මිරිහාන පොලිස් ක්‍රීඩාංගනය අසල දී පෙරදින රාත්‍රියේ අත්අඩංගුවට ගත් සුදු පැහැ රියේ තිබී මිලිමීටර් නවය ගිනි අවියක් සහ උණ්ඩ 13 සොයා ගත් බවත්, එහි සිටි තිදෙනාගෙන් අයකු කමාණ්ඩෝ බළකායේ සෙබළකු බවත්, අනෙක් දෙදෙනා පාබල හමුදාවේ බවත් පොලිසිය කියයි.
සැකකරුවෝ උසාවියට ඉදිරිපත් කිරීමෙන් පසුව නුගේගොඩ මහේස්ත්‍රාත් වැඩ බලන මහේස්ත්‍රාත් සුනීතා නානායක්කාර මහත්මිය විසින් රුපියල් ලක්ෂය බැගින් ඇප මත මුදා හරිනු ලැබුහ.
අතපත්තු මුදියන්සේලාගේ හර්ෂණ සමීර අතපත්තු, විතාරණගේ වසන්ත, හේරත් මුදියන්සේලාගේ සුගත් සේනක හේරත් එසේ රිමාන්ඩ් කරනු ලැබුහ.
වාහනයේ තිබුණේ ව්‍යාජ අංකයක් බවත්, එහි ඇතුළේ තිබී තවත් අංක තහඩුවක් හමු වූ බව පොලිසිය කියයි.
මිරිහාන පොලිසියේ රථවාහන අංශයේ උප පොලිස් පරීක්ෂකවරයකු වාහන පරීක්ෂා කරීමෙන් පසු සැකකරුවෝ ස්ථානාධිපතිට බාර දෙනු ලැබූහ.
මේ අතර ආරක්ෂක අමාත්‍යංශයේ මාධ්‍ය කේන්ද්‍රය පවසනුයේ යුද හමුදා පොලිසිය ද මේ ගැන පරීක්ෂණ අරඹා ඇති බවයි.
එම සෙබළුන් වැරදිකරුවන් වුවහොත් යුද හමුදා පනත අනුව තරතිරම නොබලා ඔවුනට දැඩි දඬුවම් දෙන බව යුද හමුදා බ්‍රිගේඩියර් ජයනාත් ජයවීර කියයි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නියම සුදු වැන් අයිතිකාරයෝ කවුද කියා දැන්වත් හඳුනාගන්න බලමු.(ම)
ඒ කියන්නේ දැනුත් සුදුවෑන් තියෙනවා.? මහින්දගෙයි ගෝටා ගෙයි ආරක්ෂාවට දාන්න ඇති.(බ)