කොළඹ ඩුප්ලිකේෂන් පාරේ සමාජ ශාලාවකදී ස්කොට්ලන්ත ජාතික යුවළකට පහර දුන්නැයි සැකපිට ඇමති මර්වින් සිල්වාගේ පුත් මාලක සිල්වා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබන සඳුදා (03) තෙක් රිමාන්ඩ් කරනු ලැබීය.
ස්කොට්ලන්ත ජාතිකයකු පහර දුන් බව කියමින් මාලක සිල්වා රෝහල් ගත වී තිබූ අතර ඔහුගේ ප්‍රකාශ අනුව විමර්ශන කරද්දී එම ස්කොට්ලන්ත ජාතිකයා හා බිරිය සොයා ගත් බවත්, එම යුවළට තුවාල සිදුවී ඇති බව පෙනී ගිය නිසා මාලක සිල්වා අත්අඩංගුවට ගත් බවත් පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන්වත් රටේ ඉහල පුරවැසි කෙනෙක් මේ පුතාව හදා ගන්න කියල තදින්ම වැඩිහිටියන්ට කියන්න ඕනා. එහෙම නැතිව පාසල් ගානේ ගිහින් අනෙකුත් ගුරුවරු දෙමව්පියන්ට දරුවන් ගැන උපදෙස් දීල වැඩක් නැහැ. (නදී)
මගෙන් වරදක් සිදුවුවා නම් සමාවන්න (නි)
ඉතා හොද පුත්‍ර රත්නයක්. තාත්තගේ අඩි පාරේ යන ලස්සන ආදර්ශමත් දරුවෙක් (නදී)
අනේ දෙයියෝ, මේ මොනවද කරගත්තේ? (නි)
ඊළඟට රාජ්‍ය නායකයෙක් ලංකාවට සැපත් වුණාම පැවැත්වෙන පිළිගැනීමේ උත්සවයක අංගම්පොර සංස්කෘතික අංගයට මෙයාව ගන්න පුළුවන් වෙයි නේද? (නි)
බන්දුලට හැර අපි ඔක්කොටම වැරදිලා වගෙයි (නි)
බන්දුල පෙරේරා නාය ගිය ප්‍රදේශයේ අසරණ වුන මිනිසුන්ට බතුයි පරිප්පුයි බෙදන්න ගිහින් ඇවිත් වගේ. කීයක් ගසා කෑවද දන්නේ නැහැ. (නදී)
මාතරින් දේශපාලනයට එනවා කියල කතාවක් තිබුනා. එහෙ ගියොත් මාතර කට්ටිය අසවල් ක්‍රිකට් පිට්ටනියෙදීම හොඳට සලකාවි. (නදී)
ජීවිතේදි රැකියාවක් කරලත් නැහැ. ඒ උනාට තියෙන්නේ කෝටි ප්‍රකෝටි ගණන් වටිනා ලැම්බෝගිනි, ෆෙරෙර්රි, පොර්ජ් කාර්. රටක නීතිය කියල දෙයක් තියෙනවා නම් ඒකම ඇති අවරුදු ගානකට බරපතල වැඩ ඇතිව හිරේ යවන්න. (නදී)
සුද්දෙක් නෙමෙයි සුද්දෝ 100 කට ගැහැව්වත් කිසිම දෙයක් වෙන්නේ නැහැ. (නදී)
සුද්දා දිවුරුම් පෙත්සමක් දේවිද දන්නෑ මම මටම ගහගත්තා කියල (බ)
අනාගත "ගුස්ති" ඇමති. (නදී)
සුද්ද ඒ වෙලාවේ ඇඳගෙන හිටියේ ස්කොට්ලන්තයේ පිරිමින්ගේ ජාතික ඇඳුම වෙන කොටු කොටු සාය වෙන්නැති. වැරදීමකින් බවලතෙක් කියල හිතල අපේ එක්කෙනා කතා කලාද කවුද දන්නේ ? (නදී)
මාලක පුදුම මෝඩ වැඩක්නේ කරලා තියෙන්නේ (නි)
මාලක සිල්වා මීටවැඩිය තමන්ගේ තත්ත්වය ගැන සිතන්න ඕනෑ (නි)
බන්දුල අපේ සංස්කෘතිය සුද්දන්ට කියල දෙන්න යන්නේ සරම ඇඳගෙන ඔලුවෙන් හිටගෙන වෙන්න ඇති. (නදී)
මම හිතන්නේ පොලිසියට වැරදීමක්. මේ ලංකාවේ අනාගත අධ්‍යාපන අැමතිවරයනේ රිමාන්ඩ් කරලා තියෙන්නේ. මෙයා එහෙම නරක විදියට හැසිරෙන එක්කෙනෙක් නෙමේ. අාපහු පොඩ්ඩක් බලන්න. (නදී)
දැන් මේ රටේ දේශපාලකයන් ගෙන් කී දෙනෙකුටද තමන්ගේ ළමයින්ව පෙන්නලා මේ මගේ දරුවන් කියල ලජ්ජා නැතිව කියන්න පුළුවන්. ? අපේ දුවගේ පාසලට ඇවිල්ල පසුගිය දවසක එක්කෙනෙක් දරුවන් ගැන දීපු උපදෙස් ටික නම් කියල වැඩක් නැහැ. (නදී)
භානු , සායවල් ඇඳන් ඉන්නේ සුද්දන් නෙවෙයි. මෙයා පිස්සු නටද්දීත් කිසිම දෙයක් නොවුන ගානට සද්ද නැතිව ඉන්න මෙයාගේ දේශපාලන අංකල්ලා ටික. (නදී)
විශේෂයෙන් යහපත් පුතකු සමාජයට ලැබීමට, ඔහුට යහපත් ආදර්ශද ලැබිය යුතුය (නි)
මෙයාව ගිහිල්ල දාන්න තියෙන්නේ අන්න අර මීරිය බැද්දේ පස් කන්ද හාරන්න. වෙනත් රටවල මෙහෙම වැරදි කරන අයව සමාජ සුභ සාධන කටයුතු වල යොදවනවා. (නදී)
මේ වගේ චණ්ඩින්ගේ ගෙවල් උඩින් නාය යන්නේ නැති හැටි (නදී)
