වකුගඩු ජාවාරමට සැකපිට මිරිහාන රැඳවුම් කදවුරේ රඳවා සිටියදී පැන ගොස් සිටිය දී මන්නාරමින් යළි අත්අඩංගුවට ගත් ඉන්දියා ජාතිකයන් පස් දෙනා ලබන 24 වැනි දා තෙක් රිමාන්ඩ් කරන ලෙස මන්නාරම මහේස්ත‍්‍රාත් එ්.ජී.ඇලෙක්ස්රාජා මහතා නියෝග කළේය.
සැකකරුවන් එදින කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ද නියෝග කළේය. සැකකරුවන් පැන යෑම ගැන කරුණු කීමට අධිකරණයේ පෙනී සිටින ලෙස මිරිහාන මූලස්ථාන පොලිස් පරීක්ෂකට නියෝග කැරුණි.
ඡායාරූප රොමේෂ් මධූෂංඛ



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මිරිහාන මුලස්ථාන පොලිස් පරීක්ෂකට අධිකරණය ඉදිරියේ පෙනිසිටින්න නියෝග කරන්න ඇත්තේ මොකද කියලා අපිට හිතාගන්න පුලුවන් (නි)
වකුගඩු ජාවාරමට සැකපිට අත්අඩංගුවට ගත් මොවුන් මොකද මිරිහාන රැඳවුම් කදවුරේ රඳවා තබාගත්තේ? මොවුන්ව රිමාන්ඩ් භාරයට දැම්මේ නැත්තේ මොකද? කරන්න පුළුවන් ඔක්කොම වැඩ අපේ රටේ කරලා, රැඳවුම් කඳවුරෙන් පැනලා ගමේ යන්න හදපු මේ නඩය, නඩු අහලා දඬුවම් දෙනකම් රක්ෂිත බන්ධනාගාර ගතකළොත් නරකද? (නි)
මේකට උගත් දැනුවත් මහත්මා ගතිගුණ ඇති 'දොස්හොරලා' එහෙම සම්බන්ද නැද්ද? (නි)