(අංජුල මහික වීරරත්න)
මිල්කෝ ලාබ ලබන ආයතනයක් බවට පත් කිරීම සඳහා එහි සියලු වෘත්තිය සමිති ඒකාබද්ධව තීරණය කර ඒ බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතාට දැනුම් දී තිබේ.
කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර හා පශු සම්පත් රාජ්‍ය අමාත්‍ය ඩී. බී. හේරත් මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් මිල්කෝ සමාගම් පරිශ්‍රයේ පැවැති සාකච්ඡාවකදී වෘත්තීය සමිති නියෝජිතයෝ මේ කාරණය දැනුම් දුන්හ.
මෙම සාකච්ඡාවට සියලු කාර්ය මණ්ඩල සහ වෘත්තිය සමිති නියෝජිතයින් ද සහභාගි වී සිටි බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.
පාලනාධිකාරියේ වැරදි තීරණ හේතුවෙන් පසුගිය වසර දෙකක කාලයක් මිල්කෝ සමාගම දිගින් දිගටම පාඩු ලැබූ බව අමාත්‍යාංශය කියයි.
මිල්කෝ සමාගමේ කිරි ලීටර් 165,000කින් නිෂ්පාදන කටයුතු කළද පසුකාලීනව කිරි ලීටර් 55,000 දක්වා නිෂ්පාදනය අඩුවීම සම්බන්ධව පාලනාධිකාරිය අනිවාර්යෙන්ම වග කිව යුතු බව එම සාකච්ඡාවේදී වෘත්තීය සමිති නියෝජිතයන් පෙන්වා දී තිබේ.
2025 දෙසැම්බර් මස 16
18
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
820
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
මිල්කෝ සේවකයෝ ලාබ පෙන්වන්න එක් වෙති
මැක්ස් Wednesday, 10 January 2024 10:42 AM
අන්න එහෙමනේ වුර්තීය සමිති වැඩ කරන්න ඕන! දුම්රිය, විදුලිය, දොස්තරලා වගේ කට්ටියත් මිල්කෝ සේවකයන් ගෙන් ඉගෙන ගත්තොත් නරක ද? රවී කුමුදේශ්, ජෝශප් ස්ටාලින්, මහින්ද ජයසිංහ වගේ හාදයන්ට කියල වැඩක් නා මොකද උන්දලා ජීවත් වෙන්නෙම හැම දෙයක්ම කඩාකප්පල් කරන්න නිසා.
අරවින්ද මොනරවිලWednesday, 10 January 2024 10:58 AM
වෘත්තිය සමිති බහුතරයක් දන්නවා වෘත්තිය සමිතිවල කාර්‍භාරය මොකක්ද කියලා, රාජපක්ෂලාගේ වික්‍රමසිංහගේ කල්ලීවල හොරුන් තමයි වෘත්තිය සමිතිවලට මුවාවෙලා තනතුරු වරදාන අරගෙන දේශපාලකයන්ගේ හොරකම් වංචා දූෂණවලට හවුල්වෙලා රාජ්‍ය ආයාතන විනාශ කරන්න මැදිහත් උනේ. ඒක නොදන්න සම හරක් තප්පුලනවා.
සමන් විමල් Wednesday, 10 January 2024 06:08 PM
උම්බෑ කියන කොටම දදන්නවා ගොන් විල කියල .
Chamila Fernando Wednesday, 10 January 2024 11:56 AM
අධික දූෂණය නිසයි පාඩු ලැබුවේ. තනිකරම පාලන අධිකාරිය වගකියන්නම ඕනි . මෙය ලාභ ලැබිය හැකි ආයතනයක්
වැඩ කරන්න දෙන්නෙ නැති සංගමේ සභාපති Wednesday, 10 January 2024 11:59 AM
විදුලිබල මණ්ඩලේ උන් ජල විදුලියෙන් විදුලිය නිපදවුවොත් කොමිස් නැති වෙන හින්දා ජලාශ ඇරලා වතුර යැව්වා. ඒක නිසා අන්තිමට ගොවීන්ටත් වතුර නැති වුනා. සූර්ය බල සංග්‍රාමය කාලේ ගෙනාපු ප්‍රොජෙක්ට් ගානකටම අනුමැතිය දෙන්නෙ නැතුව ඉඳලා ඒ මිනිස්සු ඒ ප්‍රොජෙක්ට් අකුලා ගන්න තරමටම ගෙනිච්චා. ඒ වුනාට මණ්ඩලේ උන්ට මොකක් හරි කිව්වම AKDට හොඳටම තරහ යනවා.මොකද එයාලා යැපෙන්නේ උන්ගෙන්නේ..
Lal Wednesday, 10 January 2024 12:19 PM
මේවා දැන් ප්‍රයිවට් කරලා දාමු...
දිමුත්Wednesday, 10 January 2024 04:35 PM
නිකං බොරුවට ප්‍රයිවට් කරලා වැඩක් නෑ. දැක්මක් තියෙන්න ඕනෑ...!
de silva Wednesday, 10 January 2024 06:02 PM
මේවා අනිවාර්යයෙන් ලාබ ලබන්න පුළුවන්, නමුත් වෘත්තීය සමිති සහ පාලකයෝ දෙපිරිසම එකතුවෙලා හොරකම්, වංචා, දූෂණ කරපු නිසා පාඩුවෙලා... දැන් මේවා පුද්ගලික අංශයට දෙනවා කියලා දෙගොල්ලන්ටම බය හිතිලා..., ඕනෑම වුණොත් මාස කීපයක් හොරකම් නවතාලා දමාවි. ලාභලබාවි නමුත් අනිවාර්යයෙන් නැවත පරණ පුරුදු සෙල්ලම පටන් ගන්නවා. මේවා වහාම පුද්ගලික අංශයට සාධාරණ ටෙන්ඩර් ක්‍රමයකට යටත්ව දීර්ඝ කාලීන බද්දකට දෙන්න.
Bamunuarachchi Thursday, 11 January 2024 04:54 AM
ඒ කියන්නේ මෙච්චර කල් ගත්ත වැටුපටවත් වැඩකරලා නැහැ හැබැයි 20000 පඩි වැඩිවීමක් ඉල්ලනවා.