IMG-LOGO

2025 මැයි මස 03 වන සෙනසුරාදා


මිල්කෝ කිරි මුට්ටිය අර්බුදයක

දඹුල්ල ඇතුළු කිරි ශීත කරන මධ්‍යස්ථාන හැත්තෑ හතක ශීතකරණ 24 පැයේම කිරි සිසිල් කරන නමුත් ගොවීන්ගෙන් මිලදී ගන්නා විශාල කිරි තොගයක් කිරි බඳුන්වලම තබන්නට සිදුවී ඇතැයි මිල්කෝ සමාගම කියයි. පෞද්ගලික සමාගම් දෙකක් මෙරට ගොවීන්ගෙන් කිරී නොගෙන පිටරට වලින් අඩු මිලට කිරි ගෙවීමත්, දේශීය ගොවීන්ගේ නිෂ්පාදන වැඩි මිලට ගැනීමට සිදු වීමත් නිසා සමාගම බරපතල අර්බුදයකට මුහුණ පා සිටී. මිල්කෝ සමාගමේ සභාපති සුනිල් වික්‍රමසිංහ මහතා පවසනුයේ සමාගම කිසිම ගොවියකු හරවා නොයවන බවයි.  කිරි විසි කරන්න සිදු වුවත් අපි ගොවීන්ගෙන් කිරි මිලට ගන්නාවා. කිරි යන්ත්‍රාගාර සියල්ලම පිරී ඇතැයි ද ඔහු කියයි. දිනකට ලීටර් ලක්ෂ දෙකක් ඉක්මවා මිලට ගන්නා බවත් ඊට සරිලන පරිදි අඹේවෙල, පොළොන්නරුව, නාරාහේන්පිට හා දිගන කම්හල්වලින් වෙළෙඳ පොළට කිරි නිෂ්පාදන නොසපයන බවත් සේවකයො කියති. ගොවීන්ගෙන් මිලට ගන්නා අමුකිරි එම බඳුන්වල හා ප්‍රවාහන බවුසර් වලම තිබියදී පැය හතරකට වරක්, නරක් නොවීම  සඳහා බෙහෙත් මුසු කිරීමට සිදුව ඇතැයි සේවකයෝ පවසති. දිනකට කිරි ලීටර් හතළිස් දහසක් පමණ නරක් නොවී බේරා ගැනීම බරපතල අර්බුදයක් වී ඇතැයි ද වෘත්තිය සමිති කියයි. අලුතෙන් සමාගමට ගෙන්වූ යන්ත්‍රයක් සවිකැර මාස දෙකක් ඇතුළත මේ ප්‍රශ්නයට විසැඳුමක් දීය හැකි බවත් එළඟිතෙල් හෝ නිෂ්පාදනය කර ප්‍රශ්නය විසැඳීමට පියවර ගන්නා බවත් සභාපතිවරයා කියයි.



අදහස් (0)

මිල්කෝ කිරි මුට්ටිය අර්බුදයක

චමිල් Tuesday, 15 May 2012 09:07 AM

අනේ !!! මේ ප්‍රතිචාර පළකරන අයගෙන් කීයෙන් කීදෙනෙක් ලංකාවේ කිරි නිෂ්පාදන මිලදී ගන්න අයද ? අපේ කිරිපිටිවලට ලංකාවේ වෙළදපලක් නැති කොට ඒවා නිපදෙව්වයි කියලා විකුණන්නේ කොහොමද ? විදේශ වෙළද නාම අගයකරන ජනතාවක් එක්ක මේවා කරන එක විහිළුවක්‌ .... මේකට ප්‍රධාන ලෙස රජය නෙවෙයි පරාධීන මානසික තත්වයයක් ඇති ජනතාව තමයි වගකියන්න ඕන.... අපට තවම නිවහල් වෙන්න බැරි වුනාට.... එහෙම වුණ දවසට අපි දිනයි ..... අපිමයි තාමත් රැවටිලා ඉන්නේ........

:       2       1

j.d Tuesday, 15 May 2012 05:57 PM

අයියෝ මාත් ඉවරයි

:       0       0

සවිඳු Tuesday, 15 May 2012 06:36 PM

පාසල් දරුවන්ට දියර කිරි දෙනවා කියල කිව්වා. ඒකට කෙලින්ම ගොවීන්ගෙන් කිරි ගත්තොත් ප්‍රමිතියක් නැහැනේ. බාල කරන්නත් පුළුවන්නේ. ඒ හින්ද මිල්කෝ එකේ තියෙන U.H.T. යන්ත්‍ර වලින් කිරි පැකට් හදල පාසැල් දරුවන්ට සහන මිලට පිරිසිදු කිරි දෙන්න පුළුවන් නේද ? එතකොට ඔය කිරි අතිරික්තය තරමක් දුරට හරි අඩු වේවි. අනාගත පරපුර පෝෂණයක් නැති, ඌරු තෙල් මිශ්‍ර කරපු කිරිපිටි බීම නවත්වල පෝෂ්‍යදායක දියර කිරි බොන්න පුරුදු වේවි. ආර්ථික සංවර්ධන ඇමති තුමනි, පොඩ්ඩක් හිතන්න.

