහිනවා. දැන් වෙලාව ඇවිල්ලා (නි)
බාලසුරිය කොලොන්නාව මහත්මාගේ ප්‍රකාශය මා අනුමත කරනවා. මෑත කාලයේ මේ විදියේ සිදුවීම් සුලබයි. (නි)
අපේ එකෙක්ව මැරුවත් මේ අයට නිතිය ක්‍රියාත්මක කරන්න මහා ලොකුවට අපේ කියන රටේ එක්කෙක්වත් ඉන්නවද? මේ රට මුන්ගේ මිසක් අපේ නොවේ. (නදී)
මනම් උදේ හවස බුදුන් වැඳලා..ධර්මයේ බලයෙන් ඉල්ලන්නේ ..අපේ රටේ විදේශීය පාලනයකට වහාම යටවී රටේ ජීවත්වෙන ජනයාගේ ජීවිත ආරක්ෂා වේවා කියලයි...!!! (ස)
අනේ සුදු රෙදි පොරවල කළු සපත්තුදාලා කොහොම හිර ගෙදර ගිනියන්නද? සිල් රකින උදවිය පන්සලට හරි පල්ලියට එක්ක යනවා විනා (ස)
නීතියට වැඩ කරනා විනිසුරු වරුන්ටත් කරදර වන කාලයක් , බොහෝ විනිසුරු වරුන් රාජකාරිය අවංකව ඉටු කිරීමට බියක් දක්වනවා , රැකියාව නැති වීම හෝ මැරයන්ගෙන් පහර කෑමට බියට , මෑතක සිට අපට ගොඩක් උදාහරණ තියෙනවා. (ස)
කොහේ හිටියද මට මතක නැහැ පප්පේ.(නදී)
කාපු බීපු වෙලාවට කියන කරන දේවල් නෙව ඕවා .....අන්තර් ජාතික ප්‍රශ්න නෙවෙයි. අම්ම තාත්තගේ මානව හිමිකම් කඩලා. එක අඩියයි ගැහුවේ.(අ)
පියතුමාට රටේ මිනිසුන්ව ගස්බදින්න කලින් පුත්‍රයව ගහක බැන්දානම් හදාගන්න තිබුනා. අපිනම් ගන්නේ ස්කොට්ලන්ත ජාතිකයා හා ඔහුගේ පෙම්වතියගේ පැත්ත.(අ)
ලංකාවේ උසාවියේ නියෝග වලට උඩින් දෙන නියෝග වලට කෙරෙනා වැඩ මේවා , මේවා දකින කොට තමා මෙම පාලන ක්‍රමය වෙනස් වන්නට ඕනේ කියා සිතෙන්නේ , උසාවියේ නියෝගයකට හිස නොනමන දේශපාලකයන් නිසා නීතියත් , උසාවියත් කැළේ වැදිලා (අ)
ඒ උනාට කමක් නැහැ යුද්දේ දිනුවනේ (නදී)
බාලසුරිය මහතා හරි. මේ පාලනය වෙනස් කරන්න ඕනි කියල ජනතාව කියන්නේ මේ වගේ නිතිය වල් වැදිලා නිසා. අහිංසකයෙක් නම් මේ වෙනකොට හිර කරලා. මේ අයට කතිරේ ගහපු අපට ගහන්න ඕනි බු වල්ලෙන්.(නදී)
මේ වගේ මුහුණු ආවරණය කරගෙන යන්න පුලුවන්ද? දන්නා කෙනෙක් දැනුවත් කරන්න අපිව. ස්තුතියි. (නි)
මේකත් දැන් ලොකු විහිළුවක් වෙලා,(හේ)
මුහුණ වහලා නේද අරගෙන ගියේ? (නි)
මුනවහල නේ අරන් ගියේ. අපේ ගෙදරද හිරගෙදරද මහා ගෙදරද දන්නේ නෑ හාමුදුරුවනේ.(අ)
එළිපිට කැත වැඩ කරන්න පුලුවන්නම් ඇයි උසාවි යනකොට මුණ ඇරගන යන්න බැරිද (අ)
ලැජ්ජයි, සංචාරකයෝ සහ විදේශ ආයෝජන දෙකම අපට නැතිවෙනවා (නදී)
යකාගේ හිරගෙදර ට්‍රාන්ස්පෝර්ට් නේ අපේ රටේ තියෙන්නේ c .t .b බස් මීට වඩා මරු නේ. (අ)
පොලිසිය ට මොනවද කරන්නේ බැරි? (ස)
