
කම්කරු හා මහජන සම්බන්ධතා අමාත්‍යවරයාව සිටියදී උපයා ගත් ආකාරය හෙළි කළ නොහැකි අන්දමේ රුපියල් කෝටි පහළොවකට අධික දේපළ සහ මුදල් ඉප වූයේ යැයි කියන හිටපු අමාත්‍යය මර්වින් සිල්වා මහතාට එරෙහිව අල්ලස් කොමිසම කොළඹ මහාධිකරණය හමුවේ අද නඩු පවරමින් අධි චෝදනා ගොනු කළේය.
අල්ලස් පනතේ 23 (1) ආ වගන්තිය යටතේ අයථා දේපළ උපයා ගනිමින් වරදවල් සිදුකිරීම යන අධි චෝදනා 03ක් යටතේ මෙම නඩුව පැවරීය.
කොළඹ හත ප්‍රදේශයෙන් කෝටි හතක ඉඩමක් මිලදී ගැනීම, කඩවත දළු පිටිය ප්‍රදේශයේ එක් කෝටි තුන් ලක්ෂයකට අධික වටිනාකමින් යුත් ඉඩමක් මිලදීගැනීම,අධි සුඛෝපභෝගී ජීප් රථ හතරක් මිලදී ගැනීම,කොල්ලූපිටිය පිත්තල හන්දියෙන් ඉඩමක් මිලදී ගැනීම,තම පුතු නාලකට කෝටි ගණනක් වටිනා අධිසුඛෝපභෝගී ජීප් රථයක් මිලදී ගැනීම,සිදු කරමින් රුපියල් 153479571.64 අය ඉතා මුදල් ලිපීම සම්බන්ධයෙන් මෙම නඩු වැවරීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගිය දවස්වල රාජපක්ෂ හොරෝ කියමින් එළියට බැස්සේ මේ වංචා අලුත් ආණ්ඩුවෙන් වහගන්නද කොහේද? මේ වගේ දෙපත් නයින්ට දඬුවම් දෙන්නම ඕනේ...
තනිකර හොරෙක්... අපි බලන් ඉන්නවා ආණ්ඩුවේ වැඩ හරියට වෙයිද කියලා...
ඔහුගේ පැත්තෙනුත් නිදහසට කරුණු කියන්න එපෑයෑ. ඉතින් නිගමන වලට එළඹෙන්න පෙර පෙමින් එන්නට පෙර ඔහුගේ නීතීඥයින්ගේ මාර්ගයෙන් උසාවියට කරුණු ඉදිරිපත් කරන්න ඔහුට තියන අයිතියට ගරු කරමු.
මෙයා ඒ කාලේ ආදායම් බදු කීයක් ගෙවලා තියෙනවද කියලා බලන්න. එතකොට ලේසියි. අනික පහුගිය කාලේ වත්කම් ප්‍රකාශ බලන්න. ආදායම් ලබන්න කොහේද? මොනවද කළේ කියලා අහලා බලලා, සොයා බලන්න.