අනේ ඔය මාලකව මට්ටු කරන්න කරන්න කව්රුවත් නැද්ද ? (ර)
ලැජ්ජයි මාලක, මීට වඩා ඉවසන්න පුරුදු වෙන්න. මේ අපේ රටට එන විදේශ සංචාරකයින් නේද? (නදී)
මර්වින් සිල්වා මැතිතුමා ජන්ද ලක්ෂයකට වඩා අරගෙන පසුගිය වර ගම්පහෙන් ජයග්‍රහණය කළා. ඒ වගේම කව්රු මොනවා කිව්වත් මාතරින් ඉදිරිපත් උනොත් මාලකත් ජන්ද ලක්ෂයකට වඩා අරගෙන ජයග්‍රහණය කරනවා. (නදී)
අපොයි මේක එච්චර බරපතල නැහැ. දැනටමත් අර තුවාල වුන ජෝඩුව අර අසවල් රෝහලට දක්කා ගෙන ගිහින් බෙහෙත් කරලා තුවාල මහල වහල සාක්කි මකල කරන්න ඕන හැම දෙයක්ම කෙරිලා ඇත්තේ. (නදී)
අර ඕස්ට්‍රේලියාවෙන් ආනයනය කරන්න යන වැස්සියෝ විදියට කොටළුවෝ ටිකක් ගෙන්නුවා නම් හරි. මෙයාලට ඡන්දෙ දීපු අයව නග්ගලා අරින්න. (නදී)
දාමරිකයින්ට දැඩි දඬුවම් දිය යුතුයි. මෙය රටටම හොඳ නැහැ (නදී)
ආරංචිය තිබෙන්නේ , විදේශික යුවලට උසුළු විසුළු කරලාලු. රටේ මිනිස්සු ඒවා ඉවසුවට පිටරට උදවිය ඉවසාවිද ? (නදී)
බන්දුල පොදු අපේක්ෂකයා කරමු. (නදී)
සංචාරකයාගේ බිරිඳත් දූෂණය කළා නම් තමයි වැඩේ සම්පූර්ණ. මොකද මෙයත් දේශපාලක පුතෙක් නේ. ඒවාට මේ ගොල්ලන්ට ලයිසන් තියෙනවා කියලනේ හිතාගෙන ඉන්නේ. (නදී)
මාලක ගහල තියෙන්නේ විදේශිකයෙකුට නොවෙයි. ඔහු ගැහුවේ රටේ කීර්ති නාමයට සහ රජයට. මේවා පිට රටවලට යන්නේ ඔහුගේ පියාගේ නමත් ජනාධිපතිතුමාගේ නමත් ත් එක්කමයි. මෙය රටේ සංචාරක කර්මාන්තයට ලොකුවට බලපානවා (නදී) මේ දවස්වල චීන ජතිකින්ට ෆිලිෆිනයේ සංචාර කරන්න එපකියල චීන රජය කියනවා, ඉතින් එඅ අයත් එන්නේ ලන්කවටතමි, ඔහොම ගියොත් එකටත් දෙවි පිහිටි.
ස්කොට්ලන්ත ජාතිකයට විසා දුන්න එක වැරදියි (නදී)
මේ හෙට අනිද්දට දේශපාලනයට එන්න ඉන්න චන්ඩි. (නදී)
මේ සුද්දා යන තැනට බලල ගියේ ඇයි (නදී)
මාලක සිල්වා ගැන නම් අපි දන්නවා. හැබැයි බන්දුල පෙරේරාගේ නිරුවත දැක්කේ අද තමයි (නදී)
බන්දුල ,බොරුවට කෑගහන්න එපා (නි)
බලනකොට අර නාය ගිහින් මිනිස්සු වැලලුනාටත් වඩා ජාතික ඛේදවාචකයක් මේ පුතා ගුටි කෑම. නාය ගිහින් යට උන මිනිස්සු ගැන අනේ අපොයි නොකියපු කෙනෙක් මෙයා ගැන කම්පා වෙලා තිබෙන හැටි (නදී)
මාලක ඔබ ඔබේ පියාට ආඩම්බරයක් (නදී)
අනේ පව් අපේ සද් ගුණවත් ඇමති තුමාගේ පුතා. ස්කොට් සුද්දා මාලක බබාට ගහල තමන්ම තුවාල කරගෙන පොලීසිය නොමග යවලා. මාලක බබාව රිමාන්ඩ් කරවල කොහොම ද ස්කොට් ජාතිකයන්ගෙ වැඩ (නදී)
කොහොමද වැඩ? (නදී)
මේ වගේ පුත්තුන්ට පාඩමක් උගන්නන්න පුලුවන් තාත්ත ඡන්දෙ ඉල්ලන වෙලාවට ජනතාව ඇත්තටම බුද්ධිමත් වුනොත් පමණයි. අනේ මිනිසුනේ ටිකක් ඔය අලගෙඩිය වගේ මොලගෙඩියෙන් හිතාපල්ලා. වරද කාගෙද ? අපේම නේද? (ර)
අපේ ජනාධිපති තුමාට ජය වේවා. ආසියාවේ අාශ්චර්ය කරා යන ගමනට මගේ සුභ පැතුම්. ඕවා ඔයතරම් ගණන් ගත යුතු දේවල් නෙවෙයි. (නදී)
මේක හරියට මෙයාලටම ගිය රටක් වගේනේ! (නි)
බන්දුල කියන්නේ රෙදි නැතුව කඩේ යන කෙනෙක් වගේම ජෝකර් කෙනෙක්. මිනිහ මොනවා හරි මැටි කතාවක් දාල එ්කට වැටෙන කොමෙන්ට්ස් වලින් සතුටු වෙනවා ඇති. ඒකත් එක මානසික ලෙඩක් තමයි. (නදී)
මේ වාගේ අකට යුතු රටේ සිද්ද වෙද්දී හැමෝගෙන්ම දෝෂාරෝපනය එල්ල වෙන්නේ නීතියේ ඇති අඩු ලුහුඩුකම් පැත්තටයි. නීතිය සැමටම සර්ව සාධරණ නම් මේ වගේ දේවල් රටේ සිදුවිය නොවිය යුතුයි. (නදී)
මට පෙනෙන හැටියට බන්දුලට ආණ්ඩුවේ දේශපාලකයන්ගේ අසුචි වුනත් ගඳ නැතුව ඇති. (නදී)
ඉතින් බිහාර , හිතන්නත් තමන්ට තත්වයක් තියෙන්න එපායැ (නදී)
