අම්පාර මහඔය ඉද්දපොළ විල්ලතලාව වැවේ නෙළුම් මල් කැඩීමට ගිය සිසුන් දෙදෙනකු මරුමුවට පත්වීයැයි පොලිසිය කියයි.
ඔවුන්ගේ සිරුරු මහඔය රෝහලට ගෙන ගොස් මරණ පරීක්ෂණයට තබා ඇත.
වයස අවුරුදු 13ක් පමණ වන මේ සිසුන් මල් කැඩීමට ගොස් ඇත්තේ අඟහරුවාදා තම විදුහලේ පැවැත්වෙන ගුරු උපහාර උළෙලකට මල් සපයා ගැනීම සඳහා බව ද පොලිස් ආරංචි කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දරුවන්ගේ ආරක්ෂාව සඳහා තියෙන නීති වැඩි කල යුතුයි.වැඩිහිටියෙක් නොමැතිව කිසිම දරුවෙක් කිසිම ගමනක් යාම තහනම් කල යුතුයි. දෙමාපියන්ට දරුවන් බලා ගැනිමේදී තියෙන නීති වැඩි කල යුතුයි. (ස)
වැවට කළුවර යා වුණා - සංසාර දුක් ගිනි බෝ වුණා නෙළූ මල් මිට ඉහිරුණා - එහා ඉවුරට යා වුණා... (නි)
මේ අහිංසකයින් දෙදෙනා ගියේ පාසල් කාලයේදී නම් එම පාසලේ අධිකාරීන් ඊට වගකිව යුතුයි. නිවසේදී නම් මව්පියන් වගකිවයුතුයි. අපේ සමහර දෙමාපියන් දන්නවා තමාගේ ගවයන් බැඳලා ඉන්නේ කොයි ගහේද කියලා.එහෙත් තම දරු පැටවූ කොහෙද ඉන්නේ කියලා ඇහුවොත් ඒක දන්නේ නැහැ. (නි)
නොසැළකිලිමත්කම නිසා මේ දේ සිදුවෙලා තියෙන්නේ. වැඩිහිටියෙක් එක්ක ගියානම් මොකද? (නි)
අහිංසක දරුවෝ දෙන්නා, වැඩිහියන් මීට වඩා ගොඩක් දරුවෝ ගැන කල්පනාවෙන් ඉන්න ඕනි. (ස)
මිනිස්සුන්ට බුද්ධියක් නැද්ද හැබෑටම? (නි)
පවු අහිංසක දරු පැටවු දෙන්නා! (නි)
නිවන් සුව පතමු! මෙවන් අකල් මරණයකට ගොදුරු නොවී යළිත් මනු ලොව උපදිත්වා ...!! (නි)
මේවට දෙමාපියන් සහ ගුරුවරු වග කිවයුතුයි.පාසලේදී උගන්නනවා වගේම ළමයින්ගේ ආරක්ෂාවත් බැලිය යුතුයි.ගෙදරදී ආරක්ෂාව දෙමාපියන් සතුයි.මේ තරුණ ළමයින් දෙදෙනාගේ ජීවිත වලට කවුද වන්දි ගෙවන්නේ?වැවේ මල් කඩන්න ගිය එක වැරදියි.මේ පළාත් වල මල් කඩන්න ,දර කඩන්න යන තරුණියන් ආපසු ගෙදර එන්නේ අතවරයට ලක්වෙලා සමහර වෙලාවට. කොහොම නමුත් පරීක්ෂණ වලින් පසුව දැනගන්න පුළුවන් වේවි. (නි)
කුමුදු, මා ඔබ සමග දුක බෙදා ගන්නවා. (නි)
කුමුදු, රේණුක,මමද ඔබ සැම සමග මේ දුක බෙදා ගන්නවා. පණ්ඩිත් අමරදේවයන් මේ ගීතය ගයලා දශක ගාණක් වෙනවා. ඒ ගීතයට පාදක උනෙත් සොරබොර වැව ආශ්‍රිත පෙදෙසක සිදුවුණ සත්‍ය සිද්ධියක්. අපේ දෙමව්පියන් ඒ ගීතයෙන් හෝ යම්කිසි පාඩමක් ඉගෙන ගත්තා නම් ඔවැනි ඛේදවාචක සිදුවීම අවම කරගන්න තිබුනා. අනේ ඇයි අපේ රටේ අගහිඟකම් ඇති මිනිස්සු මේ තරම් අසරණ? (නි)
පව්...මේ අවිහිංසක දරුවන්ට මතු අත්භවයේ අකල් මරණ නොවේවා! සසරගමන කෙළවර නිවන් දකිත්වා! (නි)
මල්ලිලා, ඔයාලා එහෙම මල් කඩන්න යන්න එපා (නි)
දුෂ්කර පළාත්වල දරුවන්ට ආරක්ෂාව , ප්‍රථමාධාර ගැන දැනුම නැත්තටම නැති තරම්, කවුරු හරි මේවා ගැන වැඩ පිළිවෙලක් කරන්න. ඔබට පින්. (ස)