IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


මාලි සාම හමුදාවට ලංකාවත් ?

මාලි රාජ්‍යයේ මානූෂීය මෙහෙයුම්හි  නිරත එක්සත් ජාතීන් සාම සාධක හමුදාව වෙනුවෙන් මෙරට ත‍්‍රිවිධ හමුදා නිලධාරීන් යෙදවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජයේ අවධානය යොමුවී ඇතැයි විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.

දකුණු ආසියාවේ විනයගරුක හමුදා නිලධාරීන් මෙරට ත‍්‍රිවිධ හමුදාව සිටින බවට ජාත්‍යන්තරයේ පිළිගැනීමක් ඇති හෙයින් මාලියේ  සාම සාධක හමුදා බල ඇණි වෙත ශ්‍රී ලංකා ආරක්ෂක නිලධාරීන් යෙදවීම ගැන ඇමෙරිකා ජනාධිපති බරක් ඔබාමා සහ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන අතර සැකච්ඡාවක් මේ මස අගදී නිව්යෝර්ක් හි ආරම්භ වන එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල වාර්ෂික සැසිය අතරතුරේ දී පවත්වනු ඇතැයි ද අමාත්‍ය සමරවීර මහතා කීවේය.

මෙම කරුණ සම්බන්ධයෙන් තමාද එක්සත් ජාතීන්ගේ ඇමරිකා තානාපතිනී සමන්තා පවර් මහත්මිය සමඟ ඉකුත්දා සාකච්ඡා කළ බවද හෙතෙම කීවේය.‍

ලෝකයේ විනය ගරුක හමුදා නිලධාරීන් ලංකාවේ සිටින බවට ජාත්‍යන්තරය හමුවේ ඇති ප‍්‍රතිරූපය වැඩි දියුණූ කිරීමත් , එළවළු විකුණන,පාරවල් ශුද්ධ පවිත‍්‍ර කිරීම,හෝටල් වල කම්කරු කටයුතු වල නිරතවන හමුදා නිලධාරීන් වෙනුවට ඔවුන්ගේ කීර්තිනාමය ඉහළින් තැබීම නව රජයේ අරමුණ යැයිද අමාත්‍ය මංගල සමරවීර මහතා කියා සිටියේය.

 



අදහස් (0)

මාලි සාම හමුදාවට ලංකාවත් ?

සුජිත් Sunday, 20 September 2015 02:58 PM

හමුදාව සියලුම දේට සුදානම් වියයුතුයි, එයයි යුද හමුදාව. (ම)

:       0       0

දුමින්ද Monday, 21 September 2015 04:00 AM

දැනටමත් සාමසාදක මෙහෙයුම් වල යෙදෙනවා නේද? (ම)

:       0       0

ඉන්දු Sunday, 20 September 2015 09:56 AM

ඉතා හොඳ ක්‍රියාවක්. රටට ආදායමක් ලැබෙන​, අපේ හමුදාවල වෘතීත්ය නිපුණත්වය ලොව දකින අවස්ථාවක්. සාම සාධක හමුදා අතරින් ඉහළම විනය තියන බල ඇනි ලංකාවේ හමුදා බල ඇනි බව පෙන්වන්න​.(ම)

:       0       0

සන්ජය Sunday, 20 September 2015 11:30 AM

ඉන්දු, වෙන රටකින් හමුදාව අපේ රටට ආවා නම් ඔයා කැමතිද? (නි)

:       0       0

කුමාර Monday, 21 September 2015 05:46 AM

අපේ හමුදාව සාම සාධක හමුදා අතරින් ලොව නො 1 (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 354 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 213 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site