ඇමති මර්වින් සිල්වාගේ පුත් මාලක සිල්වා නොවැම්බර් 18 තෙක් යළි රිමාන්ඩ් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ඒ.එම්. සහබ්ඩීන් මහතා නියෝග කළේය.
මාලක සිල්වා ප්‍රතිකාර ලබන කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයට ගිය මහේස්ත්‍රාත්වරයා හඳුනාගැනීමේ පෙරට්ටුවකට ඔහු ඉදිරිපත් කිරීමට ඇති හෙයින් බන්ධනාගාර නිලධරයන්ගේ ආරක්ෂාව යටතේ රිමාන්ඩ් කළේය.
කොළඹ සමාජ ශාලාවකදී ස්කොට්ලන්ත ඉංජිනේරුවකුට හා ඔහුගේ පෙම්වතියට පහරදුන්නැයි කියන සිද්ධියක් පිළිබඳව පොලිසිය පරීක්ෂණ පවත්වයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕනෙම දරුණු වරදක් කරන දේශපාලඥයන් සහ සල්ලිකාරයන් කිසිම ලෙඩක් නැතිව හිර ගෙදර වෙනුවට රෝහලක සිට නිදහස්ව ගෙදර යන්නෙත්, බලයක් මුදලක් නැති ගමේ එකා පොල්ගෙඩියක් කෙහෙල්කැනක් හොරකම් පිළිබඳව සැකකරු වුන විට පොලිස් කුඩුවෙන් රෝහලට ගෙනවිත් පරලොව යන්නෙත් වෙන මොන රටකද හොයල කියනවද කවුරුහරි. (බන්දුල පෙරේරාගෙන් උත්තරයක් අනවශ්‍යයි) (ර)
මෙයා මේ පාර නම් කොටලා තියෙන්නේ කෙසෙල් ගහකට. (ර)
සත්‍යපාල, බන්දුලට කොහේ උත්තර දෙන්නද. දැන් ඇති ලෙඩ්ඩු බලන පෝලිමේ. (ර)
ජේ ආර් ලොක්කාටත් ,ප්‍රේමදාස උන්නැහේටත් , චන්ද්‍රිකා නෝනා ටත් රටේ මොන ප්‍රශ්න විසඳන්න තිබුනත් මේ විදියට ඇමති බේබිලාගේ හුට පට නම් කඩන් පහත් වුනේ නැහැ. ආවත් මහ එක්කෙනාගේ කනෙන් අල්ලලා හොලවලා හරි ඒ දේවල් දුරදිග යන්න නොදී විසඳා ගත්තා. (අ)
මේ සිදුවීම ගැන සම්පුර්ණ විස්තර ඒ සිදුවීමේ වීඩියෝ දර්ශන සමගම හෙළිදරව් වී අවසානයි..කලින් ආරක්ෂක අංශයන්ගෙන් කාපු කෑම මහත්තයට අමතක වෙලා ගොඩක් ඉක්මනට..මන් හිතන්නේ ඇමති තුමා මෙයාව සුද්ද කිරීමට යාමේ අවසාන ප්‍රතිපලය ඇමති තුමාට ඉතාම ඉක්මනින් දැකගන්න ලැබෙන්නේ ඇමති තුමාම කිව්ව විදියට ඉස්පිරිතාලේදී කොහොම වෙතත් මොචරියේදී බවට නම් ඉතාමත් හොදින් පැහැදිලියි..(අ)
දැඩි සත්කාර ඒකකයට දමන්න කවූද නිර්දේශ කල අය? (ර)
පොලේ කරවල කඩේ මුදලාලිගේ පුතා මෙහෙම දෙයක් කලානම් කොහොමද?(හේ)
ලාමක මාලක මකලාවත් හදන්න බැහැ වගේ..(අ)
ඔව් ඔව් මමත් දැක්කා ඒ කළු කලුකෝට් මහත්තයා මේ සිද්දියේදී ඉදිරියෙන් ඉන්නවා.(අ)
තරුණ ළමයි ඔහොම තමයි ටිකක් වෙන්න දගයි.හැබැයි ලංකාවෙි දේශපාලකයින්ගේ හා ඔවුන්ගේ හෙන්චයියන්ගේ ළමයින්ට විතරයි එවැනි දග වැඩ වලට ඉඩ දීලා තියෙන්නේ.අනෙක් අයට පොලිසියෙන් හා උසාවි වලින් නීතිය ක්‍රියාත්මක වෙනවා.(අ)