එයා මට ගහනවා, මට එයා ගහනවා! (නි)
රටේ හොඳ නම කැත කරන මේ වගේ චණ්ඩි කම් වලට උඩගෙඩි දෙන අයව තමයි ඉස්සෙල්ලම අත් අඩංගුවට ගන්න ඕන. (දිල්)
මම ලංකාවේ හිටියා නම් තවත් සංචාරකයෝ ටිකක් හොයාගෙන ඇවිල්ලා ඔය පුතණ්ඩියට හොඳ පාඩමක් උගන්වනවා (නි)
ලබන වර ඡන්දෙ ඉල්ලන්න හොඳම සුදුසුකම මාලක ගත්තා (නි)
අයියෝ! මම මේ මුලින් මාලක ගුටිකෑවා කියපු සතුටට කිරි බතකුත් හැදුවා. අපරාදේ! දැන් මොනවා කරන්නද (නි)
සුදු ජාතික යුවළ අවසානයේදී "මාලක මහත්තයා අපිට ගැහුවේ නැහැ. අපි අපිටම ගහගත්තා" කියලා කියයිද දන්නෙ නැහැ (නි)
බන්දුල නෝනත් එක්ක යන්නකෝ ක්ලබ් එක පැත්තේ මොකද වෙන්නේ බලන්න (නදී)
ඇයි වැදගත් කියන අයගේ දරුවන් මේ විදියට හැසිරෙන්නේ? (නි)
මාලක සිල්වා මීට වැඩිය තමන්ගේ තත්ත්වය ගැන සිතන්න ඕනෑ" එ් තත්වය ගැන හිතල තමයි මෙහෙම කරන්නේ. උසස් පුද්ගලයෙක් කියල හිතුන දාට උසස් විදිහට වැඩ කරාවි. ඒත් කවදා එහෙම හිතන්නද. (නදී)
ආ... මේ අපේ යාළුවනේ! (නි)
ආදර්ශමත් පුත්‍ර රත්නයක්. ඔහු සුදුසුකම් සපුරා ඇති හෙයින් දෙමාපිය සිහිනයද මල්ඵල ගැන්වෙනු ඇත (නි)
අපි ඉල්ලන්නේ, අපේ අහිංසක, විනීත, ඕනෑම තැනක වැදගත් විදිහට හැසිරෙන්න දන්නා අපේ මාලක පුත් රුවනට යුක්තිය සාධාරනය ඉෂ්ට කරන්න කියලා විතරමයි. ස්කොට්ලන්තය බංගවේවා !! (නි)
බන්දුල කියන්නේ නයා හාවෙක්. කටු කන එක කරන්නේ. (නදී)
මෙහෙම අය ගැන තීරණයක් නොගත්තොත් ශ්‍රී ලංකාවේ අනන්‍යතාවය සහ සභ්‍යත්වය ඉතාම කෙටි කලකින් විනාශවීම වැළැක්විය නොහැකියි (නි)
ඔන්න අපේ පුතාලගේ වැඩ .... (නි)
" වැදගත් කියන අයගේ දරුවන් " අනේ අම්මප ටානියා ඔයා කොයි ලෝකෙකද ජීවත් වෙන්නේ ? (නදී)
අයියෝ බන්දුල. (නදී)
සඳුදායින් පස්සේ මොනවා වෙයිද දන්නෙ නැහැ (නි)
අනේ මාලක, මේ මොකක්ද කරගත්තේ? (නි)
අපි දන්නවා ඇයි මෙහෙම දඟලන්නේ කියලා (නි)
සුද්දිට කරදරයක් කරන්න ගියාම කේන්ති ගිහින් ගැටුමක් ඇති කර ගත්තා. නමුත් අපේ බන්දුල පෙරේරාගේ බිරිඳට කවුරු හරි කරදරයක් කරන්න හැදුවත් ඔහු ගණන් ගන්නේ නැහැ. (නදී)
දැන්නම් මෙයාට ඡන්දෙ ඉල්ලන්න සුදුසුම කාලයක් ඇවිල්ලයි තියෙන්නේ (නි)
තරාතිරම නොබලා උපරිම දඬුවම් දිය යුුතුයි.(දිල්)
මාලකට ඊළඟ ඡන්දෙට ඉල්ලන්න සම්පුර්ණ සුදුසුකම් නම් තියෙනවා. හරිම අපුරුයි. (නි)
මට නම් මොකුත් තේරෙන්නේ නැහැ. පොලිස් මාධ්‍ය ප්‍රකාශකතුමාගෙන් විස්තරයක් බලාපොරොත්තු වෙනවා (නි)
බන්දුල කියන ලෙසට මේ සදාචාරයක් නොමැති සංචාරකයෝ ලංකාවට ඇවිල්ලා පැටලෙන්නෙම මේ පුද්ගලයා එක්ක පමණයිනේ.... (නි)
අනේ දෙවියනේ! (නි)
තම දරුවාගේ වැරදි අනුන් පිට දමා සුද්ධකරන අයට එහි විපාකය නුදුරේදීම තේරේවි. (නි)
අනාගතයේ ඡන්දය ඉල්ලන්න ඉන්න පුතෙක් වීර ක්‍රියාවක් කර රටට කීර්තියක් අත්කර දී තිබෙනවා. (නි)
අනේ මට නම් පිස්සු වගෙයි (නි)
මෙයා සජින් වාස්ට සමානයි. මෙයාව ජිනීවා හරි ලන්ඩන් හරි අපේ තානාපති හැටියට පත්කරන්න හොඳයි. එතකොට එක්සත් ජාතීන්ගේ කමිටුව ගහල හරි මට්ටු කරාවී. මෙහෙ දාන්න සෙල්ලම් එහේ දැම්මානන් රටට කොච්චර ආඩම්බරද. (නදී)
තවම හරියට පාඩමක් ඉගෙනගෙන නැහැ වගෙයි (නි)
දැන්වත් පොත්වල තිබෙන නීති ක්‍රියාත්මක කරලා ලංකාව කියන්නේ ශිෂ්ටසම්පන්න රටක් කියලා පෙන්වන්න (නි)
වෙහෙර ගිල්ල එකට අග්ගලාවත් කජ්ජක්ද " කිව්වලු (දිල්)
වැදගත් විදියට කඩේ ගියානම් හරි නේද බන්දුල මහත්තයෝ(දිල්)
