ගල්ගමුව නගරය ආසන්නයේ ඡන්ද මධ්‍යස්ථාන පහක පමණ ඡන්දය දීම අද උදේ මුල් දෙපැයේදී මන්ද ගාමී තත්වයක් පැවතිණි.
පිරිමින්ට වඩා කාන්තාවන් එම මධ්‍යස්ථාන වලදී දැක ගත හැති විය.
ගල්ගමුව, පලුකන්දව හා ජාතික පාසැල ඉදිරිපිට මහ පාරේ සන්ධාන අපේක්ෂකයින් විසින් ඔවුන්ගේ අංක ලියා තිබූ අතර පොලීසිය ඒවා මකා අවසන්කරනවිට ඡන්දය පටන් ගෙන පැය බාගයක් පමණ ගත වී තිබිණි.
නගරයේ සාමකාමී වටපිටාවක් පැවැතියේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අංකය නම් ඔය ලියලා තියෙන එක. හැබැයි ළකුණ නම් වෙනස් (නි)
අපි නම් දන්නවා ඡන්ද ප්‍රතිඵල (නි)
ඔක්කොම වාසි පැත්තට පැන පැන තමන්ගේ සාක්කු පුරවා ගන්න ඉන්න මිනිස්සු. අපිට හොදක් කරන්න ඉන්න මිනිස්සු නෙමෙයි ඔය ඡන්දෙ ඉල්ලන්නේ. ඒ බව කට්ටිය තේරුම්ගෙන ඉන්න එක ගැන ඇසීමත් සතුටක් (නි)
මිනිස්සුන්ට ඡන්දෙ විතරක් නොවෙයි මුලු ජීවිතයම එපා වෙලා තියෙන්නේ ජීවත් වෙන්න විදියක් නැතුව. මාසේ ගන්න පඩිය දවස් තුනයි තියෙන්නේ. හරියට පොකට් ගැහුවා වාගේ. (නි)
රතුපස්වල හිටිය වගේ ත්‍රස්තවාදියෝ මට්ටු කරන්න,අපිව දිනවන්න අමතක කරන්න එපා.මොකද අපි දිනුවොත් ඔය ත්‍රස්ථවාදීන්ට ඉඩක් දෙන්නේම නෑ (අ)
පොලිසියට තිබෙන රාජකාරි.කණගාටුයි එයාලා ගැන....වහාම මනාප ක්‍රමය වෙනස් කලොත් අපිට ලැජ්ජාවකින් තොරව ලෝකයට මුහුණ දිය හැක.(නි)
කියන්න කණගාටුයි, ශ්‍රී ලංකා පොලිස් නිලධාරීන් වර්තමානේ තරම් කිසිම දවසක හෑල්ලුවට ලක්වෙලා නැහැ, මේ වගේ වැඩවලට සේවකයන් යෙදවීම ඉහල නිලධාරින්ගේ වගකීමයි (නි)
දිනුම පැරදුම සැමට උරුමයි එය හැඳින තුටු උනාවේ....කිසිදු කෙනෙකුට දුකක් නොමවන සිදුවීම් සිදු උනාවේ..අද මෙන්ම හෙට හිරු නැගෙන විට සතුට ලක රැද උනාවේ..රට දැයට සෙත සදන පුතෙකුට මනාපය හිමි උනාවේ .(අ).
අපිට අමාරුවේ වැටෙන්නේ අපි දගලන හැටි ? (අ)
ප්‍රදීප්,දැන් කරදරයක් නැහැ.මේ ඡන්දෙත් දිනවමු. කොහොමහරි. (නි)
"අපේ අවසරයකින් තොරව මහා මාර්ගයේ ලකුණු සටහන් කිරීම හෝ තිබෙන සලකුණු මත තාර ආලේප කිරීම තහනම්" (නදී)
වැඩියෙන්ම ඡන්දෙ දාන්නේ නැත්තේ අහවල් කට්ටිය. මොකද රස්තියාදු වෙනවාටත් ණයයි. (නි)
ජයවේවා! (නි)