IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


මල් කඩන්න ගිහින් මල් කැකුළු දෙකක් පරවේ

අම්පාර මහඔය ඉද්දපොළ විල්ලතලාව වැවේ නෙළුම් මල් කැඩීමට ගිය සිසුන් දෙදෙනකු මරුමුවට පත්වීයැයි පොලිසිය කියයි.

ඔවුන්ගේ සිරුරු මහඔය රෝහලට ගෙන ගොස් මරණ පරීක්ෂණයට තබා ඇත.

වයස අවුරුදු 13ක් පමණ වන මේ සිසුන් මල් කැඩීමට ගොස් ඇත්තේ අඟහරුවාදා තම විදුහලේ පැවැත්වෙන ගුරු උපහාර උළෙලකට මල් සපයා ගැනීම සඳහා බව ද පොලිස් ආරංචි කියයි.

 



අදහස් (0)

මල් කඩන්න ගිහින් මල් කැකුළු දෙකක් පරවේ

රුවිනි Tuesday, 15 October 2013 10:07 AM

දරුවන්ගේ ආරක්ෂාව සඳහා තියෙන නීති වැඩි කල යුතුයි.වැඩිහිටියෙක් නොමැතිව කිසිම දරුවෙක් කිසිම ගමනක් යාම තහනම් කල යුතුයි. දෙමාපියන්ට දරුවන් බලා ගැනිමේදී තියෙන නීති වැඩි කල යුතුයි. (ස)

:       0       0

කුමුදු Monday, 14 October 2013 09:57 PM

වැවට කළුවර යා වුණා - සංසාර දුක් ගිනි බෝ වුණා නෙළූ මල් මිට ඉහිරුණා - එහා ඉවුරට යා වුණා... (නි)

:       0       0

නන්ද Monday, 14 October 2013 10:42 PM

මේ අහිංසකයින් දෙදෙනා ගියේ පාසල් කාලයේදී නම් එම පාසලේ අධිකාරීන් ඊට වගකිව යුතුයි. නිවසේදී නම් මව්පියන් වගකිවයුතුයි. අපේ සමහර දෙමාපියන් දන්නවා තමාගේ ගවයන් බැඳලා ඉන්නේ කොයි ගහේද කියලා.එහෙත් තම දරු පැටවූ කොහෙද ඉන්නේ කියලා ඇහුවොත් ඒක දන්නේ නැහැ. (නි)

:       0       0

කුමාරි Monday, 14 October 2013 11:37 PM

නොසැළකිලිමත්කම නිසා මේ දේ සිදුවෙලා තියෙන්නේ. වැඩිහිටියෙක් එක්ක ගියානම් මොකද? (නි)

:       0       0

ඉන්දු - මෙල්බන් Tuesday, 15 October 2013 12:02 PM

අහිංසක දරුවෝ දෙන්නා, වැඩිහියන් මීට වඩා ගොඩක් දරුවෝ ගැන කල්පනාවෙන් ඉන්න ඕනි. (ස)

:       0       0

අසා Tuesday, 15 October 2013 01:46 AM

මිනිස්සුන්ට බුද්ධියක් නැද්ද හැබෑටම? (නි)

:       0       0

අමිල කටුනායක Monday, 14 October 2013 06:52 PM

පවු අහිංසක දරු පැටවු දෙන්නා! (නි)

:       0       0

චන්දි Monday, 14 October 2013 07:04 PM

නිවන් සුව පතමු! මෙවන් අකල් මරණයකට ගොදුරු නොවී යළිත් මනු ලොව උපදිත්වා ...!! (නි)

:       0       0

ආරියසේන Monday, 14 October 2013 07:09 PM

මේවට දෙමාපියන් සහ ගුරුවරු වග කිවයුතුයි.පාසලේදී උගන්නනවා වගේම ළමයින්ගේ ආරක්ෂාවත් බැලිය යුතුයි.ගෙදරදී ආරක්ෂාව දෙමාපියන් සතුයි.මේ තරුණ ළමයින් දෙදෙනාගේ ජීවිත වලට කවුද වන්දි ගෙවන්නේ?වැවේ මල් කඩන්න ගිය එක වැරදියි.මේ පළාත් වල මල් කඩන්න ,දර කඩන්න යන තරුණියන් ආපසු ගෙදර එන්නේ අතවරයට ලක්වෙලා සමහර වෙලාවට. කොහොම නමුත් පරීක්ෂණ වලින් පසුව දැනගන්න පුළුවන් වේවි. (නි)

:       0       0

රේණුක Tuesday, 15 October 2013 06:27 AM

කුමුදු, මා ඔබ සමග දුක බෙදා ගන්නවා. (නි)

:       0       0

සත්‍යයා Tuesday, 15 October 2013 06:42 AM

කුමුදු, රේණුක,මමද ඔබ සැම සමග මේ දුක බෙදා ගන්නවා. පණ්ඩිත් අමරදේවයන් මේ ගීතය ගයලා දශක ගාණක් වෙනවා. ඒ ගීතයට පාදක උනෙත් සොරබොර වැව ආශ්‍රිත පෙදෙසක සිදුවුණ සත්‍ය සිද්ධියක්. අපේ දෙමව්පියන් ඒ ගීතයෙන් හෝ යම්කිසි පාඩමක් ඉගෙන ගත්තා නම් ඔවැනි ඛේදවාචක සිදුවීම අවම කරගන්න තිබුනා. අනේ ඇයි අපේ රටේ අගහිඟකම් ඇති මිනිස්සු මේ තරම් අසරණ? (නි)

:       0       0

පෙත්තා Monday, 14 October 2013 07:45 PM

පව්...මේ අවිහිංසක දරුවන්ට මතු අත්භවයේ අකල් මරණ නොවේවා! සසරගමන කෙළවර නිවන් දකිත්වා! (නි)

:       0       0

පාඨක Tuesday, 15 October 2013 07:52 AM

මල්ලිලා, ඔයාලා එහෙම මල් කඩන්න යන්න එපා (නි)

:       0       0

දුමින්ද Tuesday, 15 October 2013 09:02 AM

දුෂ්කර පළාත්වල දරුවන්ට ආරක්ෂාව , ප්‍රථමාධාර ගැන දැනුම නැත්තටම නැති තරම්, කවුරු හරි මේවා ගැන වැඩ පිළිවෙලක් කරන්න. ඔබට පින්. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 603 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 294 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1094 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site