මේ වගේ මිනිස්සු දෙමාපියන්ටවත් අවනත වෙන්නේ නැත්තම් එක්කෝ පුනරුත්තාපනවයත් කරලා බලන්න හදාගන්න පුලුවන්ද කියලා. (අ)
උන හපුලුවා ගිය තැන ගද ගහනවා.(අ)
මැතිවරණයකට ඉදිරිපත්වීමට දැන් හොඳටම සුදුසුකම් ඇත. දැන්වත් නවත්තනවාකො .......කෝ ඔය කරන අමන වැඩ අපේ රටේ නාමය විනාශ නොකර (අ)
කොන්දක් තියන මහේස්ත්‍රාත් තුමෙක්.(අ)
මෙයා ළඟ එන මැතිවරණයට පොදු පෙරමුණට සැහෙන්න ඡන්ද දැන්ම ඉඳලම වැඩි කරනවා වගේ. (හේ)
මෙහෙම දේවල් වෙනවා.(හේ)
ආරංචියේ හැටියට අර බවලතියට අනම් මනම් කියන්න ගිහිල්ලා. (හේ)
රොෂාන් බීච් එකට යන්න එපා යටින් හුළං අදී. (ර)
ජෙනී, ඉන්නවා ඉන්නවා. (ර)
මෙච්චර හරි නීතිය ක්‍රියාත්මක වෙන්නේ මොකද කියලා අපි නම් දන්නවා.(හේ)
එහෙම පුලුවන්ද?(හේ)
මුළු රටේම මෙහෙම කොල්ලෙක් නම් නැතිව ඇති. (හේ)
නීතියට ඉහලින් යන්න නොදෙන එක හොඳයි. (හේ)
සෙන්සා, දඟ වැඩ වලට අදාළවෙන දේවල් සහ ඒ ගණයට දාන්න බැරි දේවලුත් තිබෙනවා. කාන්තාවක්ගේ අකමැත්ත පිට ඇයට වාචිකව හෝ ලිංගික අතවරයක් කිරීම දඟ වැඩක් නෙමෙයි. බරපතල වැඩක්. අපිත් තරුණයින් තමයි . ගැහැණු ළමයින්ට විහිලු තහළු කර තිබෙනවා. නමුත් හිරේ විලංගුවේ වැටෙන්න සුදුසු විහිලු කර නැහැ. (නි)
මේ අය හදන්න බෑ.(හේ)
මෙයා එලියට දැම්මොත් අපිනන් ඡන්දෙ දෙන්නේ නෑ.(හේ)
තව ටික දවසකින් ඇප ගනී.(හේ)
වරදක් කළ විට දඩුවම් ලැබෙනවා.(හේ)
කවුරුත් හිතනවා නීතිය ක්‍රියාත්මක වෙයි කියලා (නි)
මේ වගේ දේවල් දැන් සාමන්‍ය දෙයක්.(හේ)
අපි බලමු දැන්වත්.(හේ)
ස්කොට්ලන්ත ජාතිකයා මොකද මේ මාලකගේ නාස් පොල්ල කැඩුවේ? පවු! (නි)
මේවා මෙහෙම වුණාට වැදගත් පිළිවෙලට හැදිච්ච දේශපාලක දරුවනුත් මේ රටේ හිටියා. (නි)
මේ සිදුවීම ගැන සම්පුර්ණ විස්තර ඒ සිදුවීමේ වීඩියෝ දර්ශන සමගම හෙළිදරව් වී අවසානයි.(හේ)
මගේ නමින් වෙන කෙනෙකුත් අදහස් දාලා (නි)
මේ වගේ තව දහයක් හිටියා නම් මේ රට ඉවරයි.(හේ)
මෙයාට ගැලපෙන හොදම තැන තමයි දැන් මෙයා ඉන්නේ හැමදාම් මෙහෙම් තියන්න මේ වගේ අයට නිදහස හොද නැහැ . (බ)
සුද්දම ගහගෙනලු ....(බ)
තාත්ත වගේ ගුටි පූජාවක් කාලද ඒ වෙලාවේ, නැත්නං කොහොමද නාස් පොල්ල කඩල ගියේ? අනේ එහෙම ගුටිකාලා හරි හැදෙනවා නම් තාත්තට උනත් හොඳයිනේ අනේ. (බ)
මදූ, උන හපුලුවා නොවෙයි ගඳ ගහන්නේ "උරුලැවා" (දී)
මාලක මාලකටම ගහගෙනද දන්නෑ දැඩි සත්කාරේ ඉන්නේ ?(බ)
