IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


මාරුවීම් සදහා හොද ක්‍රමවේදයක්

(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්ක)

ගුරු අධ්‍යාපනඥ සේවයේ  සහ අධ්‍යාපන පරිපාලන සේවයේ ස්ථානගත කිරීම් සහ මාරුවීම් සඳහා වඩාත් යහපත් ක්‍රමවේදයක් සකස් කරන බව අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය  අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී පැවසුවාය

කාරක සභාවට  පැමිණ  මන්ත්‍රීවරුන් පෙන්වා දුන්නේ ගුරු අධ්‍යාපනඥ සේවයේ සහ අධ්‍යාපන පරිපාලන සේවයේ ස්ථානගත කිරීම් සහ මාරුවීම් සම්බන්ධයෙන් ගැටලු සහගත තත්වයක්  පවතින බවයි.

විශේෂයෙන්ම උතුරු මැද පළාත සඳහා පසුගියදා පත්  කළ නිලධාරීන් 6 දෙනෙකු  අතරින් 5 දෙනෙකු  නැවත ස්ථාන මාරුවීම් ලබාගෙන ඇති බවද ඔවුහු ප්‍රකාශ කළහ.

ඒ අනුව මේ සම්බන්ධයෙන් දීර්ඝව කාරක සභාවේ අවධානය යොමුවිය.  අදාළ පත්වීම් ලබාදීමේදී නිලධාරීන් සම්බන්ධ මානුෂීය කරුණු පිළිබඳවද සලකා බැලිය යුතු බව මෙහිදී සාකච්ඡා විය.

එසේම සේවා අවශ්‍යතාවය පිළිබඳවද නිලධාරීන් ස්ථානගත කිරීමේදී සැලකිලිමත් විය  යුතු බව මෙහිදි අග්‍රාමාත්‍යවරිය පෙන්වා දුන්නාය.

එසේම ගුරු අධ්‍යාපනඥ සේවයේ සහ අධ්‍යාපන පරිපාලන සේවයේ ස්ථානගත කිරීම් සහ මාරුවීම් සම්බන්ධයෙන් මේ දක්වා විධිමත් සැලැස්මක් හෝ ක්‍රමවේදයක් ක්‍රියාත්මක වී නොමැති බවත් මේ වන විට ඒ සම්බන්ධයෙන් පිළියම් සකස්කරමින් සිටින බවත්  අැය  පැවසුවාය.

මීට අමතරව ආබාධිත සිසුන් විශ්වවිද්‍යාලවලට ඇතුළත් කිරීම සම්බන්ධයෙන් අවශ්‍ය පියවර හැකි ඉක්මනින් ගන්නා ලෙසද අග්‍රාමාත්‍යවරිය නිලධාරීන්ට උපදෙස්  දුන්නාය. එසේම මෙම අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව විසින් පත් කරන ලද අනු කාරක සභා හයෙහි ප්‍රගතිය සම්බන්ධයෙන්ද අදාළ අනු කාරක සභාවල සභාපතිවරු  කරුණු ඉදිරිපත්කළහ .

මෙම අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව සභාවට  පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු නිලධාරීන් පිරිසක් සම්බන්ධ වූහ.



අදහස් (0)

මාරුවීම් සදහා හොද ක්‍රමවේදයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 152 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 148 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 952 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site