යාපනයේ මිරිසුවිල්ලේදී වැසියන් අට දෙනකු ඝාතනය කිරීමේ නඩුව කොළඹ මහාධිකරණයේ දී අද විභාගයට ගත් අවස්ථාවේදී පැමිණිල්ලේ සාක්කි සම්පිණ්ඩන දේශනය ඇරැඹිණි.
ගුණපාලන් රවි වීරන් ,සෙල්ලමුත්තතිවකුලසිංහම්, විල්වරාසා ප්‍රදීපන් (13) නදීරන් ජයචන්ද්‍රන් , සින්නයියා විල්වරාසා (40) කදිරගාමර් චන්ද්‍ර (35),ඥානචන්ද්‍රන් ශාන්ත (15) හා විල්වරාසා ප්‍රසාද් (05) 200.12.19 වැනිදා මරා දැමීයැයි හය වැනි ගජබා රෙජිමේන්තුවේ ලාන්ස් කෝප්‍රල් සුනිල් රත්නායත,ලුතිනන් සේනක මුණසිංහ,ලාන්ස් කොප්‍රල් ටී එම් ජයරත්න , පුෂ්ප සමන් කුමාර් හා කෝප්‍රල් ජෙමිණි මුණසිංහ චෝදනා ලැබ සිටිති.
විශේෂ මහාධිකරණයේ ජී සුරසේන (සභාපති ) ලලිත් ජයසුරිය විනිසුරු හමුවේ නියෝජ්‍යය සොලිස්ටර් ජනරාල් සරත් ජයමාන්න මහතා අද පැමිණිල්ලේ සාක්කි සම්පිණ්ඩන දේශනය ආරම්භ කළේය.
මුලින්ම චාවකච්චේරි උසාවියේ විභාග වු නඩුව ඉන් පසු අනුරාධපුරයටත් එතැනින් කොළඹටත් මාරු කැරිණි.
ජනාධිපති නීතීඥ අනිල් සිල්වා විත්තිය වෙනුවෙන් පෙනී සිටියේය.
වැඩිදුර විභාගය මැයි 27 වැනිදාට කල් තැබිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැරදිකරුවන් බවට ඔප්පු වුනොත් උසාවියෙන් දඩුවම් කරයි. නීතිපති දෙපර්තමෙන්තුවත් පුළුවන් උපරිම උත්සාහයක් දරයි මොවුන් වැරදිකරුවන් කරන්න ,මොකද අපට විරුද්ධව ජ්‍යතරන්තරයෙන් කෙරෙන මානව හිමිකම් චෝදනා වලින් ගැලවෙන්න. (ස)
මම නම් කියන්නේ වැරදිකරුවන්ට උපරිම දඩුවම් දෙන්න කියලයි (නි)
උසාවියේ අහන නඩුගැන අපිට තීන්දු ගත හැකිද ළමයිනේ? (නි)
ඉවක් බවක් නැතුව දරුවන්, සාමනේරවරුන් ඝාතනය කළ කොටි දැන් හොඳයිද? සටන් බිමේදී දිවි පුදමින් කොටින් විනාශ කළ අපේ රණවිරුවන්ට එරෙහිව ප්‍රතිචාර දාන්නේ සිංහල අය නම් වෙන්න බැහැ. (නි)
දැන් මේකට මොනවා වෙයිද දන්නෙ නැහැ නේද? (නි)
නිකම්ම රණවිරුවන්ට එරෙහිව නඩු දාන්නේ නැහැ. මේ මැරුම්කාපු අය කොටි කියලා චන්ද්‍රා කොහොමද කියන්නේ? හොඳින්ම පෙනෙනවා තුන් දෙනෙක්ම අවුරුදු 5, 13, 15 ළමයි. වරදක් කර තිබේ නම් දඬුවමක් ලැබිය යුතුයි. (නි)
එහෙනම් තවත් අර සමහරු යෙහෙන් වැජඹෙන්නේ. කෝ නඩු? (නි)
මේක කවදාද සිද්ධ වුණේ? (නි)
අපි ඉතින දන්නවනේ අපේ උසාවියේ වැඩ. තව අවූරුදු කීයක් යයිද තීන්දුවක් දෙන්න? එතකොට චුදිතයෝ ඉඳීද දන්නෙත් නැහැ (නි)
මේක කවදා සිදුවුණත් ලෝකයටම දැනෙන්න වැරදිකරුවන් දඩුවම් ලබන බව නම් ඒකාන්තයි (නි)
වරදකරුවන්ට දඩුවම් ලැබෙනවා නම් ඒ ඇති (නි)
හේතුවක් නැතුව මරන්නේ නැහැනේ. (නි)
යුද්ධයේදී මේවා සාමාන්‍ය දේවල්. රණවිරුවන්ට සමාව දෙන්න ඕනෑ කියලයි මට නම් හිතෙන්නේ. (නි)
නඩු භාණ්ඩ, චූදිතයෝ ඔක්කොම ඉන්නවා, කීපදෙනෙක් මැරිලා කියලත් ඔප්පු වෙලා තියෙනවා. හොඳම විහිළුව තමයි උසාවියේ පෙරකදෝරුවෝ ඒගොල්ලන්ගේ අර්ථකතන දාලා තර්ක විතර්ක කරලා, ඔප්පු කරන්න තරම් සාක්ෂි බලවත් නැහැ කියල නිදහස් කරලා දාන එක . යුක්තිය සාධාරණත්වය හරියට ඉටුවෙන්ට ඕන නම් මේ තියෙන නඩු ඇසීමේ ක්‍රමය ( සාක්ෂි දෙන්නන්ට නිදහසේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය බාධා නොකොට, ඔවුන්ව බියගන්වන්නේ නැතුව ) විත්තිකරුගේ පෙරකදොරුවගේ අනසකට සාක්ෂිකරුවන් පත්කරගැනීමේ ක්‍රමය වෙනස්කර අවංකවම විත්තිකරුවා හෝ විත්ත්කරුවෝ අපරාධය හෝ වරද කර ඇති බවට හැගෙනවානම් නිසි දඬුවම් ලබාදීමේ අරමුණක් ඇතිව නඩු ඇසීමේ ක්‍රමයක් ගැන සිතිය යුතුයි. නැතිනම් සාක්ෂි දුර්වලයි කියල චූදිතයෝ නිදහස් වෙනවා. නිවැරදි කරුවෙක් දඬුවම් ලබන්න හොඳ නැහැ. නමුත් අපරාධ කාරයෝ දඬුවම් නොලබා බේරී යන විදියට කටයුතු උසාවියකින් කෙසේවත් සිදුනොවිය යුතුයි. එහෙම උනොත් එක සහගහන අපරාධයක්. මැරුණු අටදෙනවා මරල තියෙන්නේ පිටසක්වලින් ඇවිල්ල කියලයි හිතාගන්ට තියෙන්නේ. අවාසනාවකට මුදල් නිසා මේවා වෙනස් කරන්ට කාටවත් උවමනාවක් නැහැ. නිතිය විතරක් නොවෙයි මුළු ලෝකෙම අන්ධයි. (ස)