ලොක්කා දැක්කේ නැහැ වගේ ඉන්නවා , නුදකින් නීතියක් නැති රටක් (බ)
මේවාට අපි කවුරුත් වග කියන්න ඕනේ (දී)
මෙයාව හැමදාම රිමාන්ඩ් එකේ තියන්න බැරිද? (බ)
ගහක ගෙටගහල අර ගෙන්නන පෙති සහ පුන්නකු කන්න දීල බලන්න (බ)
මේ වගේ අමනයෙකුට ගහපු එක ගැන විදේශිකයාට අපගේ ප්‍රණාමය .(බ)
සියල්ල වෙන්නේ මිනිස්සුන්ට.(හේ)
නිසි දඩුවම් දෙන්න ඕනි (දිල්)
උන පුරුකේ බලු වලිගෙ දැම්මත් නෑ ඇදේ ඇරෙන්නේ.(හේ)
මාලක සිල්වා සර් ගෙන් වෙචිච අත්වැරදීමකට මෙහෙම කරන එක වැරදියි.අපේ ගරු මර්වින් සිල්වා ඇමතිතුමා කැලණිය දියුණු කරන්න හුහක් වැඩ කරපු කෙනෙක්,මාලක සිල්වා සර්ත් කැලණියට විශාල සේවයක් කරපු කෙනෙක්. ඒ නිසා මේ රටේ බුද්ධිමත් ජනතාව මාලක සිල්වා සර් ට සමාව දෙයි.(හේ)
කරුණාකර අදාල ඒ සිදුවීමේ වීඩියෝ දර්ශන සමගම හෙළිදරව් කරන්න.(හේ)
නඩුවක් නොවිමසාම මොහුට බරපතල වැඩ සමඟ දීර්ඝ අච්චුවක් ලබාදෙන්න පුලුවන් නම් තවත් හොඳයි. මන්දයත් මීට ප්‍රථම අධිකරණය මොහුට කිසිම සමාජ ශාලාවකට නොයෑමට තහනම් නියෝගයක් නිකුත් කළා නේද? (නි)
අනේ, අර සුද්දාට තව තවත් ශක්තිය ලැබේවා! (නි)
දරුවෙකුගේ බාල්‍ය අනුභූති මේ තත්වයට බලපානවා. කුඩා කල දෙමව්පියන්ගෙන් දැඩි හිංසා,පීඩා , අවමානයන්ට ලක් වුනු ය ලොකු වුනාම සමාජයෙන් පළි ගන්නවා. මොහු පුනරුත්ථාපනය කළ යුතුයි. .. (බ)
සමහරු මාලකට සහ ඔහුගේ පියාට කඩේයන්නේ , වැස්සට කුඩයක්වත් නොමැතිවයි. මහත්මා ගතිගුණ ඇති අය අද ලංකාවේ විරලය (නි)
දැන් අර විදේශීය යුවලගේ ආරක්ෂාව සපයා දීලාද ? ආයෙත් ගුස්තියකට ලක් නොවේවි කියල කාටද ගැරන්ටි කරන්න පුළුවන්. (බ)
චන්දයක් අවේ පුතාගෙම නරක වෙලාවට.නැත්නම් ඉතින් ඕව කොලු වැඩනේ.(බ)
හිල්ටන් සිද්ධියේදී එදා කිවුවා නේද නැවත මෙවැනි සිද්ධියක් වුණොත් ඇප අවලංගු කරලා යළි රිමාන්ඩ් කරනවා කියලා. (නි)
මෙයා හදනවාට වැඩිය ලේසි වෙයි ලොකු මහත්තයාට තාත්තාව හදා ගන්න එක. (බ)
මාලකත් බලනකොට බොහොම ජනප්‍රිය චරිතයක් (නි)
ගහපු කෙනා දැඩි සත්කාර එකේ , එතකොට ගුටි කාපු කෙනා කොහෙද? එයා ගැන විස්තර නොදමන්නේ මොකද?(හේ)
අනේ මෙහෙමත් කෙනෙක්! දැන් ඡන්දෙ ඉල්ලන්න එයි. අපේ රටේ ඉන්න බුද්ධිමත් මිනිස්සුත් මදි නොකියා ඡන්දෙ දෙයි.රටකට ගිය කලක්! සමහර වෙලාවට පිටරට සීතලේ වෙව්ල වෙව්ලා ඉන්න එක කමක් නැහැ කියලා හිතෙනවා (නි)
දැන්වත් මෙයාගේ වැඩිහිටියන් රට වටේ මිනිස්සුන්ට බණ කියන එක නතර කලොත් හොඳයි. (හේ)