මේ වගේ සුළු සුළු ප්‍රශ්න කාපු බීපු වෙලාවට කොල්ලෝ අතර ඇතිවෙනවා. විධායක ජනාදිපති පාලන බලතල වලින් පුළුවන්නේ මෙයාට සමාව අරගෙන දෙන්න. මොනවා උනත් මුළු රටම ආදරේ කරන ඇමති කෙනෙක්ගේ පුතෙක්නේ. (ස)
ධර්මයේ බලයෙන් මාළුවන් බේරගන්න බෝට්ටුවකින් අරන් අයිස් පෙට්ටියේ දාන්න ලු...හාහ්...හාහ්..හාහ්..ඒකට මට හිනා. (ස)
මේක තමයි සත්‍යය.ලංකාවේ මුදල්, දේශපාලන බලය තිබෙන කෙනා හිරේ යන්නේ නැහැ.ඔවුන් රෝහල හරහා ගෙදර යනවා.ගමේ අහිංසකයා පොලිසියෙන් ගුටිකාලා රෝහල හරහා මැරිලා යනවා.ඉස්සර මේක රහසක්.දැන් මේක ප්‍රසිද්ධ රහසක්. රට ජරාජීර්ණ තත්ත්වයක් වෙත යන බවක් දැනෙනවා. (නි)
ඒක තමයි ලංකාවේ නීති දෙකක් තියෙනවා කියන්නේ (දී)
අර තංගල්ලේ සභාපතිතුමාට කඩේ ගිය ජේලර්ලා වගේ අය මෙතනත් ඇති. (නි)
සංචාරය සඳහා එන අයටත් ගහනවා දුෂණය කරනවා , දුෂණයට තැත් කරනවා. ලංකාවේ කී දෙනෙක් මෙයාගෙන් ගුටි කාලා ඇතිද? කී දෙනෙක් දූෂණය වී ඇතිද ? නමුත් ඔවුන් නිහඩව සිටින්නේ මොවුන්ගේ දේශපාලන බලයට ඇති බිය නිසයි (නදී)
ස්කොට්ලන්ත ජාතිකයට මගේ ප්‍රණාමය. මෙයාල වගේ කට්ටිය උසාවි ගෙනාවට. (නදී)
කොල්ලෝ කොල්ලෝ ගහ ගන්න එක සුළු දෙයක්නේ. ගනන් ගන්න දෙයක් තියෙනවද (දී)
එදා කට්ටිය වහගෙන යනකොට එ්ක තම මම කිව්වේ එයා එතන නැහැ කියලා. (නදී)
අනේ කාලේ වනේ වාසේ කිව්වලු. මේක උසාවියට කරපු අපහාසයක් කියලයි මට හිතෙන්නේ ? උසාවි නියෝග ඉවතදාන්න පුලුවන්ද මෙයාලට ? (නදී)
ජනවාරි 8 වැනිදා මේ ඔක්කොම වෙනස් කරන්න අවස්ථාව එනවා.(දිල්)
ඔය රෙද්ද අස්සේ මාලක ඉන්නව කියල ෂුවර්ද?මෙයාල ඇමති තුමාගේ පොලිසියේ මහත්තුරු වෙන්න බැරිද? බලන්නකෝ සපත්තු දිහා.(නදී)
රට ගිහිල්ල තියන තැන පේනවා. මෙයාල වගේ අය නිසා තමයි අන්තර්ජාතිකව රට පිරිහිලා තියෙන්නේ. අපි කොහොමද ලංකාවේ කියල කියන්නේ. (නදී)
ලජ්ජා නැති ඇමතිලා අැමති බිරින්දළා සහ පුතා. කකුළුවා හොද්දේ නටනවා . හැබැයි හොද්ද නටනකොට ? (නදී)
මෙයාව මහ උලු ගෙදරම යවන්න ඕනා (නදී)
මේ සැකකාරයන්ව වහගෙන යන්නෙ ඇයි? අනේ අපිට පෙන්නන්න එතකොට තමයි අපේ සහොදරියන්ට මේ ලිංගික අපරාදකාරයන්ගෙන් බේරෙන්නෙ පුලුවන් වෙන්නේ. අර නීතිවේදියටත් කියන්න මේක සුද්දගෙ රට උනානම් මීට වඩා හොදයි කියලා (නදී)
මෙසේ අදිකරණය නියෝගය නොතැකීම රජයට විරුද්ධව දැන් ඇති වාතාවරණයට උඩගෙඩි දැමීමක් නොවේද ? (නදී)
සුජිත්, මේ රැගෙන යන්නේ හදුනා ගැනීමේ පෙරෙට්ටුවකටයි. නිත්‍යානුකුලව මෙසේ කල යුතුමයි. කිවයුතු දේ බොහොමයි. නමුත් අදට ඇති. (නදී)
පේනවනේ උසාවි නියෝගයකට තියෙන ගරුසරුව.මේ වගේ තව කොච්චර නම් දේවල් තිරය පිටුපස වෙනවා ඇද්ද.(හේ)