මීටියාගොඩ බටපොළ අවුරුදු 13යි මාස 11ක හැවිරිදි දැරියක සමූහ දූෂණයට ලක් කළ බව කියන තිදෙනෙක් බලපිටිය මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබන 30 වැනි දා තෙක් රිමාන්ඩ් කරනු ලැබූහ.
අම්බලන්ගොඩ කළුවඩුමුල්ලේ ත්‍රිරෝද රියදුරු දියගමගේ නිරෝෂන් කුමාර නොහොත් වල් අඹයා, විලේගොඩ පේදුරු හේවා සුමුදු ඉෂාන් හා වටවල පත්තිනිරාලලාගේ චන්නක නිශාන්ත නොහොත් චන්න පුතා එසේ රිමාන්ඩ් කරනු ලැබුවෝ වෙති.
දැරිය රෝහල් ගත කරනු ලැබ සිටී.
විඩියෝ දිපාල් ද සිල්වා

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මය වගේ නරුමයෝ ලවා බරපතල වැඩ ගත යුතුය. (ර)
අම්බලන්ගොඩ කියන්නේ කීමටනම් සිංහල බෞද්ධ කියල... අනේද කියන්නේ... මේ සිංහල අපගේ රටයි.. (ම)
මේ මිනිස්සුන්ට මොනවා වෙලාද කියලා තේරෙන්නේ නැහැ (නි)
අනේ දෙවියනේ! (නි)
බටපොල දැරියගේ වයස වෙනස් වෙන්නේ කුමක් නිසාදැයි නොදනිමි. මේ ඊයේ දින පළ වූ පුවතම වෙන්න ඇති සිතමි. කෝ මේ කලින් වතාවේ කැ ගහල උද්ඝෝෂණ කල කට්ටිය. (අ)
මේ අයට මුහුණ වහගෙන යන්න ඉඩදෙන්න එපා. මේ වගේ අය රටටම පෙනෙන්න ගෙනියන්න ඕනෑ. (නි)
මේ වාගේ හිතක් පපුවක් නැති අදම මිනිසුන් සිටින සමාජයකයි අද අප ජීවත් වන්නේ. (අ)
ඬුවම් කරන්න මහජනයාට ඉඩදෙන්න ඕන රජකාලේ දඬුවම් ලබා දෙන්න. (ර)
පවු අහිංසක මල් වගේ ජීවිත! එම දැරියට සාධාරණයක් ඉටුවේවා! (නි)