ඉංග්‍රීසියෙන් මාලක නම ශබ්ද කරන්නේ මලාක කියාලය් . නමුත් ග්‍රීක භාෂාවෙන් මලාක කියන වචනයේ තේරුම "මෝඩ" කියන එකඊ. ඒ අනුව බලන කොට මෙයා කරන ක්‍රියාවන් අනුව දාල තියෙන නම හරියටම ගෙලපෙනවා. තමන්ගේ නම රකින්න වැඩ කරන පුතෙක්! (බ)
මෙයාගේ ආරක්ෂකයෝ සිද්දියෙන් පසුව පැනල ගිහිල්ලාලු. නිරායුධ ගෑනු කෙනෙකුට ගහන්න තරම් නිවට ආරක්ෂක බටයින් ඉන්න රටක් වුණා නේ මේක .(හේ)
නම අකුරක් එහෙ මෙහෙ වුනා නම් මාරක කියල තමයි නම වැටෙන්නේ.එහෙම නම් නියමෙට ගැලපෙනවා. (හේ)
ආරංචියේ හැටියට මෙයා අර විදේශීය කාන්තාවට අපේ සංස්කෘතිය ගැන දැනුවත් කරන්න ගිහිල්ලාලු. (හේ)
අනේ මාලක, මේ මොකක්ද කරගත්තේ? (නි)
ආරංචියේ හැටියට මෙයා අර විදේශීය කාන්තාවට අපේ සංස්කෘතිය ගැන දැනුවත් කරන්න ගිහිල්ලාලු. (ර)
වැරදි කළවිට හිරකූඩුව වෙනුවට, රෝහලට. ඒත් දුප්පත් මිනිහාට? අනේ අපොයි! (නි)
ලංකාවේ මෙහෙමත් ලජ්ජා නැති තවත් පවුලක් නැතිව ඇති. (ර)
මම හිතන්නේ දැඩි සත්කාර ඒකකයේ බවලතුන් අයින් කරලා පිරිමි විතරක් දැන් සේවයේ යොදවලා ඇති. (හේ)
ඒ ඒ කැවුම් වලට හරියන්න ඒ ඒ කෙසෙල්ගෙඩි කිව්වා සේ ඒ ඒ ඇමතිට හරියන්න මේ මේ බේබිලා කිව්වාලු. (හේ)
දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන්න තරමට තත්ත්වය බරපතළද? (නි)
කුඩැල්ල කොහොමත් මෙට්ටය උඩින් තියන්න හැදුවට ඌ යන්නෙම මඩට තමයි. ජම්ම පුරුද්ද අත අරින්න කොහොමත් බැහැ.(හේ)
මාලකත් දාගන්න ලෙඩ හැබෑටම! (නි)
මාලක හැමදාම ක්ලබ් ගියත් එක දවසක් පොඩි වැරදීමක් වුණාම රටම කුලප්පු වෙනවනේ. අනේ අපි නම් මාසෙකට 2500 න් කාලා බොහොම සැපවත් ජීවිතයක් ගතකරමින් අපේ පාඩුවේ ඉන්න මිනිස්සු. අපිට ක්ලබ් යන්න සල්ලි නැති එකට කවුරුත් පළි නැහැනේ! (නි)
එල ...එල ... ඒ කියන්නේ ගැමුණු රාජ උදහසට ලක් වෙලා ....(බ)
රිමාන්ඩ් කියන්නේ හොස්පිටල් එකටද?(හේ)
මේවාට උල්පන්දම් දෙන අයත් ඉන්නවනේ! (නි)
හැමදා නියං එකදා වැහිවලාවේ (දී)
වැඩියෙන්ම උල්පන්දම් දෙන්නේ වෙන කවුරුවත් නෙමෙයි සමන්ත, අර කළු කෝට් මහත්වරු ටික. මේ රටේ නඩුවකදී ඕනෑම අසාධාරණ අගතියකට පත්වුණ පාර්ශවයක් ඇත්නම් නිතරම විත්තියේ ගැළවීමට පැනලා ඉදිරිපත්වෙන කෙනෙක් ඔය අතරේ ඉන්නවා. (නි)
සමාජ ශාලාවට ඇතුලුවෙලා තියෙන්නෙත් බලෙන් කියලා කියන්නේ ඇත්තද? (නි)
මාතරින් දේශපාලනයට එනවා කියලා ආරංචියකුත් තිබුනා. (නි)
මේ වගේ පුවත් වලදී බන්දුල පෙරේරා කසාය බීපු ගොළුවා වගේ ඉන්නේ මොකද? (නි)