මාලි රාජ්‍යයේ මානූෂීය මෙහෙයුම්හි නිරත එක්සත් ජාතීන් සාම සාධක හමුදාව වෙනුවෙන් මෙරට ත‍්‍රිවිධ හමුදා නිලධාරීන් යෙදවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජයේ අවධානය යොමුවී ඇතැයි විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.
දකුණු ආසියාවේ විනයගරුක හමුදා නිලධාරීන් මෙරට ත‍්‍රිවිධ හමුදාව සිටින බවට ජාත්‍යන්තරයේ පිළිගැනීමක් ඇති හෙයින් මාලියේ සාම සාධක හමුදා බල ඇණි වෙත ශ්‍රී ලංකා ආරක්ෂක නිලධාරීන් යෙදවීම ගැන ඇමෙරිකා ජනාධිපති බරක් ඔබාමා සහ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන අතර සැකච්ඡාවක් මේ මස අගදී නිව්යෝර්ක් හි ආරම්භ වන එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල වාර්ෂික සැසිය අතරතුරේ දී පවත්වනු ඇතැයි ද අමාත්‍ය සමරවීර මහතා කීවේය.
මෙම කරුණ සම්බන්ධයෙන් තමාද එක්සත් ජාතීන්ගේ ඇමරිකා තානාපතිනී සමන්තා පවර් මහත්මිය සමඟ ඉකුත්දා සාකච්ඡා කළ බවද හෙතෙම කීවේය.
ලෝකයේ විනය ගරුක හමුදා නිලධාරීන් ලංකාවේ සිටින බවට ජාත්‍යන්තරය හමුවේ ඇති ප‍්‍රතිරූපය වැඩි දියුණූ කිරීමත් , එළවළු විකුණන,පාරවල් ශුද්ධ පවිත‍්‍ර කිරීම,හෝටල් වල කම්කරු කටයුතු වල නිරතවන හමුදා නිලධාරීන් වෙනුවට ඔවුන්ගේ කීර්තිනාමය ඉහළින් තැබීම නව රජයේ අරමුණ යැයිද අමාත්‍ය මංගල සමරවීර මහතා කියා සිටියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හමුදාව සියලුම දේට සුදානම් වියයුතුයි, එයයි යුද හමුදාව. (ම)
දැනටමත් සාමසාදක මෙහෙයුම් වල යෙදෙනවා නේද? (ම)
ඉතා හොඳ ක්‍රියාවක්. රටට ආදායමක් ලැබෙන, අපේ හමුදාවල වෘතීත්ය නිපුණත්වය ලොව දකින අවස්ථාවක්. සාම සාධක හමුදා අතරින් ඉහළම විනය තියන බල ඇනි ලංකාවේ හමුදා බල ඇනි බව පෙන්වන්න.(ම)
ඉන්දු, වෙන රටකින් හමුදාව අපේ රටට ආවා නම් ඔයා කැමතිද? (නි)
අපේ හමුදාව සාම සාධක හමුදා අතරින් ලොව නො 1 (අ)