:       0       0

කමල් Tuesday, 15 May 2012 10:51 AM

ප්‍රශ්නේ තියෙන්නේ මේ අය නිෂ්පාදනය හරියට නොකරන එක.මේ ගැන හොයලා බලනවානම් හොදයි

:       0       0

සුප්රා Monday, 14 May 2012 08:15 PM

බොහොම පිං, ඔබතුමාගේ උත්සාහයට . අපිත් රට වැසියො විදියට පුඵවන් තරම් මිල්කෝ නිශ්පාධතම අරගන්නම්.

:       0       0

Consumer International Monday, 14 May 2012 08:17 PM

මේ සමාගම් රටට හෙළි කරන්න. ජනතාව මොවුන්ගේ නිෂ්පාදන ප්‍රතික්ෂේප කරනවා නිසැකය. මලයාසියාවේ වගේ පාරිබෝකික සංවිදාන ඉක්මනින්ම ලංකාවේ ගොඩනැගිය යුතු වෙනවා.

:       0       0

වරූ Monday, 14 May 2012 08:34 PM

කිරි විකුණාලා කාසි සොයන්නයි... අනාගතේ මාළිඟා තනන්නයි.... කුමාරයෙක් ගෙදරට කැන්දන්නයි...... ..........මුට්ටිය බිදුනොත් ඔක්කොම ඉවරයි.......

:       0       0

චමින්ද Tuesday, 15 May 2012 08:58 PM

නෙස්ලේ ලංකාද???

:       0       0

ඇසල Monday, 14 May 2012 09:00 PM

කිරි ආනයනය නවත්වන්න...

:       0       0

ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ Monday, 14 May 2012 09:28 PM

මේ රටේ පිටිකිරි මිල අහස උසට නැඟලා.දියර කිරි පරිභෝජන මට්ටමටත් වැඩිය නිෂ්පාදනය කරනවා. නමුත් ඒ දියර කිරි නිෂ්පාදන පිටිකිරි බවට හරවලා හරි වෙනත් ක්‍රමයකින් හරි දියර කිරි ලෙසම හරි සාමාන්ය පාරිභෝගිකයා දක්වා ගෙන යන වැඩ පිලිවෙලක් සකසා ගැනීමට තවමත් මේ රජය අසමත් වෙලා තියෙනවා. මේ තරම් සුළු කරුණකට පවා විසඳුම් සපයා ගැනීමට නොහැකිව තිබෙද්දී ආසියාවේ ආශ්චර්යය කරනවා යැයි බොරු පුරසාරම් ප්‍රචාරය කරන්නේ කවුරු රැවටීමටද?

:       0       0

අසංක Monday, 14 May 2012 09:33 PM

අනේ....සතාටත් නෑ අපිටත් නෑ...

:       0       0

කුමිරි Monday, 14 May 2012 10:04 PM

මේ අර්බුධ කවද ඉවර වෙයිද ???

:       0       0

සුදේෂ් Wednesday, 16 May 2012 11:32 AM

කිරි වලින් කරන්න පුළුවන් අමතර නිෂ්පාදන වලට ගියා නම් ඔය ප්‍රශ්නේ නෑනේ.ඕකට ලොකු තාක්ෂණයකුත් ඕනි නෑනේ

:       0       0

අලිබබා Monday, 14 May 2012 10:21 PM

ඇයි මෙ කිරිඅර්බුදයට විකල්ප වැඩපිළිවෙලක් යෙදුව නේද? එතකොට මේ අර්බුදය මොකක්ද? මේවා එළඟිතෙල් සදහා නිශ්පාදනය කරන්න පුලුවන්. මුදවපුකිරි වර්ග නිශ්පාදනය කර වෙළදපොලට ලබාදීම. පැකැට් කිරිවර්ග, බෝතල් කිරි, කිරි මණ්ඩල මගින් ව්‍යාප්තකර දේශිය ආදායමි ඇතිකර රැකියාවන් විරහිත තරුණ තරුණියන් යෙදවිම. ගමිමටිටමින් නගරමටිටමට ව්‍යයාපාති කිරීම. මේ වගේ ක්‍රමවේද අපි කල්පණාකරන්නට ඕන.අද ලංකාවේසහන මිලකට කිරිපැකටි එකක් ලැබුණොත් කවුරුත් නොගෙන ඉන්නේනෑ.පිරිසිදු කිරි ටිකක් නැතිව අපේළමයි බලන් ඉන්නවා. බලන්න විදේශිය රටවල් මෙවගේ තම සමිපත් උපයෝගි කරගෙන පොඩිකර්මාන්ත ඇතිකර ඒ රටවල් දියුණුවෙන ආකාරය. එවා අපි ආදර්ශයට ගතයුතුයි.