සමහර අය හරිම කණගාටුවෙන් හිටියේ සුද්දා අපේ කෙනාට ගැහුවා කියලා. දැන්නම් එයාලගේ හිතට හොඳ ඇති. මොකද අපේ කෙනානේ සුද්දාට ගහලා තියෙන්නේ. (නි)
එයා මට ගැහුවා!! මට එයා ගැහුවා!! (මම එයාට ගැහුවා නෙමෙයි ) (නි)
ආ! මේ ඉල්ලගෙන කෑම ටෙලි නාටකයේ ජවනිකාවක්නේ ..... (නි)
කමක් නැහැ. ටිකක් ඉවසලා ඉන්නකෝ (නි)
දැන් කාගේද වැරැද්ද? (නි)
මේ සිද්දියට බන්දුලගේ කියමනට දක්වන ප්‍රතිචාර අනුව පැහැදිලිව පේනවා බන්දුල පෙරේරා කියන්නේ රෙදි නැතුව අමු අමුවේ කඩේ යන කෙනෙක් කියල. ඒ නිසා අපි එතුමාට අනුකම්පා කරමු මොකද එයාගේ මොලේ අමාරුවක් ඇති අනිවාර්යෙන්. (බ)
අර සිංගප්පුරු මතක නැතිකරන දේවාලයට යන්න හිතුවේ එහෙම නැහැ නේද? (නි)
අනේ ඉතින් ! රටට දෙවියන්ගේම පිහිටයි. (නි)
ගහලා විතරද? ගුටි කාලා නැද්ද? පොතේ හැටියට නම් දෙකම තියෙන්න ඕනෑ (නි)
කඩේ ගියත් කමක් නැහැ අඩු ගානේ මොනවා නැතත් විලි ලැජ්ජාවක් ගෑවිලාවත් තියන තැනකට නම් .(බ)
මට කවුරුත් ගැහුවේ නැ මම ගහගත්ත කියයිද දන්නේ නැ හොදේ
නියමයි! (නි)
රටක නීතියේ ආධිපත්‍යය බිඳවැටුනු විට මෙවැනි සිද්ධි නිතර නිතර අහන්න දකින්න සිද්ධවෙනවා. (නි)
රටේ නීතිය ගැනයි අපි බලාගෙන ඉන්නේ (නි)
කලින් මාලකට සුද්දා ගැහුවා කියලා තමයි ආරංචි වුණේ. ඒත් දැන්....? ඔන්න දැන් චිත්‍රපටිය හරි. (නි)
ලජ්ජා නැතිව දේශපාලනයටත් ඒවිද මන්දා හෙට අනිද්දට . (බ)
දැන් නම් මේ වටිනා දරුවා ගැළපෙන්නේ අනාගත ඇමැතිකමට වඩා උසස් වෙනත් යම් තනතුරකටයි. මේ ළමයා මේ සෙල්ලම් ඔක්කොම දාන්නේ ඕනෑ දෙයක් කළාම බේරගන්න අය ඉන්න බව දන්නා නිසයි. රෝහලේ නැවතිලා බේරුනා ඇති. (නි)
බොහොම ආඩම්බර ඇති මෙහෙම පුතෙක් ගැන ..මේ අදහස් ටික කියෙව්වා නම් . (බ)
එතකොට මෙයා අර අහිංසක සංචාරකයාට ගහලා එයාට තුවාල වුණා වගේ ඉඳලාද? (නි)
දැන් පෙන්නනවා ..."බජාර් එකේ චන්ඩියා" (නදී)
ඇතැම් විදේශිකයන් අපේ රටට ආවිට හැසිරෙන්නේ මේක ඒගොල්ලන්ගේ රට කියලා හිතාගෙන. කිසිම සංවරයක් හැදියාවක් නැහැ. අපේ රටේ සංස්කෘතිය සදාචාරය තේරුම් ගන්න බැරි විදේශිකයන් මෙරටට පැමිණිවිට ලාංකිකයන් සමඟ ගැටුම් ඇතිවිය හැකියි. මේ විදේශිකයන් ශ්‍රී ලංකාවට පැමිණීමට පෙර අපේ රට පිළිබඳව කරුණු කාරණා ඔවුන්ට අවබෝධකර දියයුතුයි (නි)
මේ වගේ අය කරන වැඩ නිසා කොහොමද ඉදිරියේදී අපේ රටේ සංචරක කර්මාන්තය දියුණු කරන්නේ? (නි)
ඒ දෙන්නා ඒ දෙන්නටම ගහගෙනද දන්නෙ නැහැ නේද? (නි)
එතකොට මාලකට ගහලා නැද්ද? (නි)
පොඩි සිදුවීමක් කලබල වෙන්න එපා !(දිල්)
මීටපෙරත් කොළඹ ලොකු හෝටල් වලදී, සමාජශාලා වලදී , මේජර් කෙනෙකුට සහ ඉංජිනේරුවරයකුට පහරදී මොහුට උසාවියෙන් තදින් අවවාදකොට නේද එළියට දැම්මේ? තවමත් අනුන්ට අඩම්තේට්ටම් කිරීම නතරකර නැහැ. (නි)
මීට බොහෝම කලින් කරන්න තිබුණ වැඩක් (දිල්)
අසව්! අසව්!! "මේ විදේශිකයන් ශ්‍රී ලංකාවට පැමිණීමට පෙර අපේ රට පිළිබඳව කරුණු කාරණා ඔවුන්ට අවබෝධකර දියයුතුයි. බන්දුල පඬි තුමා අනු දැන වදාළ දෙයක්. මිනිහ ආණ්ඩුවට කඩේ ගියාට කියන්නේ මොනවාද කියල තමන්ම දන්නේ නැහැ. අපේ රටේ නියම තත්වය ලෝකයාට කියල දුන්නොත් බල්ලෙක් වත් මේ රටට එන්න කැමති වෙන්නේ නැහැ. මාලක හරි තංගල්ලේ වීරයා වගේ අයට තමයි ලංකාවේ නියම තත්වය ලෝකයට කියා දෙන්න පුළුවන්. (නදී)
අනාගතේ ප්‍රජාතන්ත්‍රවාදී මතිවරණයකට ඉදිරිපත්වෙන්න තියෙන්නේ සියලු සුදුසුකම් සම්පුර්ණයි වගේ. (දිල්)
සුද්දා හොඳ වැඩක් කරලා (නි)
