ජාතික ඖෂධ ප‍්‍රතිපත්තියට අනුව මිල අඩු කෙරෙන ඖෂධ ලැයිස්තුව ලබන සිකුරාදා (23) ප‍්‍රකාශයට පත් කරන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පාර්ලිමේන්තුවේදී අද (20) පැවසීය.
ජාතික ඖෂධ ප‍්‍රතිපත්තිය හඳුන්වා දුන් මහාචාර්ය සේනක බිබිලේ මහතාගේ අනුස්මරණ උත්සවය එදින පැවැත්වෙන අතර එහිදී මෙම ඖෂධ ලැයිස්තුව ප‍්‍රකාශයට පත් කරන බව ද ඇමතිවරයා කීවේය.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ කළුතර දිස්ත‍්‍රික් ජනතා විමුක්ති පෙරමුණු මන්ත‍්‍රී නලින්ද ජයතිස්ස මහතා නැගූ ප‍්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බලමු කන්දක් විළිලා වැදූ මී පැටියා මොනවගේද කියලා (නි)
අඩුකළා කිවුවට අඩුවෙයිද? (නි)
අනේ! දියවැඩියා බෙහෙත් වල මිල අඩුකරනවා නම් ලොකු දෙයක් (නි)
මේකත් තවත් එක රැවටීමක් වෙන්නත් බැරි නැහැ (නි)
සුම්ත් මොකද ඔයා මේ දියවැඩියාවට බටහිර බෙහෙත් මතම යැපෙන්නේ ඕක " නිට්ටාවටම" සනීප කරන අය අපී පත්තර වල ඉන්නවා ! අදාළ තැන වලින් අහල බලන්න (අ)