මහජන සම්බන්ධතා ඇමැති මර්වින් සිල්වාගේ සම්බන්ධිකරණ ලේකම් ජේ ඩී තිලකසිරි හෙවත් හට් තිලකසිරි හා ආරක්ෂක නිලධරයකු කොළඹ ඩී ආර් විජයවර්ධන මාවතේදී පැහැරගෙන ගොස් ඇතැයි පොලිසිය කියයි.
ඔහු ගමන් කළ මොන්ටිරෝ ජිප් රිය ඩී ආර් විජයවර්ධන මාවතේ තිබී සොයා ගත් බව මරදාන පොලීසීය කියයි.
වාහනයේ පැති වීදුරු පහත් කර තිබී ඇති අතර ජංගම දුරකතන දෙකක් හා සපත්තු දෙකක් සොයගෙන ඇත.ජීප් රථයේ යතුර ඒ අසල පාරේ තිබී හමු වී ඇත.තිලකසිරි ධනවත් ව්‍යාපාරිකයෙකි. උත්සව වලට මඩු කුඩාරම් සපයන නිසා ඔහුට හට් තිලකසිරි යන නම පටබැදී ඇති බවත් කියති.සදුදා රාත්‍රී 10 ට පමණ ඔහු නිවසින් පිටවීයැයි ඔහුගේ බිරිය මරදාන පොලීසියට පවසා ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගොඩක් දවසකට පස්සේ මර්වින්ගේ නම දැක්කේ (නි)
කප්පන් සම්බන්ධීකරණය කරපු කෙනා නේද මේ? (නදී)
කිරි අප්පට බල්ලෝ බුරපි කිවලු (නදී)
මම නම් නෙමෙයි එදා මම ලංකාවේ හිටියේ නැහැ. (ස)
එයා එයාවම පැහැරගෙන එයාවම මරා ගනීද දන්නේ නෑ. කොහොමටත් දැන් දැන් එන පොට හොඳ මදි. (ස)
කර්මය ...කරන කලට පව් මීරිය මී සේ ..විඳින කලට පව් දැඩි වෙයි ගිනි සේ. (ස)
මේකත් රගපැමක්ද දන්නේ නැහැ (නදී)
කළකම් පලදේ...... (ස)
පැණි වරකා ගහටත් හෙන ගහමින්ද එන්නේ...?කලින් පුතා දැන් ලේකම්.(නදී)
පිස්සුනේ කව්ද ඕවා ගනන් ගන්නේ.(නදී)
මේක එක්තරා ජවනිකාවක් කියල මම හිතන්නේ . මර්වින්ට ඉහලින් එක වවුලෙක් පිහාබන්නේ නැහැ . (නදී)
බල්ලෝ බුරපි? මෙච්චර තකහනියේ...මාධ්‍ය වේදියෝ ආත්මෙත් මාරු කලා එහෙනම්?(නදී)
අනේ! (නි)
කුම්බලා මාලු කෑවා නම් විදවාපන් බළලෝ කිවුවලු (නි)
හෙට අනිද්දා මේ නැති උන උදවිය එලියට ඇවිත් කියාවිද අපි අපිවම පැහැර ගත්තා . කවුරුත් අපව පැහැර ගත්තේ නැහැ කියල . නැතිනම් මාධ්‍ය විසින් ගොතපු බොරුවක් කියලා (දිල්)
එකත් එකටම මෙයාටත් පිට රටකට පැන ගන්න ඕන වෙලා ඇති.ලේසිම ක්‍රමය ඔහොම ඒවනේ.(දිල්)
ලිස්ට් එකේ ඊළගට ඉන්නේ කවුද දන්නේ නැහැ නේද? (නි)
බිනර, ඔබ හරි (නි)
ඔහුට මොන ඉරණමක් අත්වේවිද දන්නෙ නැහැ (නි)
කවුරුත් කලබල වෙන්න එපා. තව සතියක් ඇතුලත සියල්ල විසදේවි (නි)
ඔහුට හිරිහැර කරයිද දන්නෙ නැහැ (නි)
පුතාට ගහපු කට්ටිය හොයා ගත්තද? හොයා ගන්නවා කියලා කියපු නිසයි ඇහුවේ. (නි)
ගස් බැදලාද දන්නෙ නැහැ (නි)
තණ්හා ....ආශා ...කෙලෙස මාර සේනා. අන්ත වාදයේ කනගාටුදායක කතා...(අ)
මේකත් අරගොල්ලන්ගේ වැඩක් කියාවි . (නි)
එයා එයාවම පැහැර ගත්තා වෙන්න බැරිද?? (ස)