පසුගිය වසරේ සිට ලෝක වෙළඳපොළේ තෙල් මිල පහත වැටී තෙල් බැරලයක මිල ඩොලර් 30 (රු. 4246.64) දක්වා අඩු වීම මෙම වසරේ මාර්තු මාසය වන විට වෙනස් වීමකට භාජනය විය හැකි බව ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ ආර්ථික විද්‍යා විශේෂඥ අනුෂ්ක විජේසිංහ මහතා පවසයි.
දැනට ලෝක වෙළඳපොළේ තෙල් බැරලයක මිල ඩොලර් 30 කට වඩා අඩු වූයේ චීනයේත් රුසියාවේ හා බ්‍රසීලයේත් ආර්ථීක අවපාතය හා ජපානයේ හා යුරෝපා දේශ ගුණික විපර්යාසය එනම් හිතූ තරම් ශීත ඝෘතුව සීතාධික නොවීම බව ඔහු පවසයි. ඒ රටවල සීතල අඩු වූයේ නම් උණුසුම් කිරීම සඳහා තෙල් වලට ඇති ඉල්ලුම වැඩි වන බව ඔහු කියයි.
ඒ අනූව ඔහුගේ මතය වන්නේ මෙම වසරේ වැඩි කාලයක් තුල තෙල් බැරලයක මිල ඩොලර් 40ක (රු.5662.19)මට්ටමේ පවතිනු ඇති බවය.
ජනවාරි මුලදී තෙල් බැරලයේ මිල ඩොලර් 30 ට වඩා අඩු වූ ප්‍රවනතාවය මේ වසරේ බොහෝ කාලයක් එසේම පවතිනු ඇතැයි සිතිය නොහැකී. මේ ප්‍රවනතායවයේ උච්චාවචනයක් ඇති වීමට පහත කරුණූ කාරණා හේතු වේ. ඉරාන තෙල් කෙතරම් ඉක්මනින් වෙළඳපොලට එයි ද යන්න එක් කාරණයකි. චීනය වැනි ලොකු රටවල ආර්ථීකය යළි යථාතත්වයට පත් වීම තවත් කාරණයකි. තෙල් නිපදවන ඔපෙක් රටවල වෙළඳ ක්‍රමෝපාය අනුගමනය කිරීම තවත් කාරණයකි. ශ්‍රී ලංකාව කළ යුතු හොඳම කාර්යය වන්නේ තෙල් මිල පහත බැස තිබියදී ශක්තිමත් හා විනිවිද පෙනෙන මිල සූත්‍රයක් වහා ඇති කර ගැනීමයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මිල සුත්‍රය එයි තෙල් මිල අධික ලෙස වැඩිවුණොත්. එතෙක් ඒවා මැතිවරණය දිනීමට කළ විහිලු කතා බව තේරුම් ගන්න. දැන් සීනි කීයද? අමුමිරිස් කීයද? පොල් කීයද? හාල් කීයද? කෝ කියපු අඩුකිරීම්? (නි)
මොන සුත්‍රයක්වත් එපා. තෙල් මිල අඩුකළාට එක සතයක වාසියක් ජනතාවට ලැබෙන්නේ නැහැ. තෙල් මිල අඩු නොකර තේ රබර් සඳහා සහනාධාරයක් දෙන්න. පාරිභෝගික භාණ්ඩ වල බදු අඩුකරන්න. සහනය කාටත් ලැබේවි (නි)
ලෝකයේ වැඩියෙන්ම තෙල් ලැබෙන්නේ ඇමෙරිකාවේ. සෞදිකාරයෝ තෙල් සැපයුම වැඩිකළා ලෝක වෙළඳපොලේ තෙල් මිල තෙල් ව්‍යාපාරිකයින්ට දරාගන්න බැරි මට්ටමට අඩුවෙන්න. ඊට හේතුව තමයි විවිධ තෙල් ළිං වල පිරිවැය ඉතා අධිකයි. පිරිවැය අධික ළිං වල පැවැත්ම රැඳෙන්නේ මිල ඉහළ ගියොත් පමණයි. ඒ නිසා සැපයුම වැඩිකර තෙල් මිල බැස්සවීමට සෞදිය කටයුතු කරන්නේ විශාල වශයෙන් ළිං වැසීමට සළස්වා, තෙල් ව්‍යාපාර කොටස් වෙළඳපොල අධෛර්යමත් කර ඔවුන්ට පුර්ණ බලය ලබාගන්නයි. එසේ වුවහොත් තෙල් මිල අහස් උසට නග්ගා ඔවුන් ලාබ ලබනු ඇත. (නි)
