(නිමන්ති රණසිංහ)
හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතාගේ පුත් මාලක මනෝජ් සිල්වා මහතා අධිකරණයෙන් පනවා ඇති විදෙස් ගමන් තහනම් නියෝගය කඩකරමින් විදෙස් ගත වී අධිකරණයට අපහාස කර ඇත්දැයි සොයා බලා වහාම වාර්තාවක් ඉදිරිපත් කරන්නැයි කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් දමින්ද රාමණායක වැලිගොඩපිටිය මහතා අද (24) කොළඹ අපරාධ කොට්ඨාශය වෙත නියෝග කළේය.
මෙම සිද්ධියේ පළමු සැකකරුට අධිකරණයෙන් පනවා ඇති විදෙස් ගමන් තහනම් නියෝගය නොතකා විදෙස් ගතවී ඇති අතර, ඒ සම්බන්ධයෙන් ඡායාරූප ෆේස්බුක් ගිණුම ඔස්සේ අන්තර්ජාලය වෙත මුදා හැර ඇති බවත් ඒ පිළිබදව විමර්ශනයක් පවත්වන ලෙස කොළඹ අපරාධ කොට්ඨාශය වෙත නියොගයක් නිකුත් කරන්නැයි අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නීතීඥ ශවේන්ද්‍ර රොද්‍රිගූ මහතා කළ ඉල්ලීමක් සැලකිල්ලට ගත් මහේස්ත‍්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කළේය.
බම්බලපිටිය ඩුප්ලිකේෂන් පාරේ පිහිටි රාතී‍්‍ර සමාජ ශාලාවකදී විදේශීය යුවළකට පහරදුන් බව කියන සිද්ධියට අදාළ සිද්ධියේ වැඩිදුර මහෙස්ත‍්‍රාත් පරීක්ෂණය පැවැති අද (24) දිනයේදී මෙම කරුණු අනාවරණය වූ අතර සිද්ධියට අදාළ සැකකරුවෝ ඇප මත සිටිමින් අධිකරණය හමුවේ පෙනී සිටියහ.
මෙම සිද්ධියට අදාළ නඩුවේ උදෘත නිතිපතිවරයා වෙත යොමු කර ඇති බවත් මේ වන තුරු නිතිපති උපදෙස් ලැබී නැති බවත් කොළඹ අපරාධ කොට්ඨාශය අධිකරණයට කරුණු වාර්තා කළේය.
ලබන මාර්තු මස 06 වැනිදා තෙක් නඩුව කල් තැබීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එහෙම කරන්න, එයාටත් ගුවන් බලපත්‍ර දෙකක් තියනවද ?
මේ නඩුව තවම විභාග වෙනවාද ? සිද්ධිය වෙලා අවරුදු ගණනාවක් ගතවෙලානේ ?
මාළුවා නහින්නේ කට හින්ද කිවුවලු, මෝඩයා නහින්නේ පණ්ඩිතකම නිසා කිවුවලු. හොරෙන් රට ගියානම් පාඩුවේ ඉන්නේ නැතුව ෆොටෝ අන්තර්ජලයේත් ප්‍රදර්ශනය කරන්න යනවා
මෙයාට ගිය තැනක නැවතිලා ඉන්න මිසක් ආපහු එන්න බැහැ කියලා නඩුවක් දාන්න බැරිද ආපසු ආවට.
මෙයාට තවම හරි දඬුවමක් ලැබිල නා. ලැබුනොත් හැදෙයි.
මේජර් කෙනෙකුටත් ගහල මේකව තාම හිරගෙදර ඇරියේ නැහැනේ
ඇයි විශ්වාසයක් නැද්ද අනේ.
මේ ගොල්ලන්ට අච්චු කරන්න නම් යහපාලන ආණ්ඩුව ඇවිත් මදි... ඉර බස්නාහිරෙන් පායන්න ඕනේ.