සමාජයේ බලය, ධනය හා සම්බන්ධතා යනාදියෙහි අසමතුලිතභාවය, දෙමාපියන් ඉතා කාර්යබහුල ජීවතයක් ගත කිරීම, නීතිය ක‍්‍රියාත්මක නොවීම නිසා ඉහල තලයන්හි වැජඹෙන දූෂිතයන්ගේ අකටයුතුකම් හා මාපිය සරණ අහිමිවී නෑදෑයින් අතට පත්වීම, වැනි කරුණු ශ්‍රී ලංකාවේ පසුගිය කාලයේ පුරා වාර්තා වූ කාන්තා හා ළමා දූෂණ වලට හේතු වී ඇති බවත් ඒවා අතුරින් සියයට අසූවක්ම සිදුවීම් වයස අවුරුදු දහසයට අඩු දැරියන් කෙළෙසීම හා විවිධ අපචාර වලට ලක්වීම සම්බන්ධයෙන් වන ඒවා බවත් පීඩා විඳින්නන්ට යුක්තිය සංවිධානයේ විසාකා තිලකරත්න මහත්මිය කියයි. මෙවැනි සිද්ධි පිළිබඳව දැඩි හඬක් නැගීම, ළමයි සියල්ලෝම අප සැමගේය යන හැඟීම වර්ධනය කර ගැනීම, තම දූ දරුවන් ගැන දැඩි අවධානයකින් සිටීම, නිවසින් පටන්ගෙන කාන්තාවන්ට හා දරුවන්ට සුරක්ෂිත පරිසරයක් ගොඩ නැගීම යන කරුණු ක‍්‍රියාවට නැංවීමෙන් අපචාර කටයුතු වලට පෙළඹෙන්නන් ඉන් වළක්වා ගත හැකිවනු ඇතැයි ඇය පවසති.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තරුෂ, ඉන්ටනෙට් හරහා එන කාම වෙබ් අඩවි තහනම් කිරීම හොදයි.
බණ නම් කියාවි හාමුදුරුවරු. කාගෙන් හරි සල්ලි ටිකක් අරගෙන ප්‍රකාශයන් කර කර ඉන්නැතුව වෙන ඵලදායී වැඩක් කළොත් හොදයි නේද?
කුඩා දරුවන් පවා නොමිනිසුන්ගේ ගොදුරු බවට පත්කර ගන්නා සමාජ රටාවක් තුල අනිවාර්යයෙන්ම එල්ලුම් ගස ක්‍රියාත්මක කළ යුතුයි
දැන් දැන් ලංකාවේ සිදුවන සිදුවීම් අනුව බැලූ විට, විශේෂයෙන්ම වයස අවුරුදු 40-50 අතර ගිහි පැවිදි පිරිමි අය වයස අවුරුදු 14-16 දැරියන් සමඟ කාම සම්භෝගයෙහි නිරතවීම බහුලව දක්නට ලැබේ.එවැනි දැරියනුත් කිසිදු වග විභාගයක් නැතිව තමන්ගේ පියාටත් වඩා වැඩිමහල් එවැනි පිරිමින් සමඟ කායික මෙවුන්දම් සේවනයට යොමුවී ඇතිබවක්ද මේ සිදුවීම් හරහා පෙනී යයි.තමන්ගේ පියාටත් වඩා වැඩිමහල් පිරිමින් කෙරෙහි කාම හැඟීම් ඇති කරගෙන ඔවුන් සමඟ යහන්ගතවීම කෙසේ නම් එවැනි වයස අවුරුදු 8-14 අතර දැරියකට මානසිකව කෙසේ බලපානු ලබයිද කියලා මට නම් හිතාගන්න වත් බැහැ.අඩුම තරමින් එවැනි දැරියකට ඇයි ඒ වගේ වයසක පිරිමි ගැන හිතට කාම ආශාව ඇති වෙන්නේ.අනික ඕන තරම් තමන්ගේම වයස්වල කොල්ලෝ සමාජයේ ඕන තරම් ඉද්දී. මෙවැනි සමහර දැරිවියෝ හරි ආසයි මානසිකව තමන්ගේ පියා දක්වන ආදරය වගේ උනුසුමක් ආදරයක් තමන්ගේ ලිංගික සහකරුගෙන් ලබන්න. බොහෝවිට මෙවැනි තත්වයන්ට පහසුවෙන් ගොදුරුවන්නේ පියා නැති පවුල්වල ලාබාල දැරියන්බව පර්යේෂණවලදී පෙනී ගිහින් තියෙනවා.සමහර දැරියන්ට හරිහැටි පිය සෙනෙහසක් ලැබිලා නැහැ. . මේ තත්වය තමන්ගේ සම වයසේ කාන්තාවකට දක්වන ආදරයට වඩා වැඩිබව පෙනී යනවා. මේ තත්වය මුළු මනින්ම මානසික ස්වභාවයක් මත සිදු කෙරෙන දෙයක්. සමහරු හිතන්නේ මේක සම්පූර්ණයෙන්ම කාමාශාව මතම පමණක් රඳා පවතින දෙයක් කියලා.ඒත් ඒ අදහස වැරදියි. සයිසොෆ්‍රොමේනියා තත්වයට හුඟක්ම හේතු වන්නේ කුඩා කාලයේදී යමෙකුට අත්විඳීමට ලැබෙන කායික හා මානසික අපයෝජන තත්වයන් කීවොත් ඒක තමයි නිවැරදිම අර්ථකථනය මේ පිළිබඳව දැනට තියෙන.