මේක එයාලටම ගිය රට. නීතිය ගණන් ගන්නේ නැති තත්ත්වයකට දාලා (නි)
කොල්ලා හෙට ගෙදර -සුද්දා රෝහලේ.... (එහෙම වෙයිද?) (නි)
ආදර්ශවත් ලෙස ළමයි හදනවා නම් කාටවත් කරදරයක් නැහැ. (නි)
අපේ සංචාරක කර්මාන්තයත්, ශ්‍රී ලංකාවේ හොඳ නමත් කෙළෙසෙන මුත් ඒවා වැසීයන අයුරු ශ්‍රී ලාංකිකයින් වශයෙන් අපි මහත් සංවේගයෙන්, එහෙත් දත් කූරු සපමින් බලා සිටිමු!! (නි)
මට නම් පුදුම තරහක් එන්නේ.... (නි)
අනේ අපේ මාලකට ඉක්මනින් නිදහස ලැබේවා! (නි)
මේවා ඉහළ බලවතුන්ට පෙනෙන්නේ නැද්ද මන්දා. එක නඩුවක් යන්තම් ඉවරයක් කරගත්තා විතරයි. මේ දේවල් කරන්නේ සාමාන්‍ය මිනිස්සු නෙමෙයි නේද? සංචාරක කර්මාන්තය දියුණු කරන්න කියලා උඩපැනලා වැඩක් නැහැ, මෙහෙම දේවල් සිද්ධවෙනවා නම්. (නි)
ඊළඟ ඡන්දෙට කලින් මේ බෙබිලයි ඒගොල්ලන්ගේ තාත්තලයි හදා ගත්තේ නැතිනම් ලොකු මහත්තයට අතින් පාඩුවක් සිද්ධ වෙන්න පුළුවන්. (නදී)
ස්වාසිලන්තයේ තානාපති කම ඇබෑර්තු වෙන්නේ කවද්ද අනේ ? හොඳට ගැලපෙනවා. (අ)
සුද්දාට නෝනා කෙනෙකුත් ඉන්න ඇති කියලා මේ ගුටි කෙළියේ විස්තර කලින් පළවුණාම මට හිතුනා. ඒත් කට ඉස්සර කරගන්න ගියේ නැහැ. (නි)
මෙයාලාට විහිළු....මාලක පුතාගේ නහය ඉස්පිරිතාලේ. නාහේ තිබුන නම් ඔය වගේ වැඩ කරාවිද?(අ)
හිතාගන්න පුළුවන් වෙච්ච දේ මොකද්ද කියලා. තමන්ගේ මනුස්සයා එක්කවත් පාරේ බැහැලා තැනකට යන්න බැරි රටක් මේක. (නි)
අපේ කෙනෙකුට මොනවාහරි කරන්න ආවොත් නම්..... (නි)
ලැජ්ජා නැතුව අපිට පුලුවන්ද සංචාරකයන්ට මේ රටට එන්න කියන්න? (නි)
මෙයා හිමින් සැරේම තුවාල වලට බෙහෙත් ගන්නයි කියලා සිංගප්පුරුවට මාරු වෙන්නයි හිතන් හිටියේ.පොලිසිය ඊට කලින් ක්‍රියාත්මක වුනා.(අ)
මේ රටේ ඉතිහාසයේ අපකීර්තිමත්ම දේශපාලක දරුවන් බිහිවූ යුගය මේක කියලයි මට නම් හිතෙන්නේ. මීට කලින් බලවතුන්ගේ දරුවන් මෙහෙම හැසිරිලා නැහැ. දෙමාපියන් ඔවුන් ආණ්ඩු මට්ටු කරලා තමයි රට හදන්න ගියේ. (නි)
අනාගතයේදී මොවුන්ද දේශපාලනයට රැගෙන එන්නේ? (නි)
අර නායගියාම ඒ මිනිසුන්ට අනේ අපොයි කියලා නොකියපු කෙනෙක් මම දැක්කා මෙයා වෙනුවෙන් කතාකරලා තියෙන හැටි. කඩේ යන එකේ සීමාවක් නැතිවුණාට කමක් නැහැ. අඩුගානේ ලජ්ජා නැතිකමේවත් සීමාවක් තියෙන්න ඕනෑ නේද? (නි)
ඉහළ තැන් වලට ලැබෙන්න තිබෙන ඡන්ද ටික නැතිවෙන්නේ කවදාහරි මේ වගේ අය නිසයි. පියාට හරි අවවාදයක් දෙන්න බැරිකමක් නැහැ නේද? මෙයා මේ පාවිච්චි කරන්නේ තාත්තාගේ බලය නම් ඒ ගැන තීරණයක් ගන්න එක යුතුකමක් නේද? (නි)
ඇත්තටම අපේ රටේ බහුතර දේශපාලකයන්ට තමන්ගේ දරුවන් ගැන සතුටුවෙන්න පුලුවන්ද? (නි)
"අප්පා කලදේ පුතා නොකොළොත් නොට්ටිගේ පුතා "කියල කියමනක් තියෙනවා. (බ)
ඇත්තමයි, මේ චණ්ඩි පුතාට මේ සැරේවත් සුදුසු අච්චුවක් ලැබුනේ නැත්නම් මම මගේ ඡන්දය ගැන දෙපාරක් හිතලා බලනවා. ඊළඟට මේ කට්ටිය දේශපාලනයට ආවොත් අපිට වැඩිය අපේ දරුවන්ටයි බලපාන්නේ. (නි)
අපේ අනාගත වීරයාට මේ කරදර වලින් ගැළවීමට සියලු ශක්තිය ලැබේවා! මේ සියලු අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණ පරාජය වේවා..! (නි)
කචල් කටයුතු සහ ගුටිකෙලි සංදර්ශන සුදු හුණු ගෑමේ කොමසාරිස් ඉන්නේ මේ සභාවේ කියල අදයි දැන ගත්තේ. (නදී)
ස්කොට්ලන්ත ජාතිකයෙකු නොවී මොහු ලාංකිකයෙකු වූවා නම්? (හිතා බලන්න...) (නි)
මට මේ කතා අහලා දැන් පිස්සු වගෙයි (නි)
අනේ ඇත්තට, කොහොම හිටිය කෙනෙක්ද මේ? (නි)
