(අංජුල මහික වීරරත්න)
අනුරාධපුර ගොවි මහතෙක් මිරිස් අස්වැන්නෙන් ඉහලම ආදායමක් උපයමින් වාර්තාවක් පිහිටුවා තිබේ.
කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් හදුන්වා දී තිබෙන අධි ඝනත්ව වගා ක්‍රමය( High Density Cropping System)භාවිතා කරමින් අනුරාධපුර දිස්ත්‍රික්කයේ සිවලාකුළම, පුලියන්කුළම පදිංචි එච්. එම්. ඒ. පීරිස් ගොවි මහතා මෙම ආදායම් වාර්තාව තබා ඇත.
කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසුයේ අක්කර භාගයක මිරිස් වගා කර මෙම ගොවි මහතා රුපියල් ලක්ෂ 70ක් උපයා ඇති බවයි.
මින් පෙර අක්කර භාගයක මිරිස් වගා කිරීම මගින් වැඩිම ආදායමක් උපයා තිබුනේ යාපනයේ ගොවි මහතකු වන අතර ඔහු අක්කර භාගයක මිරිස් වගා කිරීම මගින් රුපියල් ලක්ෂ 50ක මුදලක් උපයා තිබූ බව අමාත්‍යාංශය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කටකට... මේ දවස්වල කප්පම් කාරයෝ බලාගෙන ඉන්නේ කාවද මරවන්නේ කියලා... අර අහිංසක ගොවිමහතාට අයියනායක දෙවියන්ගේ පිහිටයි.
ගොවි මහතාත් නැහැ, මිරිසුත් නැහැ...
හොඳ වැඩක්...
තවමත් ආදායම් බදු දෙපාර්තමේන්තුවට කිව්වේ නැතෙයි මහත්තයෝ... ඉක්මණින් ඔවුන්ට දන්වන්න ඔය ගොවිමහතාට ඔහොම ප්‍රචාරයක් දුන්නාම ඔහුගේ ආරක්ෂාව සැලසීමත් කරන්න පුළුවන් නම් ඉතාමත් හොඳයි... පුළුවන් නම් එතුමාට ජාතික ලැයිස්තු මන්ත්‍රී තනතුරක් දෙන්න බලන්න...