කැමිලස්, සේවය කරන්න ඕනෙ තරම් කට්ටිය ඉඳියි.අනික හැම දේම වාගෙ ඒකත් පිනට ලබා ගන්න වාගෙ හදන්නෙ.නීති ගත කරණව කියන්නෙ ක්‍රමවේදයක් අනුව.ඔබතුමා හිතනව ඇත්තෙ ලැයිම් කාමරෙයි,පාලම යටයි,මුඩුක්කුවෙයි හැම තැනටම බලපත්‍ර දෙනව කියලද?ඒවට වෙනම ප්‍රදේශයක් වෙන් කරන්න ඕනෙ.අඩු වයස් අය ඇතුල් කර නොගන්න ලෙස ප්‍රධාන පිවිසුම් මාර්ග සකස් කල යුතුයි.රටක් උනාම හැම දේටම මිනිස්සුන්ට නිදහසක් තිබිය යුතුයි.දුම් වැටි,මත්ද්‍රව්‍යත් එහෙමයි.ගෙන්නල වෙළඳපලට දානවා.ඒ උනාට බොන මිනිස්සුන්ට දඩ ගහනවා.ලෝකෙ ගැන පොඩ්ඩක් විපරමින් විවෘතව බලන්න.අපි කොච්චර හිරවෙලාද ඉන්නෙ කියල ඔබතුමාට දැනෙයි.
සමහරු දැන් හිතනවා ඇති මේකත් රාජ්‍ය සේවයක් ලෙස සළකා රජයේ රැකියා දුන්නොත් හොදයි කියලා
පාලකයන් ඇයි තවමත් නිහඬව ඉන්නේ
අපිට දැන් නියම පිරිසිදු බුද්ධාගමක් නෑ.දැන් ලෞකික ජීවිත ගත කරන මිනිස්සු හැම දේම කරන්නේ මුදල් උපයා ගැනීමේ අරමුණින් පමණයි
තමන්ගේ ආරක්ෂාව තමන්ම තමයි බලාගන්න ඕනි
වැඩිහිටියන්ගෙ නොසැලකිල්ල නිසා ළමයින්ට ගොඩාක් මෙවැනි දේවල්වලට මුහුණ දෙන්න සිදුවෙලා තියෙන බව කිවයුතුයි
අපේ ජනාධිපතිතුමා මැදිහත් වෙලා හරි ඔය තහනම් කර ගෙන යන මඩ වෙබ් අඩවි (ඒවයෙත් තියෙන්නෙ කුණුහරුප තමයි වැඩිය) සහ කාම වෙබ් අඩවි යන සියල්ලම තහනම් කරන්න පුලුවන්නම් රටටම තුන් පිරිත කීවා මෙන් සෙත් ශාන්තියක් උදා වනු ඇත
වහාම ගණිකා සේවය නීති ගත කරණු.
කැමිලස් ඔබ හරි, පාලකයන් අවශ්‍ය නිතිය සම්පාදනය කල යුතුය.
ඔය නීතිගත කිරීමෙනුත් ලැබෙන්නෙ තාවකාලික වින්දනයක් පමණයි. ඕව නීතිගත කරපු එංගලන්තය වැනි රට වල් ළමා මව්වරු වැඩිම රටවල් ලෙස වාර්ථා තබා ඇත. ඉන්ටනෙට් හරහා එන කාම වෙබ් අඩවි තහනම් කරන්නේ නම් ඊට වැඩි සෙතක් සැලසෙනු ඇත. ටෙලිපෝන් සේවා සපයන්නන්ට මුදල් උල්පත් වැනි මේවා තහනම් කරාවි යයි බලාපොරොත්තු වීමද සිහිනයක් ම පමණි
කැමිලස්, බර වැඩියිද මන්දා
අවුරුදු 18 සීමාව අවුරුදු 16 තෙක් ඉදිරියට රැගෙන ආ යුතුයි. ගණිකා වෘත්තිය සහ ගබ්සාව නීතිගත කළ යුතුයි
ප්‍රගීත් : ගණිකා සේවය නීතිගත කලොත් සේවය කරන්න ඔයාගේ කට්ටිය එවනවද? ඔය නීතිගත කරන්ඩ කියල කියන අය මානසික විකෘතිකාරයෝ. එහෙම්මම නීතිගත කලත් නොමිලේ සේවයක් දෙන්නේ නැහැ. දුෂණය තවත් වැඩිවෙන එකයි වෙන්නේ. සල්ලි තියෙන කොට එහෙ යන අය සල්ලි නැති කොට නැවතත් අහිංසක ළමයින් ගොදුරට නොගෙන ඉඳීද? අනික පාසල්යන පිරිමි ළමයින් මේවට අදික ලෙස ඇබ්බැහි වෙන එකයි වෙන්නේ. තමුන්ගේ අමාරුව නැති කරගන්ඩ මෙවැනි අවස්ථා වලින් අයුතු ප්‍රයෝජන ගන්න අයත් ඉන්න බව පෙනී යනවා.
වැරදි කරුවන්‍ට රටේ තියෙන ඉහලම දඩුවම දිය යුතුයි....
මම යෝජනා කරන්නේ ලිංග අප්‍රාණිකත්ව එන්නතක් ලබා දීම හෝ නලල මත විශේෂ පච්චයක් කෙටිම මැනවයි බවයි
ඔය වගේ පවුකාරයින්ව නිරුවත් කරලා ප්‍රසිද්ධියේ වෙඩි තියනවා ඇරෙන්න ඔලුවෙන් හිටගෙන කිවුවත් ඒ අය හැදෙන්නේ නෑ
හොඳ පුවතක් මේක...
වැඩේනම් හොඳයි.....