රටක් ඉදිරියට ගෙනයාමට බදු පැනවීම අනිවාර්යයෙන් කළ යුතු වුවත් දුගී දුප්පත් ජනතාවටත් බර පටවමින් වැට් බදු ඉහළ දැමීම අනුමත කළ නොහැකි බව පුරවැසි බලය සංවිධානයේ කැඳ වුම්කරු සමන් රත්නප‍්‍රිය මහතා පැවසීය.
පසුගිය රජය සමයේ වංචා දූෂණ සිදුකරමින් රටේ ආර්ථිකය විනාශ කළ පුද්ගලයින්ට දඬුවම් නොදී ජනතාවට බර පැටවීම අනුමත කළ නොහැකි බවද රත්නප‍්‍රිය මහතා කීවේය.
සමන් රත්නප‍්‍රිය මහතා මේ බව පැවසුවේ මරදාන, ඩීන්ස් පාරේ පිහිටි සමාජය හා සාමයික කේන්ද්‍රයේදී අද (11) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
පැවති රජයේ ඇතැම් මැති ඇමතිවරුන් මෙන්ම වත්මන් රජයේ මැති ඇමතිවරුන්ද නාස්තිකාර වියදම් කරමින් සුඛෝපභෝගී ජීවිත ගත කරන බවත් වමේ කේන්ද්‍රය සංවිධානයේ කැඳවුම්කරු චමීර පෙරේරා මහතා කීවේය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ අය කවදද මල් නොතලා රොන් ගත්තේ? (බ)
මට මේ පිරිස ගැන කලින් තිබුන පැහැදීම එහෙම පිටින්ම නැතිවුණා මේ කතාවත් එක්ක. (නි)
බදු වල පළමු ප්‍රතිඵලය, පිටි මිල වැඩිවීම. දැන් ඒකත් හොඳයිනේ අපේ අයට (නි)
ජනතාව ආණ්ඩු මාරුකරනකොට හිතන්නේ නැහැ ජනතාව තලයි කියලා. දැන්නම් හොඳටම තලලා තියෙන්නේ. අවුරුද්දක් වැනි කෙටි කලකට මල තැලුව හැටියට තවත් අවුරුදු හතරක්ම තියෙනවා කියලා හිතිලා නැහැ. (නි)
වෙන කරන්න දෙයක් නැහැ, මන්ත්‍රී වාහන පර්මිට් අහෝසි කරනවා ඇරෙන්න. මේකෙන් ලක්ෂ 45000 ක් පමණ ඉතිරිවෙනවා. එතකොට බදු වැඩිකිරීමේ අවශ්‍යතාවයක් නැහැ (නි)
ඔය බදු ගැහිල්ල මහින්ද කළා නම් ඔය මල නොතලා කතාව කියන්නේ නැහැ. වහාම වැඩ වර්ජනයක් කැඳවයි, ඡීවත්වෙන්න අමාරුයි කියලා (නි)
ගිය ආණ්ඩුවේත් හිටියේ මේ වගේ කට්ටිය. හැබැයි ආණ්ඩුව යනකොට මේ වගේ අයට ඇපත් නැතිවෙනවා. පව්. (නි)
අපේ සමහර දේශපාලකයන්ගේ මුහුණු දැක්කහම ජනතාවට උන්හිටි තැනුත් අමතකවෙනවා. (නි)
මෙයාලා කොහොමත් ආණ්ඩුව පැත්තෙනේ. බදු වල රඟ තේරෙයි හෙට අනිද්දාම. (නි)
මේ සමහර මුහුණු දැක්කම පවු කියලත් හිතෙනවා. කාගේ සල්ලි වලින්ද ඔය විදිහට ඉන්නේ?? (නි)
සුසන්ත කියන කතාව සම්පූර්ණ ඇත්ත. අපි හැමදාම රැවටෙනවා. (නි)
හිටපු දූෂිතයන්ට දඬුවම් දුන්නම රටේ ආර්ථිකය ඉහළ යන්නේ කොහොමද මහත්තයෝ? ඒක ඉහළ යවන්න ඕන නම් දැන් වත් ඵලදායක විදිහට වැඩක් කරන්න පටන් ගන්න! (බ)
මෙන්න ඇත්ත. (ර)
අපේ ජනතාවගේ දැනීම ගැනනම් කියලා වැඩක් නැහැ. ආර්ථිකය ගැන කිසිවක් නොදන්නා අය ඔහේ ලියන්නම් වාලේ ලියනවා. මේ ගැන විග්‍රහ කරන්න මේ කුඩා ඉඩ නම් මදි. නමුත් කියන්න තිබෙන්නේ බදු නැතුව රටක් ඉදිරියට යන්නේ නැහැ (නි)
ඉස්සරනම් මෙයාල කිවුවේ බදුබර වැඩියි, බදුබර වැඩියි එනිසා තිබුණු රජය පෙරලන්න ඕන කියලා. දැන් තිබ්බටත් වඩා වැඩි කලාම කියනවා ඒකට කමක් නෑලු, එක හොඳයිලු. මේවගේ තමන්ගේ පෞද්ගලික පැවැත්ම සඳහා පටු දේශපාලනයක් කරන වෘර්තියසමිති නායකයින් නිසා තමයි වැඩ කරන ජනතාව හැමදාම වලේ ඉන්නේ. (ර)