අැයි මෙහෙම බොරු කියන්නේ? තෙල් මිල අඩු වුනේ ෙසෟදියේ සහ අනිත් රටවල තෙල් නිෂ්පාදනය විශාලවශයෙන් වැඩි කල නිසා.(හේ)
ඕක එන්නේ නැති එකනේ ප්‍රශ්නේ කලින් කොච්චර දේවල් කිව්වද ඒත් දැන්.(හේ)
ඔය සූත්‍රය එන්නේ ලෝක වෙළඳපොළේ තෙල් මිල වැඩිවෙනතුරු බලලා. එතකොට කියයි දැන් මිල අඩු කරන්න බැහැ කියලා. මේ තෙල් මිල අඩුවීමේ වාසිය ගන්නේ අයිඕසී සමාගම. මෙයාලා විරුද්ධ පක්ෂයේ ඉන්න කාලේ කියපුවා දැන් අමතකයි. ජවිපෙ අන්ධවෙලා. (නි)
තෙල් මිල නැවත විශාල ඉහළයාමක් දක්නට ලැබෙන්නේ නැහැ තව වසර තුනකට පමණ. ඔය කියන මිල සුත්‍ර ගැන නම් අපි අහලා නැහැ. එහෙත් කළහැකි හොඳම දේ තමයි මිල ඉහළ සහ පහළ යන විදියට අදාළ බදු සහ අනිත් අයවියයුතු ඒවා ගෙන මිනිසුන්ට සාධාරන මිලකට තෙල් දෙන එක. තෙල් සංස්ථාව පාඩු ලැබුවේ මිනිස්සු හින්දා නෙමෙයිනේ. ඒවා මිනිසුන්ට පටවන එක වැරදියි. (නි)
මිල සූත්‍රය ගේනවා නම් තෙල් මිල වැඩි වුනාම ඒකත් දරා ගන්න පුළුවන් වෙන්න ඕන.දැන් මෙතන අඩු කරන්න කියලා කෑ ගහන උදවිය එතකොට වැඩි කරන්න කියලා කැමති වෙනවද? තෙල් සංස්ථාව පාඩු ලබනකොට ඒ පාඩුව පියවන්නේ ජනතාවගේ බදු සල්ලි වලින්. අනික ඒකේ වැඩ කරන්නෙත් ලංකාවේ ජනතාවනේ.ඒ හින්දා ජනතාව නිසාම තමයි පාඩු ලබන්නේ.(කෞ)
චම්පික රණවක ඇමතිතුමා හිටියා නම් මේ වෙනකොට මේක ක්‍රියාත්මක වෙලා ඉවරයි. මොකද චම්පික ඇමතිතුමා කියන්නේ ඉලෙක්ට්‍රොනික් ඉංජිනේරු විද්‍යාව ඉතාමත් ඉහළින් සමත්වුණ, ගණිතය ගැන හසල දැනීමක් තියෙන ලෝක දේශපාලනය හා ආර්ථිකය ගැනත් මහා දැනීමක් තිබෙන කෙනෙක්. ඒ නිසා නිලධාරීන්ට බැහැ ඔහුව අන්දන්න. ඔහුට පුළුවන් වෙනවා ඉක්මනින් මේ මිල සුත්‍රය නිම කරලා කැබිනට් අනුමැතිය ගන්න (නි)
මිල සූත්‍රයක් කොහොම වෙතත් ඩොලර් 30 ට වඩා අඩු වූ ප්‍රවණතාවය යටතේ බොර තෙල් හරි නිමි තෙල් හරි ගෙනල්ලා ත්‍රිකුණාමලයේ ටැංකි පුරවන්නට මොන රජයක් ආවත් සමත් නැත. වෙනත් රටවල් මේ වෙලාවේ ඒක කරනවා. අපේ ආණ්ඩුව තවමත් පරණ අයගේ කුණු අහුලනවා. (නි)
බලන් ඉන්න මිල සූත්‍රය එනකන්.(හේ)
මොනවද මේ කියන විහිලු. (හේ)
මිල සුත්තර කොහොමවුවත් ඉන්දන මිල අඩුකිරීමෙන් එහි සහනය ලැබෙන්නේ වාහන හිමියන්ට පමණයි.(හේ)