මේ පින්වත් මාලක පුතාට කියන කතා (නදී)
මේ වැඩ නිසා කිසිම ලාංකිකයෙකුට සංචාරයක් සඳහාවත් පිටරටකට වීසා නොලැබෙන කාලයක් ළඟදිම ඒවි. (නි)
අද උදෙන්ම හොඳ ආරංචියක්නේ දැක්කේ.... (නි)
අන්තිමේදි ස්කොට්ලන්ත යුවළටත් අපි අපිටම ගහගත්තා කියන්න වෙයිද දන්නේ නැහැ? (නි)
එතකොට මාලක සිල්වාට ස්කොට්ලන්ත ජාතිකයා පහරදීලා නැද්ද? (නි)
මාලක සිල්වා තමන්ට ඇති කරාටේ පුහුණුවක් අත්හදා බලන්න ඇති. ඕක පොඩි දෙයක්නේ. (නි)
හිතාගන්න පුළුවන් අර මනුස්සයාට ගහන්න සිද්ධවුණේ මොකද කියලා. (නි)
අර සංචාරක කාන්තාවගේ ග්‍රහයන් උච්ච ඇති. නැත්නම් මේ රටේ සංචාරය කරද්දී සුළු තුවාල වලින් බේරිලා යන්න අමාරුයි. (නි)
බන්දුල පෙරේරා 2014-11-01 19:38:45 මගේ අදහසක් නෙමෙයි,,මේ පුවත දැක්කෙත් දැන්..මගේ නමින් මට පහර ගහන්න මේ විදියට අදහස් දැමීම නිරන්තරයෙන් සිදුවන දෙයක්..ඒක වලක්වන්න මට බැහැ..ඔහොම තුට්ටු දෙකේ අය ඕන තැනක ඉන්නවා. එසැන පුවත් වල එයාල නැති වෙන්න විදියක් නැහැ. (නදී)
ලක්මාල් මහත්තයෝ, උදේම වැඩේ දැකල ගාල කඩා ගන්න බව දන්නා නිසා ප්‍රතිචාරයක් දැම්මා ඒක මගේ නෙමෙයි කියලා. ඒක පල වෙලා නැහැ. ආයේ හවස තමයි දැක්කේ ගාල කඩාගෙන හතර අතේ දුවල කියලා. දාපු එක දැන් පල වෙලා තියෙනවා. එ්ත් පැනපු මි හරක් ආයේ අල්ලලා නතර කරන්න අමාරුයි උන් ට ඉතින් අපි කියන භාෂාව කොහොමත් තේරුම් ගන්න අමාරුනේ. හොඳ දෙකේ දෙකේ පොල්ලකින් කතා කලොත් නම් තේරේවි. (නදී)
අපි සංචාරකයන් ගෙන්නගන්න කියලා දඟලනවා. දැන් සෑහෙන්න එයි. (නි)
කාන්තාව සුළු තුවාල ලබා බේරුනා නම් , මට ඒ ඇති. (නි)
මේ වගේ දරුවන් ගැන මට නම් හරිම කණගාටුයි (නි)
මේ දවස් වල හොඳ වේදිකා නාට්‍යයක් පෙන්නනවා ." ගුටි කෑමට නියමිතයි " කියලා. ගිහිල්ල බලන්න ඕන.(දිල්)
යම් පුද්ගලයෙකුට සමාජයේ ඉහළ යන්න තිබෙන එකම සුදුසුකම බලය විතරක් වුණ තැන, මේ වගේ දේවල් විනා වෙනත් දෙයක් බලාපොරොත්තු වෙන්න බැහැ. (නි)
සභාවේ කෙනෙකුට පහර ගහන්න දෙයක් නැහැ බන්දුල. අන්න සුද්දා බන්දුලව සොයා ගෙන සභාව පැත්තට එනවා. කකුල් දෙකට වැඳලා දුවන්න. (නදී)
දැන් ඉතින් කියාවි ඕවා කොලුකමට කරන දේවල් කියලා. අපිටත් පිරිමි ළමයින් දෙන්නක් ඉන්නවා. එකපාරක් රණ්ඩුවකට පැටලිලා ගෙදර ආවා. ළමයින්ගේ තාත්තා කනේ පාරක් දීලා හදාගත්තා. දෙන්නාම අද රටට බරක් නැතුව හොදින් ජීවත්වෙනවා. (නි)
මට නම් කියන්න දෙයක් නැහැ. (නි)
මාලක ගැන කවුරු මොන අදහස් පළකළත් ඇත්ත තත්වයනම් ඊළග මැතිවරණයකදි මාලක මොන පක්ෂයකින් හරි ඡන්දෙ ඉල්ලුවොත් දිනනවා. ඊට අවශ්‍ය පසුබිම තමයි මාලක පුතා ඔය හදාගන්නේ. අදහස් පළකරන අය පොඩ්ඩක් කල්පනා කරල බලන්න ඔය සුචරිතවත්,උගත්, බුද්ධිමත්,නිහතමානී.අවංක,කියන අයගෙන් කීයෙන් කීදෙනාද ජනතාව ඡන්දෙදි දිනවල තියෙන්නේ. ඒ කියන්නෙ රටේ බහුතරයකගෙ කැමැත්ත තියෙන්නෙ චන්ඩින්ට,මැරයන්ට,නූගතුන්ට,හොරුන්ට, නීති විරෝධී ජාවාරම්කාරයන්ට කියන එක නේද. මේ තත්වය වෙනස් කරන්න බෑ. ඒක දැන් ජනතාවට ජීර්ණය වෙලයි තියෙන්නෙ. කවුරු මොනව කීවත් මාලකට ඉදිරියෙදි හොද ඉල්ලුමක් තියෙයි. (නදී)
හොඳ වෙලාවට රණ්ඩුව කොළඹ සිද්ධවුණේ ! සුළු තුවාල පමණක් වෙලා සුදු ජෝඩුව බේරෙන්න. (නි)
මුළු දවසෙම පරිඝණකයේ ඉන්නවා වගේ පේන බන්දුල, අද නිවාඩු දවසේ උදේ ඉඳල මෙතන තිබුන ප්‍රතිචාරය දැක්කේ නෑලු. ඕවා විශ්වාස කරන්න පුලුවන්ද (නදී)
අනේ බන්දුල, අනුන් හදන්න කලින් අපේ මිනිස්සු හදාගන්න ඕනෑ කියලා ඔයාට තේරෙන්නේ නැද්ද? (නි)
