පුත්තලම අනුරාධපුර මාර්ගයේ හතරේ කණුව කන්ද අමාරුවෙන් නගිමින් සිටි ලොරියකින් මිරිස්ගෝනි 10ක් හොරෙන් බා ගත් බව කියන දෙදෙනෙක් අත්අඩංගුවට ගත් බව පුත්තලම පොලිසිය කියයි.
කොළඹ සිට යාපනය බලා ගිය මෙම ලොරියේ රියදුරාට සහ සහායකයාට නොදැනෙන පරිදි සොරුන් මිරිස් ගෝනි බාගෙන ඇතැයි ද, මීට කලින් ද මෙවැනි සොරකම් සිදු වී ඇතැයි ද පොලිසිය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොරුත් එක පාර පොහොසත් වෙන්න මිරිස් මිටි දහයක්ම අරගෙන. මෝඩ හොරු. එකක් දෙකක් ගත්තානම් ඕක අහුවෙන්නෙත් නැහැ.(නදී)
උපාලිට නම් හොදට පළපුරුද්දක් තියෙනවා වගෙයි (නි)
මිරිස්නේ හොරකම් කළේ. දඩුවමත් සැරට දුන්නොත් තමා හොද (නි)
හේවාවිතාරන ,ඔයා යන්නේ කොහේද?මල්ලේ පොල්නේ? (නි)
කැකිල්ලේ රජුරුවෝ නැති නිසා හොඳයි. නැත්නම් දඬුවම් කරන්නේ කන්ද හෙමින් ඇද්ද රියදුරාට. නැද්ද මං කියන්නේ ? (නි)
නැද්ද මටත් හොද්දකට ටිකක් ඉල්ලා ගන්න? හචීස් ...හචීස් ...හචීස් ....හා හාහ් හචීස් ... (නි)
පුත්තලම අනුරපුර මාර්ගයේ අමාරුවෙන් යන්න තරම් කඳු නැහැනේ (නි)
මේ වැඩේ කුරුණෑගල-දඹුල්ල පාරේදීත් ඔමාරගොල්ල කන්දේදී රෑට සිද්දවෙනවා. කොළඹින් යන බඩු ලොරි කන්ද නගින්නේ හෙමින් නිසා හොරුනට ලේසියෙන් බඩු ගෝනි බාගන්න පුළුවන්. (නදී)
මිරිස් එතරම්ම බරද? එහෙමනම් එම ලොරිය මෙයට අවුරුදු සියයකට පෙර ලංකාවේ තිබුණු දඬු ෆෝර්ඩ් ලොරියක් වෙන්න ඇති (නි)
මේක ලොරියක් වෙන්න බැහැ, බර කරත්තයක් වෙන්න ඇති (නි)
කොකු....?...හ්ම්ම්....මැඩකොකු මාළුවා ගැනද මේ අහන්නේ? (නි)
මිරිස් කුඩු ටිකකුයි බටේකුයි ගත්තනම් ඉතිරි හොරකම් ටිකත් එළියට ගන්න පුලුවන්.(නදී)
කොකු දාලද ඇදලා ගත්තේ? (නි)
දයා අලහකෝන්, ඇත්ත. ඉස්සර දවසක් මමත් තවත් නිලධාරීන් පිරිසකුත් කොළඹ සිට ඕමාරගොල්ල හරහා මහා රෑ ගමන් කරද්දී පාර මැද බඩු පිරවූ ගෝනියක් දැකලා රියදුරු වාහනය නැවැත්තුවා. අපි ඒ ගෝනිය මොකක්ද බලන්න යනකොට කැලෑවෙන් මිනිහෙක් මතුවුනා. ඔහු අපට තර්ජනාත්මක ස්වරයෙන් කිව්වා 'ඕක මහත්තයලගේ නෙමෙයිනේ. ඔහොම තියලා යන ගමන යන්න' කියලා. අපට පෙනුනා තවත් කොල්ලකරුවන් පිරිසක් ඒ අසල කැලයේ ඉන්න බව. අපේ වාහනයේ සටහන් කර තිබුන අප සමග ගමන්කළ උසස් නිලධාරියාගේ තනතුර ආදිය. ඒ නිසා අපි බේරිලා ආවා කොල්ලකෑමට ලක් නොවී. (නි)
මිරිස් හොරු කව්ද? මිරිදස් ලොරිය කාගෙද?(නදී)