:       0       0

දර්ෂන Monday, 14 May 2012 10:37 PM

කවදාවත් දියුණු වෙන්නෙ නැති රටක් වගේ මේක.

:       0       0

අමිල Tuesday, 15 May 2012 12:23 AM

හරියටම හරි...

:       0       0

හේමා Tuesday, 15 May 2012 02:01 PM

දැන් ඉන්න නිලදාරීන් එක්ක බලනකොට ඔබගේ උත්සාහය අගය කරනවා.අපිත් එලකිරි බොන්න කැමති .ඒත් අපිට ලැබෙන්නේ නැ.ක්‍රමවේදයක් හදන්න බෙදාහරින්න .....

:       0       0

අසන්ක Tuesday, 15 May 2012 11:42 PM

කිරි මුට්ටිය බාල්දියේ ගමට උඩින් කොක්කු ගියේ

:       0       0

සූසා Tuesday, 15 May 2012 12:48 AM

මේ සමාගම් රටට හෙළි කරන්න. ජනතාව මොවුන්ගේ නිෂ්පාදන ප්‍රතික්ෂේප කරනවා නිසැකයි

:       0       0

මොහාන් Tuesday, 15 May 2012 02:35 PM

ලංකාවට ඔබව අවශ්‍යයි....

:       0       0

අබේ Tuesday, 15 May 2012 05:45 AM

ගබඩා වල තියෙන කිරිපිටි ලක් සතොස, සමූප සේවාවන් හරහා වෙළඳ පොළට නිදහස් නොකරන්නේ ඇයි??????

:       0       0

තිස්ස Tuesday, 15 May 2012 07:01 AM

කිරි ගොවියා ගැන කිසිම අනුකම්පාවක් නෑ. කිරිපිටි මිල වැඩි කෙරේ.දේශීය කිරි නිෂ්පාදනය වැඩි කිරීමට කියල වෙළද ඇමති කීවත් තවත් ඇමතිවරෙයක් කියනවා ලෝක වෙළදපළ මිල නිසා කියලා ? කව්ද හරි ?

:       0       0

අනිල් Tuesday, 15 May 2012 07:59 AM

ඇයි අපිට බැරි පිටරටවල වගේ දියර කිරි ජනතාවට දෙන්න? ලාභයි, පොෂ්ය දායකයි, පශු සම්පත් ඇමැතිතුමා ටිකක් හිදුවද?

:       0       0

කීර්ති.......රගමන් Tuesday, 15 May 2012 08:19 AM

සුජිත්ගෙ කතාව හරියටම හරි..............

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

පාර්ලිමේන්තු ලොක්කෝ මැතිසභා වියදමින් සවාරි ගිහින්
2025 මැයි මස 03 1134 0

කථානායක නියෝජ්‍ය කතානායක නියෝජ්‍ය කාරක සභා සභාපති ලබා දෙන වාහන සංඛ්‍යාව දෙකක් දක්වා අඩු කිරීමටත් පාර්ලිමේන්තු මහ ලේකම් නියෝජ්‍ය මහලේකම් සහකාර මහලේක


අදත් තැනින් තැනට තද වැස්ස
2025 මැයි මස 03 94 0

අන්තර් නිවර්තන අභිසාරි කලාපය තවතදුරටත් දිවයිනේ කාලගුණයට බලපෑම් කරමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


ඩෑන්ට වෙඩි තැබූ වෙඩික්කරු මාට්ටු
2025 මැයි මස 03 1136 0

වැල්ලම්පිටිය ප්‍රදේශයේ මහල් නිවාස සංකීර්ණයකදී ඩෑන් ප්‍රියසාද් නැමැත්තාට වෙඩි තැබූ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨ


දුම්රිය ටිකට් විභාගකරු අල්ලස් දැලේ කොටුවේ
2025 මැයි මස 02 1590 0

ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ සංචාරක ප්‍රවේශපත්‍ර විභාගකරුවකු රුපියල් 1500/= ක අල්ලස් මුදලක් ලබා ගනිද්දී අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා වි


එ’ජා වෙසක් උළෙලේ ප්‍රධාන ආරාධිතයා අනුර
2025 මැයි මස 02 1398 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වියට්නාමයේ නිල සංචාරයක් සඳහා හෙට(3) රාත්‍රියේ දිවයිනෙන් බැහැර යයි.


‘‘සරසවි සිසුවාගේ මරණය ගැන කඩිනමින් කරුණු සොයනවා‘‘
2025 මැයි මස 02 492 0

සබරගමුව විශ්වවිද්‍යාලයේ තාක්ෂණය පිිඨයේ දෙවැනි වසරේ සිසුවකු නවක වදය හේතුවෙන් දිවි හානිකර ගෙන ඇති බවට තිබෙන චෝදනාව සම්බන්දයෙන් එයට සමිබන්ද පුද්ගලයන්


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 516 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 137 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1157 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site