මේ බන්දුල, මෙතෙක් මේ රටට ආ සංචාරකයින් ගැටුම් ඇතිකර ගත්තේ සාමාන්‍ය ජනතාව සමඟ නෙමෙයි. මට පෙනෙන්නේ නායගිහින් තියෙන්නේ මීරියබැද්ද නෙමෙයි ඔහේගේ මොළයද කොහෙද (නි)
මෙයා සංචාරක කර්මාන්තයට නව අත්වැලක් (නදී)
බන්දුල, කටින්ද ඔය කියන්නේ? සුද්දන්ට හැදියාව උගන්වන්න කලින් මෙතන හැදියාව නැත්තේ කාටද කියලා හිතන්න. (නි)
ඔබ මගේ රටේ නම කැතකරනවා (නි)
බන්දුලගේ ගීතය -" මට මගේ නොවන, ගල් මුල් වැදෙනා මැටි අදහස් ගොන්නක් තිබුනා " (නදී)
බන්දුල පෙරේරා කියන්නේ අපේ රටට එන විදේශිකයින්ට තමුන්ට අඩම්තේට්ටම් කරනකොට අතපය බැඳගෙන, කටවහගෙන ඉන්න කියලා උගන්වලා එවන්න කියලාද? (නි)
මම කියන්නම් වැඩක් බන්දුල. මෙච්චර ගුටිකන එකේ මෙතුමාට සුදුසු තනතුරක් යෝජනා කළොත් නරකද? (නි)
මොනවද බන්දුල සංචාරකයන් දැනුවත් කරන්න කියන්න ඕනෑ? (නි)
අනේ බන්දුල, මොනවද අපිට දැන් සංචාරකයන් දැනුවත් කරන්න ඉතුරුවෙලා තියෙන්නේ? (නි)
උතුරු කරෙන් එන්න ...දකුණු කරෙන් එන්න ..එන්න එන්න එන්න ....ගුස්තියටම එන්න (නදී)
බන්දුල කියන්නේ මෙහෙ එන සංචාරකයන්ට එක එක්කෙනාගේ චණ්ඩි පුතාලගෙන් ගුටිකාගෙන , ඉන්න සූදානම්වෙලා එන්න කියලද? මේ බන්දුල, මේ චණ්ඩිකම් මේ රටේදී විතරයි. තව ටික කාලෙකින් මෙයාට වෙන රටකින් වීසා එකක්වත් ලැබෙන්නේ නැති තැනටයි මේ වැඩකරලා තියෙන්නේ. (නි)
ඔය වජිර කියපු නාට්‍යය බන්දුල නම් ගිහිල්ල බලන්නම ඕනා. කවුද දන්නේ තමන්ගේ චරිතාපධානයද එ්කෙන් රඟ දැක්වෙන්නේ කියලා. (නදී)
බන්දුල, දැන්ම ආරම්භ කරන්නකෝ සංචාරකයන්ට මෙහෙ සංස්කෘතිය උගන්වන පාසලක්. පළමුව පටන්ගන්න පුළුවන් සමාජ ශාලා ගුස්ති ක්‍රම වලින්. ඊටපස්සේ ගස් බැඳිලි, සංචාරක කාන්තාවන්ගේ අත් බෑග් පැහැරගැනීම, සංචාරක ලැප්-ටොප් සොරකම් , මුදල් සොරකම්, බලහත්කාරකම් ආදී සෑම අංගයක්ම පෙන්වා ඔවුන් දැනුවත් කරන්න පුළුවන්. (නි)
ඔන්න තවත් අවස්ථාවක් නීතිය හරියට ක්‍රියාත්මක කරන්න (නි)
දුටු ගැමුණුට බන්ධනාගාරය ඇතුලෙත් සමාජ ශාලා පිස්සුව හැදෙයිද ? (නදී)
අපොයි ඔව් බන්දුලතුමෝ , අපිට දැන් දැනුවත් කරෝන ඉතුරුවෙලා තියෙන්නේ එකම සංස්කෘතික අංගයයි. බලවතුන්ගේ පුතාලගෙන් ගුටිකාලා ඔලුව පහත්කරගෙන ඉන්න කලාව. (නි)
කඩේ යන එකත් මහමුදලි කමට වැඩිය ලොකුයි ලු. (නදී)
මම කඩේ යන මිනිස්සුත් දැක්කා. ඒත් රෙදි නැතුව කඩේ යන කෙනෙක් දැක්කේ මේ සභාවේ! (නි)
බන්දුල මෙතන උදේ ඉඳල පෙරහැර ගිහිල්ල ඉවරයි. දැන්ද එන්නේ අලි බෙට්ට අයින් කරන්න. (නදී)
සියල්ලන්ට පෙර තම සහෝදරියට හෝ මවට තමන් වැනි කෙනෙකුගෙන් බලහත්කාරකමක්, නොසරුප් වදනක් ලැබෙනවාට කැමැතිදැයි අදාල පාර්ශවයන් කල්පනා කරන්නේ නම් මැනවි. (නි)
වෙන මොනවද ඉතින් සංචාරකයන් දැනුවත් කරන්න කියන්න තියෙන්නේ? මේක චණ්ඩි පුතා චිත්‍රපටිය දවස ගානේ පෙන්වන රටක් වෙලා දැන් (නි)
මට හරි ආඩම්බරයි. කවදා හරි මගේ පුතා ස්කොලේ යන දවසට මෙතුමා අධ්‍යාපන ඇමති. කොල්ලෝ සහ ගුරුවරු මේ ලෙසටම මට්ටු කර අපිට සුබ අනාගතයක් මෙතුමා විසින් සැදීම සිකුරුයි. එකම දුක මගේ දුව. අහෝ මට සිතා ගැනීමටත් බැරිය (නදී)
බන්දුල තංගල්ලේ මිනීමැරුම් නඩුව එහෙම වගේ උනා නම් මොකද වෙන්නේ? හොඳ වෙලවට ඔය ගානට මොලේ තිබ්බේ (නදී)
ගහේ කටු උල් කරන්න ඕනද ? හැදෙන ගහ දෙපැත්තෙන් දැනේ (නදී)
බන්දුල පෙරේරා, මාලකට කඩේ ගියාට මේ පාර වැඩක් නැහැ, දැන් මර්වින් රාජ උදහසට ලක් වෙල ඉන්නේ. ඒකයි මේ පාර මාලකව ඇරස්ට් කලේ. (නදී)
