2011 වසරේ අවුරුදු 16 අඩු ළමයින් කෙළෙසීමේ සිදුවීම් 1169ක් වාර්තා වන බවත්, 2012 ජනවාරි 31 වැනිදා තෙක් එවැනි සිදුවිම් 117ක් වාර්තා වන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියයි. මෙම සිදුවීම්වලින් සියයට අනූ පහක්ම සම්පූර්ණයෙන් විසදා සැකකරුවන් අත්අඩංගුවට ගත් බවද, ළමා අපරාධවලින් වැඩිපුරම වාර්තා වී ඇත්තේ අනුරාධපුරය,අම්පාර, කුරුණෑගල, මොණරාගල, රත්නපුර, පොළොන්නරුව, පානදුර, මාතලේ, හලාවත, කෑගල්ල, තංගල්ල , මහනුවර සහ ගම්පහ ප්‍රදේශවලින් බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ප්‍රකාශ කරයි. අජිත් රෝහණ මහතා වැඩිදුරටත් පවසන්නේ මෙවැනි අපරාධ වැලැක්වීමේ අරමුණිනේ මේ වසරේ දැනුවත් කිරමේ වැඩසටහන් 5280ක් පවත්වා ඇති බවයි. මෙවැනි අපරාධ ගැන 0112826444 දුරකතන අංකය තොරතුරු ලබා දිය හැකි බව ද ඔහු කියයි.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දකුනු ආසියාවේ ආශ්චර්ය කියන්නේ මේකද?
ගණිකා වෘත්තිය නීතිගත කරන්න ඕනේ එතකොට මේ අයට අහිංසක මල් කැකුළු නොතලා සල්ලිවලට තමන්ගේ අවශ්‍යතාව ඉටුකරගන්න පුළුවන්. රටක් විදියට හොරකම, සුරාව, ප්‍රාණ ඝාතය, බොරුව කරන්න පුළුවන් කාමයේ වරදවා හැසිරීම නීතිගත කිරීම වරදක් ද ?
පොලීසිය නිදාගෙන ද ඉන්නේ. රටේ අපරාධ වැඩිවෙන්නේ රාජකාරියක් නොකරන නිසා බව මින් පැහැදිලියි.
මේක නවත්තන්න පියවරක් නැද්ද ?
ගවයන් මැරීම සම්බන්ධයෙන් පාන විරෝධය ළමියන් කෙලසීම සම්බන්ධයෙන් දක්වන්නේ නැති රටක්නේ ලංකාව.
මාධ්‍ය විශේෂයෙන්ම රූපවාහිනී මාධ්‍ය ළමුන්ට හානිකර වැඩසටහන් නවත්තන්නේ නැහැ. දෙමාපියන් දරුවන්ගේ ඇස් ඒවායින් ඉවත් කළ යුතුයි.
මෙ 1286 න්,සිද්දින් කියක් පසල තුලදි මෙන්ම පිටතදි,ගුරුවරුන් හ විදුහල් පතිවරුන් අතින් සිද්ද වෙන්න ඈතිද?