(අජන්ත කුමාර අගලකඩ)
ඉකුත් 2014 වසරේ සිට 2019 වසර දක්වා කාලය තුළ රාජ්‍ය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම හේතුවෙන් මිල්කෝ ආයතනයට රුපියල් කෝටි 531 ක පමණ අමතර වැය බරක් දරන්නට සිදුව ඇතැයි එම ආයතනය රජයට දැනුම්දී ඇත.
දැරීමට නොහැකි එම වැයබර හේතුවෙන් මිල්කෝ ආයතනයේ බැංකු ණය රුපියල් කෝටි 120 ක් පමණ දක්වා ඉහළ ගොස් ඇති බවද එම ආයතනය දැනුම් දී තිබේ.
මේ තත්ත්වය තුළ ආයතනය දැඩි මූල්‍ය අර්බුධයටකට ලක්ව ඇති බැවින් අමතර වැයබරින් රුපියල් කෝටි 150 ක මුදලක් නොපමාව ලබාදෙන්නැයි මිල්කෝ ආයතනය රජයෙන් ඉල්ලීමක් කර ඇත.
රජයේ අයවැය යෝජනාව අනුව 2014 නොවැම්බර් සිට රුපියල් 10 න් ද, 2015 ජූලි මස සිට රුපියල් 10න්ද කිරිලීටරයක මිල ඉහල දැමීමත් අයවැය යෝජනා අනුව කිරිපිටි මිල හා යෝගට් මිල අඩුකිරීමත් මෙම අමතර වැයබර වැඩිවීමට හේතුවී ඇතැයි මිල්කෝ ආයතනය පෙන්වා දී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනුර කුමාර දිසානායක සහෝදරයා ඇමති කාලේ මිල්කෝ ලාභ ලබන ආයතනයක් බවට පත් කරා වසරක් ඇතුළත. ඒ ලබපු ලාබයෙන් කොටසක් කිරි ලබාදුන් කිරි ගොවීන්ට පාරිතෝෂිකයක් ලෙස ලබා දුන්නා. එවැනි ප්‍රතිපත්තිගරුක පාලනයක් ගෙනාවොත් අපේ රටේ සියලුම රාජ්‍ය ආයතන ගොඩගන්න පුළුවන්.
ඉතිහාසයේ කවදාවත් මේ අායතනය ලාබ ලැබුවේ නැහැ. නමුත් 2003 එදා රජය සමග ජවිපෙ අැමතිකම් හතරක් අරගෙන එකක් අනුරගෙ යටතේ කෘෂිකර්මාන්තය ඔහු යටතට ගෙන මාස දහයක් තුළ ඔය මිල්කෝ එක කලින් තිබුණු නායකන්දත් ගෙවල කිරිගොවීන්ට එක කිරි ලීටරයට රුපියල් 4 ක් අමතරවත් ගෙවලා සියලුම සේවකයින්ට බෝනස් එකකුත් දීලා රුපියල් මිලියන 200 ක ලාභත් ලබලා පෙන්නුවා.. ඉතින් එයින් පස්සේ නැවත කාපාලුවන් අතට දීලා අද වෙනතුරුත් පාඩු රට කරවන්න සුදුසුම මිනිස්සුන්ට පයින් ගහලා තක්කඩින්ට රටේ පාලනය බාරදීලයි තියෙන්නේ...
මෙම ආයතනය පවත්වාගෙන යන්නේ අත්‍යාවශ්‍ය සේවා ආයතනයක් ලෙසද? නැතහොත් වානිජ්‍ය ආයතනයක් ලෙසද? අත්‍යවශ්‍ය සේවා ආයතනයක් නම් රාජ්‍ය (මහජන) මුදල් ලබා දුන්නාට වරදක් නැත. නමුත් වාණිජ්‍ය ආයතනයක් ලෙස නම් මහජන මුදල් ලබාදීමේ ගැටළුවක් ඇත. එක එක දේශපාලුවන්ගේ පෞද්ගලික අවශ්‍යතාවය පිරිමැසීමට මහජන මුදල් වියදම් කල නොහැකිය. එසේ වියදම් කළා නම් ඒ ඒ උදවියගෙන් නැවත එම මුදල් අයකරගත යුතුවේ.
ජනතා කැමැත්ත. ඡන්දවලින් ජනතාව ඉල්ලන්නේ මේවා තමයි.. දේශපාලකයින්ට බැනලා වැඩක් නැහැ.
2015 සිට 2019 දක්වා යහපාලන රජයේ තවත් එක අසාර්ථක රජයේ ආයතනයක් . යහපාලන රජය බලයට ගෙන ඒමට කැප වූ ජනතා විමුක්ති පෙරමුණට ද මින් ගැලවීමට නොහැක.