.... (පළමු කොටස පාඨකයාගේ හිතසුව පිණිස කපාහරින ලදී ) අත දෙන්නම් තාත්තේ වන්දි ගෙවන්න.... (නි)
මට කව්රු නැතත් මගේ බන්දු අය්යා ඉන්නවා. ඔයා පරිසමෙන් ඉන්නේ රත්තරනේ!!!! (අ)
ටානිය කතා කරන්නේ කොහේ තිබෙන කාගේ වැදගත්කමක් ගැනද? (නි)
කටේ නරිවාදම් රෙද්ද පල්ලෙන් වැක්කෙරෙනවා කියන්නේ මෙන්න මේවට තමයි (නි)
බන්දුල පිස්සුවෙන් කියවනවා කියලයි මට හිතෙන්නේ (නි)
බන්දුල පෙරේරා, ඔබ කියන විදිහට රටට පැමිණීමට පෙර විදේශිකයන්ට රට ගැන අවබෝධයක් දිය යුතුයි.ඒ කියන්නේ ' ඔබ මේ යන්නේ වනචාරී ගෝත්‍රිකයන් සිටින රටක් කරා' කියාද...? අද අපේ රටේ ඇත්තම තත්වයත් ඒකම තමා. (නි)
මෙන්න අලුත්ම ආරංචිය සුද්දෝ ජෝඩුව ඒ ගොල්ලන්ටම ගහගෙනලු , අපේ ඇමති පුතා කිසිවරදක් කරලා නැහැ (නදී)
බන්දුල සංචරකයෝ මෙහාට එන්නේ සුවපහසු විදිහට ඉන්න. මේවා දකින සමහර මානසික ලෙඩ්ඩුන්ට පිස්සු හැදෙනවා. ඔය ගහගත්ත එකෙකෙනා ඔය විදිහේ ලෙඩෙක්. ලෙඩ්ඩුන්ට කඩේ යන්න එපා (නදී)
නිවාඩු දවසේ හිනා යන කතාවක් කියෙව්වා. අර ඉස්සර ගජමෑන් ගේ විකට කාටුන් තමයි මතක් වුනේ. සංචාරකයන්ට අපේ සංස්කෘතිය ගැන දැනුවත් කරන්න ඕනෙලු. හිතා ගන්න පුළුවන් මොන සංස්කෘතික අංගයක්ද එතන ඉදිරිපත් කරන්න ගියේ කියලා. බවලතෙකුත් හිටියා කිව්වා නේද ? (නදී)
බන්දුලට මොලේ අමාරුවක් තිබෙනවා වගෙයි. (නදී)
කඩේ නරි වාදන් මල්ල පල්ලෙන් වැක්කෙරෙනවාලු (නදී)
දේශපානයට නාම යෝජනා දෙනකොට කාගේ වුනත් පවුල් පසුබිම බලන්න ඕනා. ගමේ හොර පොල් කඩපු, අනුන්ගේ සීනි කිරපු , කසිප්පු පෙරාපු, ගෑනු උස්සපු චන්ඩියෝ දේශපාලනයට ගෙනාවම අර කවුද එක්ක නිදාගත්තම තවත් කොට්ටාශයක් එක්ක නැගිටින්න වෙන කතාව තමයි අන්තිමේ අහගන්න වෙන්නේ. (නදී)
දෙකොනින් හිනා යනවා බන්දුලගේ සංචාරක දැනුවත් කිරීමේ යෝජනාව ගැන. අත උස්සන්න කෙනෙක් ගෙනෙන්න වෙන්නේ ගෙදරින් තමයි. (නි)
බන්දුල පෙරේරා කටින්ද දන්නෙ නැහැ කතාකරන්නේ? (නි)
ඉතින් කොහොමද ඇමතිතුමා කියන විදියට ළමයි අටක් නමයක් හදන්නේ? මේ එක ළමයෙක් හැදිලා තිබෙන හැටි පේනවනේ අපිට! (නි)
අනේ ඇත්තට මෙහෙමත් දේවල්! (නි)
සංචාරකයන් දැන් වැඩිපුර ලංකාවට එන්න පටන්ගනීවි (නි)
දෙමාපියන්ගේ උගත්කම්, පවුල් පසුබිම දරුවන්ගේ හැසිරීම් වලින් පෙන්නුම් කරනවා. දුප්පත් වුණත් ශීලාචාර විදියට දරුවන් හැදෙන පවුල් මම දැකලා තියෙනවා. ගල හොඳ නම් අඹරන කහ මක්වේද කිව්වාලු ! (නි)
මේ කරන වැඩ දිහා තවත් බලාගෙන ඉන්න නරකයි (නි)
අදයි දැනගත්තේ ලංකාවේ සංචාරක ඇමතිකමට සුදුස්සා ඉන්නේත් මේ සභාවේ කියලා. දැන් එතකොට මෙහෙම ගුස්ති සංදර්ශන පවත්වලා වෙන්න ඇති සංචාරක ව්‍යාපාරය දියුණු කරන්න වෙන්නේ (නි)
බන්දුල සමහරවිට මේ විදිහට ලියන්නේ පාඨකයින් අවුස්සන්න වෙන්න ඇති. (නි)
ඇයි දුරදිග නොබලා මෙහෙම රණ්ඩුකරගන්නේ? (නි)
තමන්ගේ ළමයින් ආණ්ඩු මට්ටු කරගන්න බැරි කට්ටිය කරුණාකර රටේ දෙමාපියන්ට උපදෙස් දෙන්න යන්න එපා. (නි)
සියල්ලටම පෙර තමන්ගේ දරුවා හදාගත යුතුයි (නි)
අපි දැන් සංචාරකයන්ට ඇති වෙන්න සංස්කෘතික සංදර්ශන පෙන්වලා තිබෙනවා. තව නඩු පටවලා ගන්න ගියොත් සංචාරය කරන්න පිටරට යන්න රාජ්‍ය තාන්ත්‍රිකයෙකුටවත් වීසා නොලැබීමේ තත්ත්වයක් ඇති වේවි. වගකිවයුත්තන් මේ චණ්ඩි පුතාලා ටික මට්ටු කරගත්තේ නැත්නම් ඊළඟට ගුටිකන්නේ මේ රටේම තැනකදී ලංකාවේ සරදියෙල් කෙනෙක්ගෙන් (නි)
ඔන්න පුතාලගෙ වැඩ (නි)